Tag: විහඟ පියාපත්

අකලංක සවස නවාතැනට පැමිණියේ දැඩි වෙහෙසකිනි. බන්ධනාගේ ඇසුර නිසා වූ මානසික වෙහෙස උපරිම විය. අකලංක එහෙමම යහනට වැටුණේය. අනතුරුව යමක් සිහිවූවාක් මෙන් කුඩා පරිඝනකය පාන ගන්වා එහි මුහුණු පොතට එබුණේය. සිතුවා සේම, ඇය; ශයිනි අන් ගිණුමකින් අමයුරු වෙත පණිවිඩයක් එවා තිබුණි. "අනේ මිස්ටර් අමයුරු , මට ඔයාට රීච් වෙන්න බැහැනේ......
ශයිනි හෝටලයේ නොමැති වගට තහවුරුවක් ගැනීමට අකලංක ට තිබූ එකම ක්‍රමය ඇයට කෙටි පණිවිඩයක් යැවීම වු නිසා අකලංක අමයුරු දිසානායක ගේ ගිණුමට පිවිසියේ ය. ඇය සිටින්නේ නුවර සිට පැමිණෙන අතර වාරයේ වග පැවසිණි. යම් කාරණා කිහිපයක් පැහැදිලි කරගැනීමට අවශ්‍ය නිසා සවස හයට පමණ  මැසෙන්ජර් ඇමතුමක් ගන්නා ලෙස පවසා අමයුරු...
ශයිනි පළමුව කලේ අමයුරු ට මිතුරු ඇරයුමක් යැවීමය. ඒ හා සමඟම කෙටි මැසෙන්ජර් පණිවිඩයක් ද යොමු කලේය. සිංහල අකුරු යොදා ගන්නට පරෙස්සමින් වූවාය. "හායි.. අමයුරු … මට ඔයා ලවා ආර්ටිකල් එකක් කරවගන්න ඕනි. කරුණාකරල මට පිළිතුරක් තියන්න …" ඕ අනතුරුව ටැබ් පරිඝනක පසෙකට තමා කල යුතු අනෙක් දෑ පිළිබඳව සිතුවාය. ගෑවුණු...
දින දෙක තුනක් ගෙවී ගියේ ශයිනි යම් නව අදහසක් වෙනුවෙන් සූදානම් වෙද්දීය. ඕ ඒ දින කිහිපයම ගෙවා දැම්මේ කොට්ටාවේ පිහිටි නිවසේදීය. හුදෙකලාව ඇගේ අදහස් වෙනුවෙන් ඇති ඉඩ තීවෘ කරන වග දන්නා නිසාම ඕ උන්නේ ඒ දින  කිහිපය උපරිමයෙන් භාවිතා කරමිනි. . . . ශයිනි මාකුඹුරට අධිවේගී පිවිසුමෙන් බෙන්ස් රිය ඇතුලු කෙරූ මොහොතේ පටන්ම...
අකලංක බියර් කෑනය හිස් කර පසෙකින් තැබුවේ ප්‍රබාත් වෙත පසෙක වූ ඩෙවල් පිඟාන පාමිනි. රූපවාහිනිය සැලකිය යුතු තරමේ හඬකින් ක්‍රියාත්මක වෙමින් තිබුණි. වසරේ විශිෂ්ඨතම තරුණ ව්‍යවසායිකාව සමඟ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවමින් උන් තරුණියගේ හඬ උස් හඬින් සාළය පුරා පැතිරී තිබුණි.  අකලංක රූපවාහිනිය දෙස බලමින්ම තවත් බියර් කෑනයක් විවෘත කලේය. සම්මාන ප්‍රධානෝත්සවයට...