Tag: සතුටු මන්තර

ඇසතු රුකක්, සඳුන් තුරක්, දේවදාර වෘක්ෂයක් සේ සයුරංගනා ට හදවත මැද්දේ යශෝදර ගේ සෙවන දැනිණ. සිව් දෙසට පෙනෙනා මහ සෑයක කොතක් සේ ඇයට නිති ඔහු පෙනිණ. අඳුරේ පිපී යොදුන් ගණන් සුවඳ පැතිරෙන ගැටරුක්අත්තන මල් පුසුඹක් මෙන් යන එන හැම තැනෙක ඈ පසුපස ඔහු ගැන හැඟීමක් පාව ආවේ ය. දහසක් වැඩ...
වරු නිවාඩුවක් ගෙන යශෝදර ගෙදර ආවේ යතුරුපැදිය දමා මෝටර් රථය ගෙන යන්නට ය. ඔහු එන විට මල්ලිකා ගෙදර නො සිටියා ය. අම්මා ගෙදර නො වීම යශෝදර ට අසවැසිල්ලකි. ඇය සිටියේ වී නම් අසනා හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට සිදු වේ. එය ඔහු ට වදයකි. ජයරත්න ද මහ ගෙදර ගොස්...
සයුරංගනා යශෝදර සමගින් ගමේ ගිය එක ගැන තිලකා ට වූයේ ඊර්ෂ්‍යාවකි. යශෝදර සමග තනිව ගියේ වී නම් ඇය බලා සිටියේ ගෙදර පැමිණි පසු දෙස් තියන්නට ය. නමුත් ඒ ගමනට පාරමී ද එක් වූ බව දැන ගත් විට එසේ කිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේ ය. ඒ වෙනුවට, නැන්දම්මා වශයෙන් ගමේ...
යශෝදර ට මහ පාන්දර ම අවදි විය. සැබවින් මුළු රාත්‍රිය පුරා ම ඔහු ගැඹුරු නින්දකට අවතීර්ණ වූයේ නැත. විටින් විට නින්ද කැඩිණ. ඇතැම් විට පුරුදු කාමරය නොවීම නිසා විය හැක. කොහොමටත් ඔවුන් නිදන්නට සූදානම් වූයේ ද මැදියම් රැය ඉක්ම ගිය පසු යි. ඒ වන තුරු කට්ටිය ම අල්ලාප සල්ලාපයේ...
සයුරංගනා ගමේ යන්නට සූදානම් වූයේ සෙනසුරාදා උදයේ ය. සිකුරාදා පෙර පාසලෙහි මාසයක නිවාඩුව ලැබිණ. ගමේ යමු කියා ඇය පෙරැත්ත කළ ද ජයරත්න ඊට එකඟ වූයේ නැත. ගෙදර කිසිවෙකු නැතිව සතියක් පමණ වසා තබනා එක සුදුසු නැතැයි ඔහු කීවේ ය. සොර සතුරු කරදර කිහිපයක් ම වටින් පිටින් ආරංචි වී තිබේ....
මංජුල  සයුරංගනා ට අතවර කරන්නට පැමිණි බව දැන ගැනීම යශෝදර තුළ ඇති කළේ බරැති හැඟීමකි. තමන් අතින් බරපතල වරදක් සිදු වූවා වන් පසුතැවීමනින් ඔහු පීඩා විඳින්නට වූයේ ය. එය වගකීමක් පැහැර හැරීමකට අදාල පශ්චත්තාපයකි. මංජුල ගේ බොටුවෙන් අල්වා මිරිකන්නට තරම් ඔහු කෝපයකින් දැවේ. ඒ වෙලාවේ අහු වුණානම් මංජුල ඉතිරි...
ට්‍රයිඩැක්ස් මිටියාවතෙහි ශෝකී හුදෙකලාවක් වේ. මන්දාරම් ගතිය නිසා වෛවර්ණ අහසක් නැත්තේ ය. බුම්මාගෙන හිඳින අහස කොයි මොහොතක හෝ කඩා වැටී ඒ බරින් නිදහස් වනු ඇත. සයුරංගනා සුසුමක් හෙළුවා ය. ඇගේ හදවතෙහි වන්නේ කඳුළක් හෙළා සැහැල්ලු කර ගත නො හැකි බරකි. මංජුල නිසා ඇති වූ ප්‍රශ්නය ඇති කළ වේදනාව තවමත්...
තමන් ගේ බඳ වටා වෙළුණ දෑත් වල අයිතිකාරයා මංජුල බව සයුරංගනා දුටුවේ කෑගසන්නට දැරූ උත්සාහයත් සමග පිටුපස හැරී හිස ඔසවා බැලීමේ දී ය. ඇයට කේන්තියක් සේ ම අප්පිරියාවක් ද දැනිණි. ඕ මංජුල ගේ ග්‍රහණය සිය දෑතින් ඉවත් කිරීමේ උත්සාහයක් දැරුවා ය. නමුත් ඒ අත් බාහු දඬු අඬු සේ ය.  "අත...
ගේ ඇතුළේ වගේ ආරක්ෂාවක් පිටත ලෝකයෙහි නොවන බව සයුරංගනා දැන සිටියා ය. නමුත් තමන් ගේ හැසිරීම බොහෝ දේවල් තීරණය කිරීමෙහි ලෑ බලපෑ හැකි බව ඇය විශ්වාස කළා ය. කලා ක්ෂේත්‍රයේ ඕපාදූප, පොදු සමාජයේ හැම කෙනෙකුගේ ම වාගේ සවන වැකේ. ගමේ ගොඩේ මිනිසුන් පවා කලා ලෝකයේ ප්‍රකට චරිත වල පෞද්ගලික...
ඉනික්බිති සියල්ල යහපත් ලෙස සිදු වෙමින් පැවතිණ. සතියකට දින තුනක් සයුරංගනා තුලන ටීවී හි උදෑසන වැඩසටහන ඉදිරිපත් කළා ය. දවසින් දවස ඇගේ ප්‍රතිභාව ද ප්‍රභාව ද ඉස්මතු වන්නට විය. ඉක්මනින් ම ඇය තරුවක් වී රසික හදවත් වල පායා දිළෙන්නට ගති. අසල්වැසියන් අතරේ ඕ වෙනදාට වැඩියෙන් ගෞරවනීය වෙමින් සිටියා ය....