Tag: සතුටු මන්තර

දානයට සයුරංගනා ගේ මාපිය සහෝදරාදීන් පැමිණියේ මීට පෙර වතාවල පැමිණි හිතේ බරින් නොවේ. යශෝදර ඔවුන් ගේ හිස් මතින් ඒ බර නිදහස් කොට තිබිණ. "කවුද හිතුවෙ අක්කෙ මෙහෙම දෙයක්. අපි නෑදෑයො වෙන්න යනව කියල හිතනකොටත් මට නිකං විශ්වාස කරගන්න බෑ වගේ" දානය පිසිනා කටයුතු වල මූලිකත්වය ගෙන වැඩ කරනා ගමන්, දෙදෙනාට තනි...
ජයරත්න විසින් කපා දෙනු ලැබූ ලොකු කෙසෙල් කොළයකට, සයුරංගනා පාරමී සමගින් එක්ව කිරිබත වැඩෙව්වා ය. මේසය මත කහවන් ව ඉදුණු කෙසෙල් ඇවරි දෙකක් ද කැවිලි වර්ග කිහිපයක් ද සකසා තිබිණ. අලුත් නිවස සඳහා අත්තිවාරම් කපනා පිරිස තව ටික වෙලාවකින් කිරිබත් කන්න එන්න නියමිත ය. මීට ටික වෙලාවකට පෙර ගමේ ස්වාමීන්...
ඉනික්බිති උදා වූ දවස් වලට යශෝදර වඩාත් රිසි වූයේ ය. පෙර කවර කලෙකවත් නොවූ විරූ තරම් වගකීම් සහගත බවක් ඔහු ගේ හිස මත පැටවී තිබිණ. නමුත් ඒ සියල්ල පුළුන් පොදක සැහැල්ලුවක් බවට පත් වන්නට ගත වන්නේ එසඳි ගේ කිරි සිනහවක් දකිනා තරම් සුළු කාලයකි. නැත්නම් සයුරංගනා ගේ මුව දෑස්...
ජීවිතය අපට අවැසි පරිදි, අප බලාපොරොත්තු වන පරිදි සැලසුම් කළ හැකිසීමාවක් තිබේ. ඒ සීමාවෙන් එපිට වන්නේ අපේ පාලනයෙන් තොර කලාපයයි. එහිදීදේවල් සිදු වන්නේ යම්කිසි බලවේගයකට නතුව ය. අප දෛවය කියා කියන්නේ, ඉරණමකියා කියන්නේ, ස්වභාව ධර්මය කියා කියන්නේ, නැතහොත් දෙවියන් කියා කියන්නේඑකී බලවේගයට විය යුතු ය. ගිම්හාන් ගේ ජීවිතය සම්බන්ධයෙන්...
ලංකාව තුළ පැහැදිලි ඍතු භේදයක් නැත ද මේ උදා වී තිබෙන්නේ ශරත් සමය යයි මිදුල අමදින ගමන් සයුරංගනා ට සිතිණ. ඉඩම් කට්ටි කිහිපයකට එපිටින් වන රබර් යායේ රබර් ගස් කොළ හලමින් නිරුවත් වෙමින් සිටී. කහ දුඹුරු පැහැයකට හැරුණු, නටුවෙන් ගිලිහුණු පත් සිය දහස් ගණනින් සුළඟ සමග එක්ව අහසේ ඉගිලී...
සයුරංගනා ට්‍රයිඩැක්ස් මිටියාවත දිග දිවගෙන ගියා ය. ඇයට ඉකි ලලා හඬන්නට තරම් දුකක් ද කේන්තියක් ද ආත්ම අසරණකමක් ද දැනේ. මිටියාවත මත්තෙහි රත් පැහැ හිරු කිරණ කදම්බයක් පතිත වී තිබේ. බැස යන හිරු රක්ත වර්ණ ව ඉදුණු පළතුරක් සේ බටහිර අහසේ එල්ලීගෙන හිඳී. නමුත් ඒ කිසිවක සුන්දරත්වයක් දකින්නට තරම්...
සෙනසුරාදා උදයෙන් ම සැලෝන් එකට විත් යශෝදර කොණ්ඩා රැවුල් කපා ගත්තේ ය. නැත්නම් සති අන්තයේ පෝලිම දිගු ය. යතුරුපැදිය ළඟට විත් හෙල්මට් එක අතට ගත්දී ම "යශෝදර" කියනා ගැහැනු හඬක් නැඟිණ. යාබද වෙළෙඳ සැලක සිට කඩිනම් ගමනින් ඔහු වෙත එමින් සිටියේ ශක්‍යා ය. "ශක්‍යා..." යශෝදර යළිත් හෙල්මට් එක බයිසිකලයේ හැඬලය මත...
හැන්දෑවේ ගෙට ගොඩ වූ යශෝදර ට සයුරංගනා අම්මා ගෙනා මංගල යෝජනාව ගැන කියන්නට ගියේ නැත. කොහොමටත් ඇය ඒ හිතට නො ගත්තා ට ඉක්මනින් ම එය හිසරදයක් වන බව නම් දැන සිටියා ය. නමුත් යශෝදර ට කියා ඔහු ගෙන් පිහිට පැතිය හැකි සීමා දැනට ද පසු වී ගිහින් තිබේ. අනිත්...
ජීවිතය වූ කලී පහසු තැනිතලා මාර්ගයක් දිග යන ගමනක් නොවේ. ඒ මාර්ගය පහසු තැනිතලා ඔස්සේ සේ ම දුෂ්කර ගිරි දුර්ග, වන දුර්ග ජල දුර්ග ඔස්සේ ද වැටී තිබිය හැක. ගමන විටෙක පහසු ද විටෙක අපහසු ද වනු ඇත. නමුදු අපට අපහසුයි කියා නතර විය හැකි නොවේ. හැර දා පියා...
සමාන සංඛ්‍යාත වලින් හදවත් සුසර වන මිනිසුන් එක් වූ විට එතැන ඇති වන්නේ ඉතා පහසු වූ දිව්‍යමය සුවයකි. එය හුස්ම ගන්නටත් හිතන්නටත් දොඩන්නටත් වඩා සුවපහසු කලාපයක් නිර්මාණය කරයි. ඊට වඩා වෙනස් සංඛ්‍යාතයන්ට අදාල මිනිසුන්  එතැන නොවන තාක් ඒ සුවබර බව වෙනස් නොවී පවතී. ඒ දවස් දෙක ඔවුන්ට දැනුණේ ද...