Tag: Life Stories

"අර නිලූලගෙ බලු තඩියගෙන් පුදුම වදයක් තියෙන්නේ." කුමුදු එහෙම කිව්වේ පත්තරේ බල බලා හිටිය අජිත්ට.අජිත් පත්තරෙන් ඇස් මෑත් කරලා කුමුදු දිහා බැලුවේ ඕනවට එපාවට. "ඇයි?" එහෙම අහන්නේ අහන්න ඕනවට මිසක් ඇත්තටම තමන්ගේ ප්‍රශ්නේ ගැන උවමනාවකට නෙවෙයි කියලා තේරෙනකොට කුමුදුගේ කේන්තිය දෙගුණ වෙනවා. "එතනින් යනකොට උගෙ බිරිල්ල බලන්නකො.කනක් ඇහිල ඉන්න නෑ.." අජිත් බිරිඳ දිහා බැලුවේ...
"අම්මව ටික දවසකට ගෙන්නා ගන්න බැරි වෙයිද දුලාජ්.." නිකිණි දුලාජ් ගාවට ආවේ මුහුණට ලස්සන හිනාවක් අරගෙන. "අම්මා එයිද දන් නෑ නිකී.." දුලාජ් කිව්වේ දුක්මුසු ස්වරයෙන්.නිකිණිගේ අම්මා ජීවතුන් අතර නෑ.ඒ නිසාම කවදාහරි "නැන්දම්මා' වෙන අම්මාව අම්මා කර ගන්න හීනයක් නිකිණිට තිබුණා. "අක්කගෙ පොඩි අය දාලා එන්න බෑනෙ නේද?" නිකිණි අහන්නෙ හෙමින් සැරේ.ඇත්තටම ඇත්ත හේතුව දුලාජ්ගේ...
ආන්ටි..දැන් අඬන්න එපා.සිතාරාට දැන් හොඳයිනේ." හදිසි ප්‍රතිකාර ඒකකයේ මැෂින් වල ආධාරයෙන් හිටපු සිතාරා සාමාන්‍ය වාට්ටුවකට දැම්මට පස්සේ මං චන්දි ආන්ටිට කිව්වා.ඇත්තටම දැන් දැනෙන්නේ සැනසීමක්.ජීවත් වුණා ඇති කියලා හිතලා අත්තම්මාගේ බෙහෙත් පෙති බිව්ව සිතාරා මේ තරම් වෙලා හිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක. "දුව වගේ ඇට්ටර නැතුව හැදුණනම් මේ කෙල්ලත්.." චන්දි ආන්ටි කියන්නේ කඳුළු...
චමෝදි ෆෝන් එකත් අරගෙන වැට ළඟට ආවේ තාත්තාට හොරෙන් දුරකථන ඇමතුමක් ගන්න.සුදාර හයර් එකක් යන ගමන්ද දන්නේ නෑ.කොහොමහරි තාත්තා නාන අතරේ කෝල් එකක් ගන්න පුලුවන් වුණොත් නම් හරි.ඒත් සුදාර ඇමතුමට නොආව නිසා චමෝදි කෙටි තාප්පෙන් එහා පැත්තට ඇස් යැව්වා. "අලුත් කට්ටියක් ඇවිත්.." ලස්සනම ලස්සන සුදු පාට කාර් එක දිහා චමෝදි ටිකක්...
"මං ආවේ හිමාෂා මුණ ගැහෙන්න.." හිමාෂා තමන් ඉදිරියේ ඉන්න ගැහැනිය දිහා මොහොතක් බලා හිටියා."ඇන්ටි කෑල්ලක් වගේ"කියලා දුල්මිනි එක්ක ඇති වෙනකම් හිනා වුණාට මේ කාන්තාවට තියන අමුතුම දිස්නය තමන්ට නෑ කියලා හිමාෂාට නිකමට වගේ හිතෙනවා. "කියන්න.." හිමාෂා උත්සාහ කරේ සන්සුන්කමක් පෙන්වන්න.ඒත් හිත ඇතුළේ කම්මලක් වෙලා.නිකං එකක් නෙවෙයි.යකාගේ කම්මලක්.හිමාෂා අපාට්මන්ට් එකෙන් පහළ බැලුවා.තට්ටු පහළොවක්...
සමන්ත කාරෙක අරගෙන එනකම් ටානියා සහ ඇගේ තුන් හැවිරිදි පුත්‍රයා house of fashion  එක ඉස්සරහට වෙලා හිටියා.අලුතින් ගත් රොබෝව නිසා පුතාගෙ සුපුරුදු තොරතෝංචියක්  නැති ප්‍රශ්න කිරීම්වලින් මිනිත්තු කිහිපයකට මිදිලා සිටිමේ අවස්ථාව ඇයට  උදා වුණා.සැඳෑ හිරු කිරණ කිසියම් ශාන්ත බවකින් යුතුව විසල් මහල් ගොඩනැගිලි අතරින් පෙරී ටානියා ගේ මුහුණ මත...
"නැටුම් ඇඳුම මහන්න කලින් කියන්න ඔයා ඉන්නේ මොන පේළියෙද කියලා" දේවිකා සරනිගෙන් ඇහුවේ කල්පනාකාරී බැල්මකින්.තමන් ඉන්නේ තුන්වැනි පේළියෙ කියලා සරනි කියද්දී දේවිකාට යස්සයා ආරූඪ වුණා. "එයාට අවුරුද්ද පටන් ගන්නකොටම තෑග්ගක් යැව්වා.රහට කෑමක් හැදුවත් යවනවා..එහෙව් එකේ ඔයාව ඉස්සරහට ගන්න බැරිද?" දේවිකා කියන්නේ කේන්තියෙන්. ටීච සාරිය ඉස්කෝලේ වැඩවලට ගන්න නැටුම් කාමරයෙන්ම තිබ්බ බවත්, ගෙනියන රස...

තුන්වැන්නිය.

0
"මේ බ්ලවුස් එක මේ ට්‍රවුසර් එකට මැච්ද?" ඇඳ උඩට ඇඳුම් කීපයක් දාගෙන සකුනි ඇහුවේ මලීෂාගෙන්.මලීෂා සකුනිට ඇඳුමක් තෝරලා දුන්නේ හොඳට හිතලා මතලා. "මේකට ඇඟ වැහිලා වැඩියි අයියෝ.." සකුනි කියන්නේ මුහුණ නරක් කරගෙන. "ඔයාට ඉතින් ස්ලීව්ලස් ඇඳුම් ලස්සනයි තමයි.ෂේප් ඇඟක්නෙ තියෙන්නේ.ඒත් ඔෆිස් වැඩකට නිසා මම ඕක තේරුවේ.." මලීෂා කිව්වේ අහිතක් නැතිව.ලස්සනට අඳින්න,ලස්සනට ඉන්න, විලාසිතා කරන්න...
අදත් ඊයෙ menu එකමයි නෙ." බෙරි කරගත්ත විසල්ගේ මුහුණ මට ගෙන එන්නේ කේන්තියක් වගේම සතුටක්. "ඉතිං ඔයාටත් පුළුවන් මොනවා හරි හදාගන්න.මේක ඔයාගෙත් ගෙදර නෙ. කිසිම තහනමක් නෑ .ඔක්කොම අතට පයට ගෑනි කරල දෙනකම් ඉන්නැතුව යූටියුබ් බලල හරි මොනවා හරි හදාගෙන කන්න." මගේ ස්වරය විස කැවූ ඊතල මෙන් විසල් මත කිසිදු අනුකම්පාවකින් තොරව...
ඒ මීට අවුරුදු විස්සකටත් එහා දවසක්.එතකොට මම හිටියේ හත වසරේ.අපේ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයින්ට අනාගතයක් තියෙයි කියලා කවුරුත්ම විශ්වාස කළේ නෑ.අපිට ගුරුවරු නෑ.අපිට පොත් නෑ.අපේ අම්මලා තාත්තලාට සල්ලිත් නෑ. "කැත්තෙ උදැල්ලේ වැඩක් පුරුදු නොකර දොස්තර විබාගේ ගන්න යවපල්ලා.." ගමේ සල්ලි තිබුණු එකම මනුස්සයා, අබේසිංහ මුදලාලි අපේ අම්මලා තාත්තලාට දවල් රෑ නැතුව...