fbpx

ජීවත් වෙමු.

අදත් ඊයෙ menu එකමයි නෙ.”

බෙරි කරගත්ත විසල්ගේ මුහුණ මට ගෙන එන්නේ කේන්තියක් වගේම සතුටක්.

“ඉතිං ඔයාටත් පුළුවන් මොනවා හරි හදාගන්න.මේක ඔයාගෙත් ගෙදර නෙ. කිසිම තහනමක් නෑ .ඔක්කොම අතට පයට ගෑනි කරල දෙනකම් ඉන්නැතුව යූටියුබ් බලල හරි මොනවා හරි හදාගෙන කන්න.”

මගේ ස්වරය විස කැවූ ඊතල මෙන් විසල් මත කිසිදු අනුකම්පාවකින් තොරව මුදා හරිමි.අද මා සිටින්නේ ඉතාමත්ම රාජකාරි බහුල දිනයකය.

මේ සියලුම කතා බස් අතරේ කාර්යාලයේ පසුවදාට නියමිත රාජකාරි ලේඛන විස්තරය ලහි ලහි යේ සකසමින් සිටිමි.
මා එලවා එහි වගකීම් ගන්නට ඇස් දල්වා ගත්තෝ කිහිප දෙනෙක් වන අතර එවුන් සමගද නිල නොලත් සටනක නිරත වීමට මට සිදු වී තිබේ.

මෙතරම් වගකීමක් දරණ ධූරයක් දරමින් පවුලේ බර පැනෙන් අඩකට වඩා දායකත්වය දක්වන මා මෙහෙකාරියක මෙන් නිවසේ වැඩ කටයුතු සිදුකළ යුතුයැයි සිතන විසල් ගේ වැඩවසම් මානසිකත්වය සමග කෝපයෙන් පසු වෙමි.
රාජ්‍ය නොවන සංවිධානයක ඉතාමත් ඉහළ තනතුරක් හොබවන මගේ වැටුපට සරිලන ලෙස රාජකාරි කටයුතු කිරීමට නම් පැය විසි හතරත් මදි බව මා පමණක් නොව විසල් ඇතුළු පවුලේ සියලු දෙනා ම නොදන්නවා නොවේ.ඉතින් meal plan එකකට අනුව කෑම සකස් කර ඉවුම් පිහුම් කරන මට අද නියමිත මෙනුව වෙනුවට වෙනකක් වැරදි එලියට ගෙන ඇත.ඔව් කිසියම් වරදක් මා අතින් සිදු වී තිබේ.

විසල් පෙනෙන්නට නැත.කුස්සියෙන් කිසියම් කෑම සුවඳක් වහනය වෙයි. එහි සුගන්ධය පමණක් ම ඇට මිදුළු සිසාරා යාමට තරම් ප්‍රණීතය.විවාහ වී වසර කිහිපයක් ගත වී ඇති මුත් කුස්සියේ වැඩ රාජකාරි විසල් ට පුරුදු වී නැත්තේ මාගේ වරදක් නිසාවෙන් දෝ යැයි මට සිතෙයි.
මට සුපුරුදු කුස්සිය වෙනෙකෙකුගේ අතින් අවුල් වෙනු මට රිසි දෙයක් නොවේ.කුස්සියට පමණක් නොව විසිත්ත කාමරයේ සිට නිදන කාමරය ඇතුළු සමස්ත නිවස ත්,මිදුලේ ඇති තණකොළ ගහ පවා මාගේ සැලසුම් අනුව පමණක් සැකසී ඇත.එහි පැතිරී ඇත්තේ මගේ අණසකයි.

ඊට හේතු ලෙස මට නිතරම පෙනුනේ ඒ කිසිවක් කෙරෙහි කිසිදු උනන්දුවක් විසල් කෙරෙහි පෙනෙන්නට නොතිබීමයි.එහෙත් විශ්ව විද්‍යාලයේ අප දෙදෙනා හමු වෙද්දී ඔහු ප්‍රණීත අදහස් රැසක් උතුරමින් තිබූ යෞවනයකු බව කලකට පසු මට සිහිවේ.මා ඔහුට වශීවූයේද ඒ නිසා නොවේද ?

විසිත්ත කාමරේ අල්පෙනෙත්තක් බිම වැටුණද ඇසෙන නිහඬතාවක ගිලී ඇත.කුස්සියෙන් කිසිදු හඬක් නො නැගේ.තනියම පිසගත් දේ තනියමම අනුභව කරනවා දැයි කුකුසක් මා සිත ඇතිවේ.එය තමා තුළ ඇති කරන්නේ කිසියම් අප්‍රසන්නතාවයකි.
මෙසේ නිකරුනේ කල් මැරීමට කාලය නොමැති බව මට හදිසියේම සිහිපත් වේ.සැලසුම් සහගතව වැඩ කිරීමේදී එකදු තත්පරයක් හෝ විනාශ කිරීමට ඉඩ නැත.එකදු තත්පරයක් හෝ විනාශ වුවහොත් මගේ අනාගත සැලසුම් සියල්ලම වතුරේ යනු ඇත.තව වසර කිහිපයකින් මා සිටින්නේ යුරෝපයේ ප්‍රධාන නගරය ක මගේ සිහින රැකියාවේ මිස මෙහි නොවන බවට මා මටම තරයේ පොරොන්දු වී ඇත්තේ නොවේද?

විසල්ගේ උණුසුම් අතක් මා වටා දැවටෙයි.

“සේමිනී”

ඒ හඬෙහි කිසිදු අමනාපයක් නැත.මම පුදුමයෙන් දෑස් දල්වා ඔහු දෙස බලමි.

“එන්න !මම රසම රස කෑම ක් හැදුවා.ඇත්තටම මටත් කෑම හදන්න පුළුවන් වෙයි.ඔයා මම කුස්සිය ට යනවට කැමති නෑ කියල මම හිතන් හිටියෙ.ඔයාට වැඩ වැඩියි.ටයර්ඩ් කියල මට තේරෙනව.එන්නකො,කාලා රසයිද කියන්න”

කුස්සියේ කෑම මේසය මනාව සරසා ඒ මත කෑම තබා ඇත.මාස ගණනාවකින් අප කෑමකට පිටතට ගොස් හෝ සුපුරුදු මෙනුවෙන් පිට කෑමක් සාදා නොමැති බව මට සිහි ගැන්වේ.විසල් සහ පුද්ගලික ජීවිත ය රස කර ගැනීමේ සැලසුම් මගේ සැලසුම් අතරට එකතු නොවූයේ ඇයිදැයි මම නොදනිමි.
ඉකිගසා හැඬීමට තරම් දුකක් ,කල කිරීමක් මා වටා පැතිරේ.
“මෙච්චර රස කෑමක් හදල දීලා ත් මොකද මේ මූණ ඇඹුල් කරගෙන.පොඩ්ඩක් කාල බලන්නකො.මට කමෙන්ට්ස් දෙන්න”

විසල් සැහැල්ලුවෙන් පවසයි.පිටත පේර ගහේ indian robin කුරුල්ලන් දෙදෙනෙකු සිය පැටවාට කෑම කවමින් ගී ගයමින් නැලවිල්ලේ පසු වෙනු පෙනේ.ලේනෙකු කූඩුවක් සෑදීමට කිසියම් කෙඳි වර්ගයක් රැගෙන අත්තක් දිගේ ගමන් කරමින් සිටියි.ඈත නිල් අහසේ ටෙඩි බෙයාර් කෙනෙකුගේ හැඩයෙන් යුතු විසල් වලාකුලක් මා දෙස බලා සිටියි.සියලු වැඩ මොහොතකට අමතක කරන මම විසල් දෙස බලා සිනා සෙමි.

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

“හරිම රසයි විසල්.ඔයා කොච්චර දක්ෂද ?කොච්චර ලව්ලිද? මම හෙටින් පස්සෙ දවස් කීපයක් නිවාඩු ගන්නම්.වීකෙන්ඩ් ස් වැඩ නොකර ඉන්නම්.අපි දෙන්න කතා කරමු,කෑම හදමු,

විසල්ගේ දෑස් ආදරණීය සිනහවකින් පිරී ඇත.

“ජීවත් වෙමු”එය පවසන්නේ එය බව මට සිහිවෙයි.එදෙස මා බැලුවේ කලකින් බව සිහිවී සියුම් ලජ්ජාවක් මා වෙලා ගනී.

“ඔව් ජීවත් වෙමු”

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x