Tag: Mini stories

පාපොච්චාරණයක් ලෙස යමෙකු මෙය දකින්නට පුළුවන් වූවද එය එසේ නොවේ. මෙය මා විසින්ම මට කියාගන්නා වූ කතාවක් මිස කිසිවෙකු ඉදිරියේ, කිසිවෙකු වෙනුවෙන් මා විසින් කරන පාපොච්චාරණයක් නොවේ. බොහෝ අය මෙන්ම මමද ප්‍රේමය හැඳිනගත්තා යැයි සිතූ කාණ්ඩයකට අයත් විමි.එකී ප්‍රේමය නිසාවෙන්ම විවාපත් වන්නට තීරණය කළෙමි. සත් වසරක ප්‍රේමයක් විවාහයෙන් කෙළවර වීමට...
ගුරුතුමියක් රුපියල් 1000 ක නෝට්ටුවක් අතැතිව තම සිසුන් ඉදිරියේ නැගී සිටිනවා.  ඇය ඔවුන්ට කියනවා, “ඔබට මේ මුදල් අවශ්‍ය නම් ඔබේ අත් ඔසවන්න” කියා. පන්ති කාමරයේ සෑම අතක්ම ඉහළට යන අතර ගුරුතුමි මද සිනාවක් සහිතව බලා සිටිනවා.  ඉන්පසු ඇය නෝට්ටුව ගෙන එය අතේ පොඩි කර, “තවමත් එය අවශ්‍ය කාටද?” කියා අසනවා. නැවතත් සියලු අත්...
කාලයක් යනකල්ම පාරමීට ජීවිතේ ගැන දැනෙන හැඟීමවත් වෙන් කරගන්න පුලුවන් වුනේ නැහැ. අවුරුදු විසි තුනක් වෙනකල්ම පාරමීට තිබුණේ රණ්ඩු පිරුණ පවුලක සාමාජිකයෙක් වෙලා ජීවත් වෙන්න. අම්මගෙයි තාත්තාගෙයි අනියම් සම්බන්ධතා, ව්‍යාපාර ලෝකයේ ගැටලු, නෑදෑයොන්ගේ කුඩුකේඩුක අඩු නැතුව තිබුනා. ඒ හින්දම පාරමීට ඕනෑ වුනේ හැකි තරම් ඉක්මනට පවුලෙන් ඈත් වෙන්න. අවුරුදු...
අම්මාගේ සැත්කම රජයේ රෝහලක කරන්න වුණ එක ගැන ගඟන හිටියේ හිත් රිදීමෙන්. ඒත් පෞද්ගලික රෝහලක සැත්කම කරන්න ගඟනගේ අම්මා කොහොමටවත් එකඟ වුණේ නැහැ. ගඟනගේ මිතුරන් පවා  ගඟනගේ අම්මගේ අදහස වෙනස් කරවගන්න උත්සාහ කලත් ඒ උත්සාහය සාර්ථක වුනෙත් නැහැ. ඒ නිසාම ඒ සැත්කම පෞද්ගලික රෝහලක නොකර රජයේ රෝහලක කරන්න අම්මව...
ආශා වැඩ ඉවර වෙලා කාර්යාලයෙන් එළියට බැස්සා. වෙනදට වඩා කලින් ටිකක් වැඩ ඉවර කරගන්න පුළුවන් උන නිසා ඇය කලින් පිටත් වෙන බව නිමේශ්ට කෙටි පණිවිඩයකින් සඳහන් කරලා යැව්වා. හවස 6 වෙද්දි ගෙදර එන්න පුළුවන් උන නිසා මහන්සියටත් එක්කම ආශා ඇඳෙන් ඇලවුනා. " පුතේ අර ළමයා ඇවිත් "  ආශාගේ අම්මා ඇවිත් එහෙම...
විහඟිට සුදු ගවුම් දෙකක් තිබුණා. ඒත් පහුගිය    නිවාසාන්තර ක්‍රීඩා උත්සවේ දවසේ එක ගවුමක් ඉරිලාම ගියේ වැටක පැටලිලා. ගෙදර එනකල් බෑග් එකෙන් ඉරුණු තැන වහගෙන එන්න විහඟිට පුළුවන් උනා. ඒත්, ආයේම පාසැල් යන්න පුළුවන් තරමකට ඒ ගවුම මහගන්න නම්  පුළුවන් කමක් තිබුණේ නෑ. විහඟිගේ අම්මා ගවුම එලළන්න උත්සාහ කලත්, ඒක...
“කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවණේ නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් විදා මෝද සහනේ මංගල නැකතින් පෙම්බරයෙකු හා හෙට මා පිටවෙනවා ඒ ගැන හිතනා මොහොතක් පාසා දෙනෙත පිරී යනවා” කසුනි හිටියෙ ඇඳ උඩ වාඩිවෙලා සින්දුවක් අහන ගමන් තමන්ගෙ මංගල සාරිය අත ගගා. හෙට තමයි ඒ ලස්සන දවස. ඕනම කෙල්ලෙක් ජීවිතේ පෙරුම් පුරාගෙන බලාගෙන...
“මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියනවා මම වයස පාටයි කියල. එයා හරිම ලස්සනයි. සුදුයි. මම එහෙම නිලියක් වගේ ලස්සන එක්කෙනෙක් නොවුනට මම ලස්සනට ඇඳල කරල ඉන්නාව. ඒ උනාට එයා හැමතිස්සෙම මට කියනවා මම හරිම නාකි පාටයි ආච්චියෙක් වගේ කියලා. අනේ මට හිත හදාගන්න දෙයක් කියන්නකො එයා ඒව කියන්නෙ ආදරේටද?” තමන් ඉන්න කාන්තා සමූහයක...
2039 අවුරුද්ද  ගාල්ල පොලිස් ස්ථානය කොණ්ඩය සහ රැවුල වඩවා උන් තරුණයා උන්නේ බියපත්ව බව පෙනුන නිසාම මම  ඔහුව මා වෙතට ගෙන්වා ගත්තෙමි… . රාජකාරි අවසන් කරලා පොලිස් ස්ථානයෙන් පිටවෙන්න සූදානම් වෙද්දීමයි මම  කොල්ලව දැක්කේ.  බය වෙලා වට පිට බල බලා ඉන්න කොල්ලව   ඒ බයේම දාලා යන්න මට  හිත දුන්නේ නැත . ඒ...
නජිත්ටයි හිමේශාටයි නිවුන් දරුවන් ලැබුනා. දෙන්නාගේම අම්මලා මුල් මාස තුනේම නජිත්ලාගේ ගෙදර නැවතිලා දරුවන්ගේ වැඩ වලට උදව් කලා. ඒත් මාස තුනෙන් පස්සේ අම්මලා දෙන්නාටමම තවදුරටත් නජිත්ලා එක්ක රැඳෙන්න නොහැකි වෙන යම් යම් කාරණා තිබුණා. හිමේශාගේ නංගීට විදේශ ශිෂ්ඃයත්වය අනුමත වුන නිසා ඇය විදෙස් ගත වෙන්න නියමිතව තිබුනා. එහෙම ගියාම...