Tag: Mini stories

“ඔයා තව දුරටත් ඔය ගැන හිත හිත හිටියොත් වෙන්නෙ ඔයාට ඔයාවම එපා වෙන එක” ඒමි එහෙම කිව්වෙ කුශීට. කුශී ඉන්නෙ මීට අවුරුදු දෙකකට විතර කලින් වෙච්ච බ්‍රේක් අප් එකක් නිසා හිත් වේදනාවෙන්.බ්‍රේක් අප් එකක් දුකයි තමයි. ඒ උනාට පොඩ්ඩක් හරි හිත හදාගන්න මේ අවුරුදු දෙක ගෙවනව වෙනුවට කුශී කරේ තමන්ගෙ...
උමා තමන්ගේ ස්ථීර නිවස උන ළමා නිවාසයේ ගේට්ටුව දිහා බැලුවේ බලාපොරොත්තු දල්වාගත් දෑස් වලින්. මාස කීපයකට තමන්ට අම්මා තාත්තා වෙච්චි ඒ ආදරණීයයන් දෙන්න ආයේ එයිද කියලා උමා හැමදාම මග බැලුවා.ඇයට ඕන උනේ ඒ ගෙදර හැදුන රස කෑම බීමවත් , සැප පහසු ජීවිතයවත් නෙමෙයි , අම්මා කෙනෙකුගෙයි තාත්තා කෙනෙකුගෙයි ආදරේ....
මේ නිවසේ බොහෝ කාර්යයන් ඉටු වන්නේ මා අතිනි. ගෘහ සේවිකාවක ලෙස වැඩ ඇරඹු දිනයේ පටන් මම මගේ කටයුතු පිළිවෙලකට සහ ඉක්මනින් කරන්නට අමතක නොකළෙමි. එනිසා මගේ ස්වාමි දුව මා කෙරෙහි වූයේ අප්‍රමාණ පැහැදීමකි. සියල්ල වෙනස් වූයේ මා ගර්භනී වූ බව ඈ දැන ගත් පසු ය. අද මුළුතැන්ගෙයි ඉඳුල් බඳුන් කිසිවක් දක්නට...
ඕනෑම දියණියකගෙ ප්‍රථම ප්‍රේමය වන්නේ තාත්තාය.මා ද එවැනි දියණියකි.තාත්තා පස්සේම වැටි ජීවිතය ගෙවන්න කුඩා කල සිටම මට ඕනෑ විය. මගේ අනාගතය කෙසේ වුවත් තාත්තාව ඇස් මානයේ තබා ගැනීම මගේ අරමුණ විය. හෘදයාබාධයක් නිසා හදිස්සියෙ මියගිය අම්මාව සිහිපත් කරමින් තාත්තා මහ රෑට කඳුළු සලන බව මට ඕනෑ තරම් දැනී ඇත. ”...
කනිෂ්ක මතක ඇති කාලෙක ඉඳන් පුරුදු වෙලා හිටියේ සැහැල්ලු ජීවිතයක් ගෙවන්න. වැඩි බරසාරකම් නැතිව දවස ඉවර කරන්න. රජයේ රැකියාවෙන් වසර පහක දේශීය නිවාඩු දාලා නාගරික ගොවිපලක් කරන්න පටන් ගත්තේත් ඒ සැහැල්ලුව ජීවිතේට තව හොයාගන්න හිතාගෙන. විවාහයක් ගැන අදහසක්වත් තිබුණේ නැති වුණත්, අම්මාගේ හිත හදන්න ඕනි කමට මනමාලියෝ බලන්න යන ගමන්...
බ්‍රියට්‍රිස් ආන්ටිගේ සද්දේ ඉස්තෝප්පුව පැත්තෙන් ඇහෙනකොට මම යන්න ආව ගමන නවත්තලා කාමරේම හිටියා. උදේ පාන්දර අපේ ගෙදර එන්නේ, සවින්ත ගැන මොකක් හරි කියලා අම්මගේ ඔලුවත් අවුල් කරලා, අය්යවත් අවුස්සලා, තාත්තා ට හවස් වෙනකල් කල්පනා කරන්න මාතෘකාවක් හදලා දෙන්න කියලා මම හොඳටම දන්නවා. සවින්ත බ්‍රියට්‍රිස් ආන්ටිගේ දුවගේ විශ්ව විද්‍යාලයේ දේශකවරයෙක්...
මාලතීලා අලුත් ගෙදරට ආවේ පුතාව හොඳ ඉස්කෝලෙකට දාගන්න ඕන නිසාමයි.  සල්ලියි බලයයි ඔක්කොම තියෙන නිසා කොලේජ් එකට පුතාව දාගන්න එක කරගන්න එක මහ ලොකු දෙයක් උනෙත් නෑ.  ඉස්කෝලෙ තියෙන්නෙත් ගේ ළඟ හන්දා පුතාව ඉස්කෝලෙට දාන එකත් ඉතින් මාලතීටම කරන්න පුලුවන්.  අසිත ඉතින් රස්සාව කලේ ටිකක් දුරක හන්දා ගෙදර ඔක්කොම වැඩපල ටික කරගන්න...
අලුත් පත්වීම් යටතේ ඔෆිස් එකට හතර දෙනෙක් එනවා කියන ආරංචිය සැනින් පැතිරිලා ගියා.  එතරම් වැඩ නොතිබුන දවසක් නිසා හැමෝටම ඒ එන අය ගැන ඕපාදූප කියවන්න ඕනෑ තරම් වෙලා තිබුණා. අමාත්‍යංශයෙන් වැඩ බාර ගන්න ඇවිල්ලා තියෙන අය ගැන විස්තරයක් අරගෙන එන කෙනෙක් වටේට හැමෝම එකතු වෙවී ඕපාදූප ඇහුවා. “හතර දෙනාම දැක්කා… ...
මම පහළ මිටියාවත දෙස බලා හුන්නෙමි. කන්ද පහළ ඇත්තේ පටු මාවතකි.මා මේ මාර්ගය දිගේ මෙතරම් දුරක් පැමිණි බව මට විශ්වාස කරන්නට නොහැකි තරම් ය. “ඇත්තටම ඔය ළමයිව මේ කාලෙ හොයන්න අමාරුයි ළමයෝ..” විදුහල්පතිතුමා මට උපරිම කාරුණික හඬින් පැවසී ය. ඔහු බොහෝ කල් සටන් කරන්නට ඇත.බොහෝ දෑ අත හරින්නට ඇත.මට එසේ කරන්නට...
“තාත්තා ඇයි අම්මේ අපිව දාලා ගියේ?” ඒ මගේ දියණිය ජැස්මින් නිතරම මගෙන් අහන්න පුරුදු වුණු ප්‍රශ්නයක්.මම ඒ වෙලාවට හෙමින් සැරේ එයාගේ ඔලුව අත ගානවා. “තාත්තට යන්න හිතෙන්න ඇති..” මං ඊටපස්සේ හෙමින් කියනවා. “මගේ යාළුවො ඉන්නවා තාත්තා මැරුණු. එයාලට වඩා මං අසරණ නැද්ද අම්මේ..එයාලා දන්නවා තාත්තා එයාලට ආදරෙයි කියලා. ලෝකෙන් යන්න වුණත් ඒ බැඳීම්...