Tag: Mini stories

බ්‍රියට්‍රිස් ආන්ටිගේ සද්දේ ඉස්තෝප්පුව පැත්තෙන් ඇහෙනකොට මම යන්න ආව ගමන නවත්තලා කාමරේම හිටියා. උදේ පාන්දර අපේ ගෙදර එන්නේ, සවින්ත ගැන මොකක් හරි කියලා අම්මගේ ඔලුවත් අවුල් කරලා, අය්යවත් අවුස්සලා, තාත්තා ට හවස් වෙනකල් කල්පනා කරන්න මාතෘකාවක් හදලා දෙන්න කියලා මම හොඳටම දන්නවා. සවින්ත බ්‍රියට්‍රිස් ආන්ටිගේ දුවගේ විශ්ව විද්‍යාලයේ දේශකවරයෙක්...
මාලතීලා අලුත් ගෙදරට ආවේ පුතාව හොඳ ඉස්කෝලෙකට දාගන්න ඕන නිසාමයි.  සල්ලියි බලයයි ඔක්කොම තියෙන නිසා කොලේජ් එකට පුතාව දාගන්න එක කරගන්න එක මහ ලොකු දෙයක් උනෙත් නෑ.  ඉස්කෝලෙ තියෙන්නෙත් ගේ ළඟ හන්දා පුතාව ඉස්කෝලෙට දාන එකත් ඉතින් මාලතීටම කරන්න පුලුවන්.  අසිත ඉතින් රස්සාව කලේ ටිකක් දුරක හන්දා ගෙදර ඔක්කොම වැඩපල ටික කරගන්න...
අලුත් පත්වීම් යටතේ ඔෆිස් එකට හතර දෙනෙක් එනවා කියන ආරංචිය සැනින් පැතිරිලා ගියා.  එතරම් වැඩ නොතිබුන දවසක් නිසා හැමෝටම ඒ එන අය ගැන ඕපාදූප කියවන්න ඕනෑ තරම් වෙලා තිබුණා. අමාත්‍යංශයෙන් වැඩ බාර ගන්න ඇවිල්ලා තියෙන අය ගැන විස්තරයක් අරගෙන එන කෙනෙක් වටේට හැමෝම එකතු වෙවී ඕපාදූප ඇහුවා. “හතර දෙනාම දැක්කා… ...
මම පහළ මිටියාවත දෙස බලා හුන්නෙමි. කන්ද පහළ ඇත්තේ පටු මාවතකි.මා මේ මාර්ගය දිගේ මෙතරම් දුරක් පැමිණි බව මට විශ්වාස කරන්නට නොහැකි තරම් ය. “ඇත්තටම ඔය ළමයිව මේ කාලෙ හොයන්න අමාරුයි ළමයෝ..” විදුහල්පතිතුමා මට උපරිම කාරුණික හඬින් පැවසී ය. ඔහු බොහෝ කල් සටන් කරන්නට ඇත.බොහෝ දෑ අත හරින්නට ඇත.මට එසේ කරන්නට...
“තාත්තා ඇයි අම්මේ අපිව දාලා ගියේ?” ඒ මගේ දියණිය ජැස්මින් නිතරම මගෙන් අහන්න පුරුදු වුණු ප්‍රශ්නයක්.මම ඒ වෙලාවට හෙමින් සැරේ එයාගේ ඔලුව අත ගානවා. “තාත්තට යන්න හිතෙන්න ඇති..” මං ඊටපස්සේ හෙමින් කියනවා. “මගේ යාළුවො ඉන්නවා තාත්තා මැරුණු. එයාලට වඩා මං අසරණ නැද්ද අම්මේ..එයාලා දන්නවා තාත්තා එයාලට ආදරෙයි කියලා. ලෝකෙන් යන්න වුණත් ඒ බැඳීම්...
පර බැල්ලි..තෝ ආයෙත් ආවා ද මේ ගෙදරට රිංගන්න ...උබෙන් වෙන් කරන්න ඕන හින්දා කොල්ලට දීග තලාවක් හොයලා දුන්නා. තෝ සාපයක් වගේ කැරකි කැරකි උගේ පස්සෙන්ම එනවා.බලාපන්.. සිරිමලී අද උදේ පාන්දර ගෙදර ගියා ... පුරුදු විදිහටම කහ පාත්තියේ වැඩ කරන්න රන්මලී නන්ද මයුර ලගේ ගෙදර වැට පනින ගමන් හිටියේ .සෙදෝහාමි පුපුරන...
මගේ අම්මා අච්චාරු වෙළෙන්දියකි. මට මතක ඇති කාලයේ සිටම ඈ විවිධ පළතුරු වර්ග වලින් අච්චාරු සාදා විකුණුවා ය. කුඩා දැරියක වූ මට අම්මා මගේ පාසල ළඟ අච්චාරු කරත්තයක් තබාගෙන අච්චාරු විකිණීම ගැටලුවක් වූයේ නැත.ඇයට මට බොහෝ දේ රැගෙන දීමට මුදල් නැති වීම ගැන දුකක් වූයේ ද නැත. අප සවස්...
ධනුද්දරගේ පෙම්වතියකගේ මුහුණු පොතට මට එබෙන්න ඉඩ ළැබුණේ අහම්බෙන්. ඇය සහ ධනුද්දර අතර අවුරුදු හයක විතර සම්බන්ධතාවයක් තිබුණ බව මම ඔහු එක්ක විවාහ වෙනකොටත් දැනගෙන හිටියේ. සම්බන්ධතාවය නැවතුනේ දෙදෙනාගේම එකඟවීම මතකියලා කිව්වේත් ධනුද්දරමයි. ඉන් එහාටඒ ගැන හාරලා අවුස්සලා විමසන්න මට උවමනාවක් තිබුනෙත් නැහැ. ධනුද්දර ඒ ගැන කතා කරන්න උනන්දු...
මහේලගේ විවාහ උත්සවයේ පින්තූරයක් මට මැසෙන්ජරයෙ එවලා තිබුණේ මහේලමයි. ඒක දැක්කම  මට පිස්සු හැදෙන්න වගේ වුණා. හැමදේටම වඩා මුලු කාර්‍යාලයේම හැමෝම තැනින් තැන කතා කරන්නේ එ ගැන කියලා මට හිතෙද්දී හිත කලබල වෙන එක නවත්තගන්න පුලුවන් වුනේම නැහැ. අපේ කාර්‍යාලයේම සේවය කරලා මාස පහකට  වගේ කලින් වෙනත් ශාඛාවකට ස්තාන...
මං උන්නේ ඔළුව විකාර වෙලා වගෙයි .මේ පාර සගරාවේ ප්‍රධාන ලිපිය ලියන්න භාර දීල තිබුණෙ මට.ඇත්තටම ලිපියක් ලියන එක ඒ තරම් දෙයක් නොවුනට අපේ වගේ ප්‍රසිද්ධ සඟරාවක ප්‍රධාන ලිපිය ලියනකොට ඒක  ටිකක් හරබර විදිහට අමුතු වැදගත් විදිහට ලියන්නයි මට ඕනේ වෙලා  තිබුණේ .ඒ කියන්නේ වෙන කිසිම කෙනෙක් ඒක නොලියපු...