Tag: Not Without You
"මාව විශ්වාස කරන්න කියල මං ඔයාට කියන්නෑ සකී. හැබැයි මේක බොරුවක්. මං කියන්න දන්නෙ එච්චරයි"
මගේ අත තදින් අල්වාගෙන ආදිල් එසේ මිමිණුවේ ය. ඔහු ගේ ඇස් වල වේදනාවක් විය. ඒ නිවැරදිකරුවෙකු වැරදිකරුවෙකු වීමේදී ඇති වන්නා වූ වේදනාව යයි මම සිතමි. ඔහු ගේ මුහුණේ මාංශ පේශියක් ගැස්සී වෙව්ලා ගියේ ය. දැන්...
ආදිල් මන්රූ රත්නායක
ඒක පුදුම වේදනාවක්. කල්පනී සකී ට අත උස්සපු එක වගේ ම කල්පනී ඉස්සරහ සකීගෙ පැත්ත ගන්න වුණ එකත් මට මාර අසීරුවක් දැනෙව්ව. කිසි ම පිරිමියෙක් ඒ විදිහට ගෑනු දෙන්නෙක් අතරට මැදි වෙන්න ඕන නෑ. සකී කියන්නෙ දැන් මගෙ ජීවිතේ එක ම අරමුණ. කල්පනී කෙනෙක් තුන් හිතකවත් නෑ...
කල්පනී මැදගෙදර
ආදිල් නුවර ගිහිං කියල මං දැනගත්තෙ උදේ ඔෆිස් එකේ වැඩකට දෙහිවල ට ගිය ගමන් 'හෙවන්ලි ඉන්ටීරියර්ස්' වලට ගොඩවුණාම. වැඩ කරන ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි රිසෙප්ශන් ඩෙස්ක් එක ළඟ ඉඳං කියෝ කියෝ ඉඳල මාව දැක්කහම අමුතු විදිහකට බැලුව කියලයි මට දැනුණෙ. උංව ගණං ගන්නැතුව ස්ටෙයාකේස් එක පැත්තට යනකොට "ආදිල්...
ආදිල් මන්රූ රත්නායක
කොළඹින් ටික ටික ඈත් වෙලා නුවරට ලං වෙද්දි මට දැනුණෙ මාව එහෙම පිටින් ම කැඩිල බිඳිල ගිහිල්ල වගෙයි. ඒ විසිරුණ කොටස් එකතු කරල ආයෙමත් මාව ගොඩනැගුවොත් මං නුවරට අයිති මනුස්යෙක් ද නැත්තං කොළඹට අයිති මනුස්සයෙක් ද කියල වෙන් කරල අඳුරගන්න බැරි තරමයි. ඒක හරියට නිකං වානරයගෙන් වාමනය...
ආදිල් නැතිව ගෙදර පාළුවට ගියේ ය. ඔහු නික්ම ගොස් හෝරාවක් දෙකක් ඉක්ම යන විට ම ඒ පාළුව මූසල නිස්සාර බවක් ව හාත්පස පැතිරී යමින් තිබිණ. වෙනදාටත් ඔහු උදයේ ගෙදරින් නික්ම යයි. නමුත් එතකොට දිවා භෝජනය වෙනුවෙන් යළිත් පැමිණෙන බවට බලාපොරොත්තුව ඉතිරි වී තියේ. හෝරා ගෙවෙන්නේ අලුතෙන් ඔහු පිළිගැනීම වෙනුවෙනි....
රාත්‍රියත් දහවලත් අතරේ පැහැදිලි රේඛාවකින් වෙන් කළ හැකි වෙනසක් වන්නේ ය. ඒ වෙනස ආලෝකයට හා අඳුරට පමණක් අදාල වූවක් නොවේ. දහවලට වන්නේ එක ලෝකයකි. රාත්‍රියට තව ලෝකයකි. රාත්‍රිය සෞම්‍ය ය. සිහිලැල් ය. සුළඟ පවා සරාගික ය. මල් පිපෙන්නේ සඳ එළියට හා තරු කැල්මට පෙමිනි. හිරු එළියේ පිපෙන මල් වලට...
සකී ආන්යා තඹරවිලජීවිත වලට එක එක ඍතු උදා වේ. මල් නගන වසන්තයන් ද පත් සිඳෙන ශරදයන් ද ඒ අතරේ විය හැක. නමුත් අභාග්‍ය නම් මල් නො පිපෙනු පමණකුදු නොව පත් ද සිඳෙනා වසන්තයන් ද උදා විය හැකි වීමයි. මගේ ජීවන වසන්තයෙහි ද පසුගිය වසර ගණනාව මල් නොපිපි පත් සිඳුණු...
සකී ආන්යා තඹරවිලසෙනසුරාදා අපේ ගෙදරදී හමු වන්නට මගේ මිතුරියන් දෙදෙන විසින් යොදා ගන්නා ලද්දේ ආච්චා අසනීප නිසා ය. ආච්චාව බැලීම එක හේතුවකි. සාමාන්‍යයෙන් වෙනදාට අප පිටත දී හමු වන්නට සති අන්තය යොදා ගත්තා ට මෙවර මට ආච්චා නිසා පිටතට යා නො හැකි වීම අනිත් හේතුවයි. පිටත වුවත් අපේ ගෙදර...
ආදිල් මන්රූ රත්නායක
සකී ට ඒ වෙලාවෙ අවංක වෙන එක කරන්න ම ඕන දෙයක් කියලයි මං හිතුවෙ. අඩු ගානෙ එතකොට එයා තනි නෑ කියන හැඟීම එයාට දැනෙයි. අනික මං මේ වෙද්දි හොඳට ම දැනං හිටිය එයාගෙ හිතේ පිරිච්ච ආදරයක් තියනව කියල. කෙල්ලෙක් විදිහට ඉස්සර වෙන්න එයාට බැරුව ඇති. පිරිමියෙක් විදිහට...
ආච්චා මීට පෙර ද ගිලන් වූ අවස්ථා තිබේ. එහැම වරෙක ම ඇය ඉක්මනින් සුවපත් වූවා ය. නමුත් අද ඇගේ පෙනුම ඒ කිසිදු වතාවකට වඩා වෙනස් ය. පළමු මොහොතේ ම ඒ පෙනුම දුටු මා තුළ මහත් භීතියක් ඇති විය. නමුත් තනි ගැහැනියකට බිය, සංවේගය වැනි මානව හැඟීම් ප්‍රසිද්ධියේ පෙන්විය හැකි...