Tag: Not Without You

ආදිල් ගේ දිවා ආහාරය මා දෙහිවලට ම ගෙන ගිය බව දැනගත් පසු මමිතුරියන්ගෙන් මට විසුමක් වූයේ නැත. එය මගේ නොව ආච්චා ගේ උවමනාවට සිදු වූවක් යයි කීවාට ඔවුන් පිළිගන්නා සූදානමක් පෙන්වූයේ ද නැත. ඉනික්බිති නිහඬ වන්නට මට සිදු විය. "අපරාදෙ කියන්න බෑ කම්මැළිකමට උසාවි යන එකත් නවත්තල ඩීඩ් එකක් ලියාගෙන...
ආදිල් දවල්ට කෑම කා තිබුණේ නැත. ඒ බව කියවුණේ පමා වී හවස තේ එක බොන විටයි. "උදේ බත් ටිකක් කාල ගියාට පස්සෙ දැන් තමයි තේ ටිකක්වත් බඩට වැටෙන්නෙ. අද දවසෙම වතුර විතරයි" ගිලින්නට ගිය තේ උගුර පිටිඋගුරේ යා නොදී මා වළකා ගත්තේ අසීරුවෙනි. "අනේ දෙයියනේ! ඇයි පුතා දවල්ට කෑවෙ නැත්තෙ..." "වෙලාවක් හම්බුණෙ නෑ...
අලුත් දවසක් උදා වී තිබිණ. මා පිබිදියේ වෙනදා නොවූ ප්‍රබෝධයකිනි. එහි අක් මුල් හෙවීමේ උවමනාවක් නැත ද ඒ ප්‍රබෝධය මත මම උදයෙන් ම ගේ දොර අතු පතුගාන්නට පටන් ගතිමි. මානෙල් අම්මා හිටියා ට නො හැකි ම මොහොතක මිස මා ඇයට ඒ වැඩේ පවරන්නේ නැත. ඒ කාරිය ඔවුන් කළ විට...
ඒ වැහිබර හැන්දෑව ඉතා මනරම් වූයේ ය. අපි ආලින්දයෙහි පුටු වල වාඩි වී ඉතාමත් සැහැල්ලු කතා බහක නිරතව සිටියෙමු. මුද්‍රා මානෙල් අම්මාට කියා පෑන් කේක් සෑදවූවා ය. තේ ද කෝපි ද කෝප්ප කිහිපයක් ම හිස් වන තුරු අපේ සල්ලාපය දිගට ඇදිණි. වැස්සේ ම කුඩයක් ඉහළාගෙන, අඳුර අතරින් සචින් අයියා...
ආදිල් මන්රූ රත්නායක ආච්චා මට එහෙ නතර වෙන්න කිව්වහම එක පාරටම ඒක විශ්වාස කරගන්නත් බැරි වුණා වගෙයි. එහෙම බලාපොරොත්තුවක්වත් මට තිබුණෙ නෑ. යන ගමං වාහනේ නතර කරල එහෙට ගොඩ වුණේ එච්චර ලොකු උදව්වක් කරපු මිනිස්සුන්ට යනව කියල යන එක මනුස්සකමක් නිසා. අනික ඒක ගෑනු දෙන්නෙක් තනියම ඉන්න ගෙදරක්. සකී බැදපු නැති...
අළුයම පටන් තවමත් එක දිගට ම වැස්ස කඩා හැලේ. මමත් ආච්චාත් දෙදෙනා බරාඳයේ තේක්ක පුටු වලට ගුලි වී මානෙල් ගෙන ආ කෝපි කෝප්ප තොල ගාන්නට වීමු. පෙර දා රාත්‍රියේ පටන් ඇද හැලෙනා වැස්සට දැන් ගහ කොළ පෙඟී ඇති තරම ය. මම උදයෙන් ම බරාඳය පුරාවටත් ගෙතුළත් වූ ගෘහස්ථ විසිතුරු...
ආදිල් මන්රූ රත්නායක මේක අමුතු ඍතුවක් වගේ මට දැනෙනව. එක ඍතුවක් ඉවර වෙලා තව එකක් උදා වෙන්න යන අන්තර් තත්වය වගේ අමුතු දේවල් සිද්ධ වෙනව. ඉක්මනට වෙනස්කම් සිද්ධ වෙනව. සමහර වෙලාවට පරණ ඍතුවට ම ආපහු ජීවිතේ දුවන්න යනව. ආයෙත් වේගයෙන් ඉදිරියට යනව. ඔය අතරමැද තත්වයෙ නතර වෙලා මං හයියෙන් අල්ලගෙන හිටිය...
සකී ආන්‍යා තඹරවිලඔංචිල්ලාවට වී පැද්දෙමින් මම නිහඬ කල්පනාවකට වැටී සිටියෙමි. හද පත්ලට ඉඳිකටු තුඩු වලින් අනිනා ඉසිහින් රිදුමක් දැනී නො දැනී යමින් තිබේ. ආච්චා ට කැමති විදිහකින් මනාලයෙකු සොයනා ලෙසට එකඟතාවය ලබා දුන් වෙලාවේ සිට එය සංවේදනය වේ. ආදිල් මන්රූ රත්නායක ගේ සිතිජ දෑස්, පේන නො පෙනෙන තැනෙක හිඳ...
ආදිල් මන්රූ රත්නායකඅපි සචින්ගෙ ගෙදරට ගොඩවෙනකොට ම එහෙ ග්‍රෑන්ඩ්පා ක්ලොක් එකේ දොළහ වැදෙමින් තිබුණ. ඔරලෝසුවක වෙලාව වැදෙන සද්දෙත් එක්ක මට එහෙම මූසල හැඟීමක් මීට කලින් දැනිල නෑ. අනිත් එක ඔය බට්ටා හෙලවෙන වෙලාව වදින පරණ ඔරලෝසු වලට මං ආසයි. ඉස්තෝප්පුවෙ ලයිට් එකක්වත් දාල තිබුණෙ නෑ. අහසින් ගලපු ස්වභාවික එළිය...
මැදියම් රැය ඉක්මවත්චී අපේ පුංචි සාදය හමාර වූයේ ය. මැදියමට ආසන්න වන විට සචින් අයියා ගේ දුරකතනයට ඇමතුමක් ආවේ ය. "හරි හරි ඉවරයි. දැං මං එනව" ඔහු ගේ ප්‍රතිචාරය අනුව ඒ දෙව්නි අක්කා බව සිතා ගත හැකි වූයෙන් මම ඔංචිල්ලාවෙන් නැගී සිටිමින් මමිතුරියන් දෙස බැලුවෙමි. මගේ හිත තේරුම් ගත්තා සේ ඔවුහු...