Tag: පතිදම්වැල්
“මම තාත්තා එක්ක ගියේ පුදුම බයෙන් කෙල්ල අඬ අඬ ඉන්නව ඇති කියල. අනේ ඒ උනාට එයාගේ ක්ලාස් ටීච පුදුම ආදරයක් නෙ මෙයාට තියෙන්නෙ”
අම්මා එසේ කියන්නේ උකුල උඩ තබාගෙන දුලන්‍යාගේ කොණ්ඩය පීරන ගමන් ය. අම්මා විසින් සුරතලයෙන් කිති කවන නිසාවෙන් දුලන්‍යා එහෙට මෙහෙට කැරකි කැරකි සිනා නංවයි. ෂෝබිතා විසින් සිත...
"අම්මි නම් කිව්වා දූ ඉස්සරටත් වඩා ආසාවෙන් දැන් මොන්ටිසෝරි එකට යනව කියල"
දුරකතනයේ වට්සැප් යෙදවුම ඔස්සේ ඇදී එන තාත්තාගේ කටහඬ ඉතින් උශාලිගේ සිත් තුල කුතුහලය මුසු බියකුත් තොල් මත දුලන්‍යාගේ තාත්තා මතක් වී එන සිනහවකිනුත් පිරේ.
එහෙත් තාත්තා යම් ප්‍රශ්නයකට අවතීර්ණ වන්නෙ ඉතාම සංයමයකින් බව උශාලි නොදන්නවා නොවේ. බාගදා දිස්නාට දැනුණ...
"සිරිතුංගට අමතක වෙලා අපිට දැනුම් දෙන්න. පස්සෙ දවල් වෙද්දි තමයි මතක් වෙලා තියෙන්නෙ"
"පුතා එතකොට මට කෝල් කරලත් ඉවරනෙ"
"මම ඒකනෙ මුලින්ම කිව්වෙ මම යන්නම් දරුව එක්ක කියල.කොහෙද තාත්තයි පුතයි දෙන්නටනෙ ඒක හොඳ මදි වුනේ"
අම්මා උන්නේ අමනාපයෙනි.තාත්තා උන්නේ කැළඹීමෙනි.ඒ සියල්ලන්ටම වඩා තම සිත වේදනාවක ගිලී හිඳින බව අනුප දැන උන්නේය.
සිරිතුංගට වෑන්...
මසක් දෙකක් යද්දී පොඩ්ඩන් ගුරුවරුන්ටත් ගුරුවරුන් පොඩ්ඩන්ටත් හුරු වීම සිදුවේ. ඇතැම් දවස් වල හඬමින්, හොටු පෙරාගෙන ගේට්ටුව ඉස්සරහ එල්ලි හඬා වැටුණු පොඩ්ඩන් මේ පුරුදු වීමත් සමග අම්මලාගේ අතෙන් මිදි පෙරපාසල වෙත දුව යන්නේ අම්මලාට සමු දෙන්නේවත් නැතුවය.
"දැන් ඉතින් එයාලට අපිව මතකවත් නෑනෙ ටීචර්" කියමින් සිනහවකින් සැරසූ පිළිතුරක් දෙන්නේ තරුණ...
සාමාන්‍යයෙන් අම්මා කෙනෙකු නිවසේ රැඳී ඉන්නවානම් දරුවන්ව වසරක් වැඩියෙන් පෙර පාසක් යවනට තීරණය කරන්නේ එහෙමත් තැනකය.
බිරිඳත්, අම්මාත්, තාත්තාත් තිදෙනාව රැඳී හිඳින නිවසක දුලන්‍යාව එසේ වසරක් කලින් පෙර පාසල් දැමීමට ෂෝබිතා කල යෝජනාවේ කිසිදු හේතුවක් සොයාගන්නට අනුපට මුලින් නොහැකි වුවත් ෂෝබිතා දුලන්‍යා පිළිබඳව නොසලකා හරින බව දැන ගත් මොහොතක ඇයව...
උශාලිට දැන් වෙනදාටත් වඩා සතුටෙන් පෙර පාසලට යන්නට හේතුවක් ඇත.
ඒ දුලන්‍යාගේ තාත්තා දකින්නට හැකිවේය යන බලාපොරොත්තුව නිසාය.
දින දෙකේදීම පමා වී අවුදින් මද සිනහවකින් තමාට ස්තුති කල ගියා මිසක ඔහු සමග වදනක්වත් දොඩන්නට අවස්තාවක් නොලැබුනද සිත තුල සතුටු මල් පුබුදුවන්නට ඒ සිනහව පමණක්ම ඇති ය.
ඒ සතුට නිවසේ අනෙක් අයට නොපෙන්වා...
“කන්න එන්නෙ නැද්ද?”
කියා අසද්දී නාන කාමරයේ දොර හැරගෙන ආ ෂෝබිතා නිදන ඇඳුමෙන් සැරසී යහනේ සැතපී සැප පහසු කොට්ටය අස්සේ හිස සඟවා ගැනීම අනුපට අලුත් අත්දැකීමක් නොවේ.
විවාහයේ මුල් දිනවල සිටම යමකට අමනාප වූ කල ෂෝබිතා අමනාපය පෙන්වන්නේ මෙලෙසින් බව අනුප හොඳින් දනී.
විවාහය මුල් කාලයේ නම් එවන් මොහොතක ඇයට කිති කවා...
අදත් එයා ඒවිද දන්නෙ නෑ”
ඒ සිතුවිල්ල සිතට ආවේ කොයි මොහොතේද යන්න උශාලිට මතකවත් නැත.
එහෙත් මොකද්දෝ අමුතුම කිතියකින් සිත කිතිකැවෙන බව පමණක් උශාලිට තේරේ.
නිල් පාට මල් වැටුණු රෝස පාට සාරිය සිතට ගෙන එන්නේ වසන්තයක සුන්දරත්වයයි. සිත තුලින් අනුන් සතු උයනක පිපුණ මලකට පෙම් බඳිමින් හුන්නද උශාලිගේ සිත තුල වූයේද වසන්තයක...
“මම කොහෙ ගියත් තමුන්ට ඒක කියල යන්න මම බැඳිල නැති විත්තිය හොඳට මතක තියාගන්න. ඔව් මම ළමයව දාලා ගියා තමයි. ඉතින් ඔච්චර අමාරුකමක් තියෙනවනම් තමුසෙට තිබුනනෙ මහ ලොකුවට නිවාඩු දාලා ළමය එක්ක මොන්ටිසෝරි එකට යන්න.
මෙතන මේ නික මගෙ ඇඟට කඩන් පනින්නෙ? හරියට මං මේ මහ ලොකු වැරැද්දක් කරා වගේ
එතන...
“කන් ඇහෙන්නෙ නැද්ද ළමයො” කියමින් කාමරයේ දොර රෙද්ද එහාට කර එබුන අම්මාගේ අමනාපය සිත්තම් වුණ මුහුණ දකිද්දීත් උශාලි උන්නේ තාත්තා ගෙනවිත් දුන් හෙඩ් සෙට් එක කනේ ගසාගෙන ගීතයන් අසමිනි.
“සඳ සැංගී ගිහින්දෝ
හෝ හෝ හෝ
තාරුකා නිල් එළි විහිදාවි
ඒත් හෙට ඒවි හිරු ඒවි
වලාකුල් දීප්තිමත් වේවි
හෝ හෝ හෝ
පුනරාලෝකයේ ඉපදී යලී
අපගේ පෙම් පරාදීසේ”
ප්‍රවීනා ටෙලි...