ආකර්ෂණීය කෙස් කලඹක් ලබාගන්න මෙන්න හොඳම ක්‍රම

0
1101

කෙස් කළඹ යනු කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක්. නමුත් කෙස් කලඹහෙි ආකර්ෂණීය පෙනුම පවත්වාගෙන යාම නම් තරමක ගැටළුවක්. කෙස්‌ කළඹ සෞඛ්‍ය සම්පන්නව සහඅලංකාරව පවත්වාගෙන යෑමට නම් එයට නියමිත ලෙස සාත්තු කිරීම අත්‍යාවශ්‍යයි. අනවශ්‍ය ලෙස හෝ වැරදි සාත්තුව මඟින් කෙස්‌ කලඹට හානි විය හැක.

ඕනෑම කෙනෙකුගේ කෙස් ගස් දිනකට හතළිහක් පනහක් පමණ හැලෙන අතර වයස් ගතවීමත් සමඟ කෙස් ගස් තුනි වීමත් කෙස් ගස් සුදු වීමත් තට්ටය පෑදීමත් සාමාන්‍ය දෙයක්. නමුත් මේවා වයස්ගත වීමට පෙර සිදුවේ නම් එය අස්වාභාවිකයි. එවිට සුදුසුම දේ වනුයේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ප්‍රතිකාර ලබා ගැනීමයි.  හිසකෙස් සම්බන්ධව කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් ලෙස හිසකෙස් අකලට හැලීම, අකලට කෙස් පැසීම, කෙස් අග පැලීම, කෙස් ගස් තුනි වීම ආදිය දැක්වීමට පුළුවන්. ඇතැම් රෝගාබාධ සහ දේශගුණික හේතු නිසා හිසකෙස් වර්ධනයේ අඩාල වීමක් සිදු වෙනවා නම් ඊට ප්‍රතිකාර කළ යුතුයි. ප්‍රමාණවත් නින්ද, නිසි පෝෂණයක, ප්‍රමාණවත් ජල පානය, ජල ස්නානය, හිසකෙස් පිරිසුදුව තබා ගන්නේ නම් හිසකෙස් ස්වාභාවිකවම නීරෝගීව වැඩෙනවා.

කියවන්න :  කනට සතෙක් ගිය විට ඔබ කළ යුතු දේ..

කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල ක්‍රම කීපයක් මෙන්න..

  • නෙල්ලි දෙහි උළු හාල් සමඟ තම්බා හිස ගැල්වීමෙන් අකලට හිස කෙස් වැටීම, පැසීම වැලැක්වීම, හිස කෙස් වර්ණවත් කිරීම හා ප්‍රාණවත් කිරීමට හොඳ ඖෂධයක්.
  • ලාවට රත් කරගත් පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැන්දකට දෙහි ඉස්ම තේ හැදි දෙකක් කලවම් කර හිස් කබලේ ගල්වා පැය දෙකකට පමණ පසු හිස සේදිමෙන් හිස්හොරි සුව කර ගැනීමට පුළුවනි.
  • දෙහි යුෂ ගැල්වීම හෝ තේ කහටට දෙහි යුෂ කලවම් කර හිසකෙස් වල තවරා පැය භාගයක් පමණ තිබෙන්නට තබා සේදීමෙන් හිස කෙස්වලට වැඩි දීප්තියක් ලබා ගත හැක. මෙම සත්කාරය සුමානයකට දෙවරක් පමණ කිරීම ප්‍රමාණවත්.
  • ගොටු කොළ ස්වල්පයක් දෙහි ඇඹුලෙන් අඹරා මී පැණි සමඟින් කවලම් කර හිස ගැල්වීමෙන් හිස කෙස් නීරෝගීව ඝනව පවත්වා ගැනීමට පුළුවන්.
  • හිසකෙස්‌වල දීප්තිය වැඩිකිරීම සඳහා දියනෑමෙන් පසු වතුර කෝප්පයකට විනාකිරි තේ හැන්දක්‌ එක්කර දෙහි යුෂ මේස හැන්දක්‌ ද කලවම් කර එම ජලයෙන් කෙස්‌ කළඹ දෙවරක්‌ පමණ සෝදන්න.
කියවන්න :  අනවශ්‍ය රෝම ඉවත් කිරීමට පෙර මේ දේවල් පිළිපදින්න

මේ අයුරින් සැලකිල්ලෙන් කටයුතු කලහොත් කෙස්‌ කළඹ සෞඛ්‍ය සම්පන්නව සහඅලංකාරව පවත්වාගන්න ඔබට අසීරුවන්නේ නැහැ.

– කල්හාරී –