සෙල්ලම් බඩු මිලදී ගන්නට පෙර ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු දේ ගැන දන්නවාද?

දරුවන්ගේ ලෝකය සුන්දර වන්නට සෙල්ලම් බඩු වලින් ලැබෙනුයේ මහත්  පිටිවහලක්. අද කාලයේ නානාප්‍රකාර සෙල්ලම් බඩු මිලදී ගත හැක. නමුත් ඔබ ඔබේ සිඟිත්තා සඳහා සෙල්ලම් බඩුවක්‌ මිලදී ගැනීමට ගිය විට එම භාණ්‌ඩවල අලවා ඇති ලේබල ඉතා සියුම්ව පරීක්‍ෂාකර බැලුවත් වම් ඔබේ දරුවා අතට ඒවා පත් නොකර සිටීමට වැඩි ඉඩක් තිබෙනවා.

අද ලොව සෙල්ලම් බඩුවලින් 80% ක් පමණ නිෂ්පාදනය කරනුයේ චීනයේය. එනිසා ලෝකයේ බොහෝ ගම් නගරවල පිහිටා ඇති කඩවල්වල, සාප්පු සංකීර්ණවල රාක්‌ක පිරී ඇති විවධ සෙල්ලම් බඩුවලින් වැඩි හරියක්‌ චීනයේ නිෂ්පාදිත සෙල්ලම් බඩුය.  චීන සෙල්ලම් බඩු හොඳ නැද්දැයි දැන් ඔබට ගැටලුවක් මතුවනු ඇත. මෑතක සිට චීනයේ නිෂ්පාදිත සෙල්ලම් බඩු ලෝකයේ බොහෝ සෙල්ලම් බඩු සාප්පුවලින් ඉවත්කර ඇති බව නොරහසක්. එයට හේතු වනුයේ එම නිෂ්පාදනවල ගල්වා ඇති වර්ණාලේපයන් ඊයම් විෂ සහිත වීමයි. එම විෂ සිඟිත්තන්ගේ ශරීර ගත වී ඔවුන් නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරුවීමේ අවදානමක්‌ උදාවී ඇත. එම විෂ ද්‍රව්‍යයන් දරුවන්ගේ මොළයට හානි කරන අතර වමනය, නිරුක්‌තිය ඇතිවීම සහ ඉගෙනීමේ ක්‍රියාවලියේ ඌණතාද ඇති කරවනට ද සැලකේ.

මෙම තත්ත්වය නිසා මවුපියන් පමණක්‌ නොව ලෝකයේ සෙල්ලම් බඩු අලෙවි කරන සමාගම් පවා විශාල තර්ජනයකට මුහුණ පා සිටිති. ඇමරිකාව චීනයෙන් ගෙන් වූ සෙල්ලම් බඩුවල මිලියනයක ප්‍රමාණයක ආලේපිත තීන්තවල ඊයම් විෂ තිබූ බව සොයාගෙන තිබෙන අතර මෙම සෙල්ලම් බඩු ගෙන්වා ඇත්තේ ඇමරිකාවේ ප්‍රධාන අපනයන සමාගමක්‌ වන මැටෙල් ආයතනය විසින්. මේ සෙල්ලම් බඩු ආපසු චීනයට යෑවීමට සූදානම් කර ඇති බැවින් චීනයේ සෙල්ලම් බඩු නිෂ්පාදිත ආයතන මහත් කලබලයට පත්වුණා.

ශ්‍රී ලංකාවද බොහෝ සෙල්ලම් බඩු ආනයනය කරනුයේ චීනයෙන්. එනිසා ඔබ යන ඇතැම් සාප්පු සංකීර්ණයක සිය ගණනක්‌ සෙල්ලම් බඩු අතර මෙවැනි මාරක විෂ සහිත ආලේපන තැවරූ සෙල්ලම් බඩු තියෙන්නට පුළුවනි. එනිසා අනිවාර්යයෙන්ම ඔබ ඔබේ සිඟිත්තාට සෙල්ලම් බඩු මිලදී ගැනීමේ දී අනිවාර්යයෙන්ම ආලේපිත තීන්ත පිළිඳව සැලකිලිමත් වන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles