ඔබත් smart phone එකේ වහළෙක් බවට පත් වෙලා ද?

නව තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙසට හොඳට හෝ නරකට අප වෙත ලැබී ඇති භාණ්ඩයක් වනුයේ  ජංගම දුරකථනයයි.‍ හදිසි පණිවුඩයක් දීම සඳහා එදා දුරකථනය භාවිතා කරනු ලැබූ නමුත් තාක්ෂණ දියුණුවක් සමඟ smart phone එක අපට නැතිවම බැරි භාණ්ඩයක් බවට පත්වී ඇත.

කෙසේ වෙතත් මෙම නව තාක්ෂණය කෙතරම් අපගේ ජීවන රටාව හා පැවැත්ම කෙරේ බලපා ඇත් ද යත් වෙනත් අයුරකින් පැවසුවහොත් එය එක්තරා අන්දමක ඇබ්බැහිවීමක් බවට පත්වී ඇත. මෙය මත්ද්‍රව්‍ය වලට දක්වන ආකාරයේ ජංගම දුරකතන කෙරේ යොමු වී ඇතැයි බටහිර මනෝ විද්‍යාඥයෝ අවධාරණය කරති.

ජංගම දුරකථනය සයනයේ තබාගෙන නිදාගන්නේ ද?උදෙන්ම පිබිදුණු ගමන් ජංගම දුරකථනය පිරික්සන්නේද? යන එන සෑම තැනම  නිවෙසේ තැනකින් තැනකට යන අවස්ථාවේ දී පවා ජංගම දුරකථනය ගෙන යන්නේ ද? දරුවන් හා සැමියා හෝ බිරිය ආදි පවුලේ උදවිය සමඟ ගත කරන වේලාවලදී ජංගම දුරකථනය ගෙන යන්නේ ද සහ  එය වරින් වර පිරික්සා බලන්නේ ද? මොහොතකටවත් ජංගම දුරකථනය අසල නොමැතිව සිටීන විට අපහසුතාවයක් දැනෙන්නේ ද? මෙම ප්‍රශ්න වලට පිළිතුර ඔව් නම් එය භයානක තත්ත්වයකි. පත්ව සිටින්නෙකි. ඔබ ජංගම දුරකථනයේ වහලෙකු බවට පත්වී සිටියි.

ජංගම දුරකථන හදිසි අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන නමුත් එයින් සාමාන්‍ය දිවි පෙවෙතට සිදුවන හානි සහ බාධා වැඩි බව බටහිර මනෝ විද්‍යාඥයෝ අවධාරණය කරති. බටහිර රටවල ජංගම දුරකථන සමඟ ජනිත වන භීතිකාව ඉතා ම උග්‍ර තත්ත්වයට පත්ව ඇතැයි පවසන මනෝ විද්‍යාඥයෝ ආසියාවේද එම තත්ත්වය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවට අනතුරු අඟවති.

ජංගම දුරකථන අප රටේ පවා සංකීර්ණ ප්‍රශ්නයක් බවට ක්‍රමයෙන් පත්වෙමින් පවතී. තරුණ තරුණියන් පමණක් නොව දරුවන් සහ වැඩිහිටියන් ද මෙම මෙවලමේ වහලෙකු බවට පත්වීම භයානක තත්ත්වයක්.  මෙනිසා බිඳ වැටෙන්නේ අපගේ සමාජ පද්ධතියයි. එනිසා ඔබත් මෙම භයානක පුරුද්දෙන් මිදෙන්නට අදම වගබලා ගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles