මී කිරි මිලදී ගන්නට පෙර අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන සොයා බලන්න

දානයට සාදයට ඕනෑම දේකට ලාංකීකයනට මීකිරී නැතිව බැරිය. ඉතාමත් ජනප්‍රිය අතුරුපසක් වන මුදවපු කිරි වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් අනුභවයට රුචි වෙති. විශේෂයෙන්ම කුඩා දරුවන්ට මීකිරි ආහාරයක් ලෙස ලබා දෙන්නේ එහි පවතින ගුණාත්මක බව හෙයිනි. මී කිරි ආසියාවට සීමා වූ නිෂ්පාදනයක් වන අතර . බොහෝ විට එය ඉන්දියාවට සහ ලංකාවට පමණක්‌ ආවේණික නිෂ්පාදනයක්‌ බව කියැවේ. මීකිරි කෙතරම් රසවත් ගුණවත් වූවත් වෙළඳපලෙන් මුදවපු කිරි මිලදී ගැනීමේදී ඔබ ඉතාමත් සැලකිලිමත් විය යුතුයි.

බොහෝ නි මුදවපු කිරි ෂ්පාදකයන් විසින් රබර් මුදවීමට ගන්නා ඇසිටික් ඇසිට් ප්ලාස්ටර් පැරිස් ෆොමලින් වස විස මුදවපු කිරි නිෂ්පාදනයට යොදාගන්නා ලද බවට තොරතුරු හෙළි වී තිබේ. වෙනත් මීකිරිවලට වඩා වැඩිකාලයක් මේ මීකිරි කල් තබා ගැනීමේ හැකියාවක් ඇත. මෙවැනි නිෂ්පාදනයන් පාරිභෝජනය කරන්නන්ට එහි අනිසි ප්‍රතිවිපාක ක්ෂණිකව නොලැබෙන නමුත් දීර්ඝකාලිනව අනිසි ප්‍රතිවිපාක අත්වෙයි.

එළ කිරිවල ජලය වැඩි අතර එළකිරි මිදෙව්වත් දියාරු ගතිය පවතියි. මීකිරිවල ජලය අඩු හෙයින් කිරි මිදෙව් විටත් ඝණ ස්‌වභාවයෙන් පවතියි. එළකිරි මුදවපු පසු කහ පැහැයකින් දිස්‌ වන අතර මීකිරි සුදු පැහැයෙන් දිස්‌ වේ. මීකිරි ලීටරයක මිල අධික හෙයින් බොහෝ ව්‍යාපාරිකයන් එළකිරි සහ මීකිරි කලවම් කිරීම සිදු කරන බව කියවේ.

නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, එළකිරි මිශ්‍ර කර ඇති නම් ඒ බව මුදවපු කිරි වෙළෙඳපොළට නිකුත් කිරීමේදී පාරිභෝගිකයාගේ දැනගැනීම පිණිස ලේබලයේ සඳහන් කර තැබීම මීකිරි නිෂ්පාදකයන්ගේ යුතුකමක් මෙන්ම වගකීමකි.

කෙසේ වෙතත් මුදවපු කිරි පරිභෝජනය කරන්නන් විසින් නියම මීකිරි හඳුනා ගන්නේ :

  • සාමාන්‍යයන් කිරි හට්ටියේ උඩ කොටස ලා කහ පැහැයෙන් යුතුවිය යුතුයි. කිරි හට්ටිය උඩ කොටසේ මිදී තිබෙන යොදය සුදුපාට නම් ඒ පිළිබදව නැවත වරක්  සිතා බැලිය යුතුයි.
  • කිරි හට්ටියක යොදය ඈත් කර එක් තැනකින් කිරි හැන්දක් ගත් විට ටික වෙලාවකින් එතැනට වතුර එකතු වීමක් සිදුවිය යුතුයි.

ඉදිරියේ දී මුදවන ලද කිරි අනුභව කිරීමේ දී වඩා සැලකිලිමත් විය යුතු අතර මෙවැනි කූට නිෂ්පාදනයන්ගෙන් හැකිතාක් දුරට ප්‍රෙව්ශම් වන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles