ඔස්ට්‍රේලියාවේ වැඩිම රැකියා ඇබෑර්තු ඇති ප්‍රාන්ත හා ක්ෂේත්‍ර මෙන්න

ඕස්ට්‍රේලියාව යනු ලෝකයේ වඩාත් සිත් ඇදගන්නා සුළු රටවල් වලින් එකකි.වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු ඔස්ට්‍රේලියාවේ වාසය කරන අතර ඉන් බහුතරයක් දෙනා ඔස්ට්‍රේලියාවෙ පුරවැසි භාවය ද ලබා ගෙන සිටිනවා. කෙසේ වුවත් මේ සියලු දෙනාම එරට රැකියාවල නිරත වන අතර ඔස්ට්‍රේලියාවේ වැඩිම රැකියා ඇබෑර්තු ඇති ප්‍රාන්ත සහ ක්ෂේත්‍ර පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම. 

සිඩ්නි 

ඕස්ට්‍රේලියාවේ වඩාත් කැපී පෙනෙන නගර අතරින් එකක් සහ රැකියා සොයා ගැනීමට ඉතා සුදුසු නගරයක් ලෙස සිඩ්නි සැලකෙනවා.සංචාරකයන් බොහෝ දෙනා පැමිණෙන ඔපෙරා හවුස් පිහිටා තිබෙන්නේ ද සිඩ්නි වලයි. ඉතා කාර්යබහුල නගරයක් වන මෙහි ස්වභාව සෞන්දර්ය ආශ්‍රිත නැරඹුම් ස්ථානද බොහෝමයක් දැකගත හැකියි. සිඩ්නි හි ජාත්‍යන්තර වශයෙන් ශ්‍රේණිගත කරන ලද ආයතන පහක් ඇති අතර ඉන් දෙකක් 2015-16 QS ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල ඉහළම 50 අතර විය. වාර්ෂිකව, එය විදේශීය සිසුන් 50,000 කට වඩා පිළිගන්නා අතර ඉහළ රැකියා අනුපාතයක් ඇති බවද සමීක්ශණ වලින් හෙලිවී තිබෙනවා.

රැකියා ක්ශේත්‍ර 

කළමනාකරුවන්

විලාසිතා නිමැවුම්කරුවන්

පාසල් පිරිසිදු කරන්නන්

සිවිල් කම්කරුවන්

ප්‍රාථමික සහ උසස් පෙළ ගුරුවරු 

පාරිභෝගික සේවා නිලධාරීන් 

හෝටල් සේවකයන්

පරිපාලන නිලධාරින් 

මෙල්බර්න් 

පුළුල් ආර්ථිකය නිසා, මෙල්බර්න් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසකට මෙන්ම ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරික කවුන්සිලය සහ ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය වැනි ජාතික සංවිධානවල නිවහන වනවා . මෙම සාධකය වෘත්තීයමය වශයෙන් වර්ධනය වීමට අපේක්ෂා කරන අයව ඒ කරා ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙනවා.ඔස්ට්‍රේලියාවේ ජීවත් වීමට සහ රැකියාවක නියැලීමට ඇති හොඳම නගර වලින් එකක් ලෙස මෙල්බර්න් හඳුන්වන්නට පුළුවන්.

රැකියා ක්ශේත්‍ර

පෞද්ගලික පන්ති ගුරුවරු

ප්‍රාථමික සහ උසස් පෙළ ගුරුවරු

ආපනශාලා අධීක්ෂකවරු 

ආහාර සේවා සහායකයින් 

පිළිගැනීමේ නිලධාරීන්

කුලී රථ රියදුරන්

ගබඩා කළමනාකරුවන්

සාමාන්‍ය කම්කරුවන්

පාරිභෝගික සේවා නියෝජිතයන් 

පර්ත් 

මෙය මෙල්බර්න් සිට සැතපුම් 2,000 ක් පමණ ඔස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරයේ පිහිටා ඇති තවත් ශිෂ්‍ය-හිතකාමී නගරයකි. පර්ත් යනු විවිධ සංස්කෘතික, විනෝදාත්මක සහ ගැස්ට්‍රොනොමික් ක්‍රියාකාරකම් සහිත ඉහළම ශිෂ්‍ය නගරයකි. බටහිර ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලය සහ මර්ඩොක් විශ්ව විද්‍යාලය රටේ ඉහළම ආයතන දෙකක් ලෙස සැලකෙනවා.  මෙවැනි බොහෝ ආයතන නගර මධ්‍යයේ පිහිටා ඇති අතර පූර්ණ කාලීන සහ හා අර්ධ කාලීන රැකියා අවස්ථා බොහොමයක් මේවා මගින් සම්පාදනය කරනවා

රැකියා ක්ශේත්‍ර

රෝගී ආහාර සේවා උපස්ථායකයන් 

සහකාර කළමනාකරුවන්

මෙහෙයුම් පරිපාලකයන්

Cafe සහකයන්

පාරිභෝගික සේවා නිලධාරීන් 

කුලී රථ රියැදුරන්

ගබඩා කළමනාකරුවන්

වෙළඳ සහයකයන්

බ්‍රිස්බේන්

ඔස්ට්‍රේලියාවේ පැරණිතම නගර වලින් එකක් ලෙස සැලකෙන බ්‍රිස්බේන් එහි සුන්දර ගෘහ නිර්මාණ ශිල්පය, පොහොසත් හරිත වටපිටාව සහ ඒ හරහා ගලා යන අලංකාර බ්‍රිස්බේන් ගඟ සඳහා ලෝකයේ ලස්සනම නගරවල රෆ් ගයිඩ්ස් ලැයිස්තුවට ඇතුළත් වී තියෙනවා .බ්‍රිස්බේන් නගරය සෑම වසරකම අවම වශයෙන් සිසුන් 50,000 ක් ආකර්ෂණය කර ගන්නා අතර එය ඕස්ට්‍රේලියාවේ තුන්වන වැඩිම ජනගහනය සහිත නගරයයි. සෑම වසරකම ජාත්‍යන්තර සිසුන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන නිසා මෙය “නව ලෝකය” ලෙසද හැඳින්වෙනවා.

බ්‍රිස්බේන් විශ්ව විද්‍යාල කිහිපයක නිවහන වන අතර, ඒවා සියල්ලම ලෝකයේ ඉහළම ආයතන අතර ශ්‍රේණිගත කර තියෙනවා. මෙම විද්‍යාල බොහොමයකට ඇතුලත් වීම ලාභදායී වන අතර, උපාධියේ සිට ආචාර්ය උපාධි දක්වා අඩු උපකාරක මිල ගණන්ද සහිත වනවා.

රැකියා ක්ෂේත්‍ර

කාර්යාල කාර්ය සහයකයන්

සහකාර කළමනාකරුවන් 

හෙදියන්

ව්‍යාපාර පරිපාලකයන්

පිලිගැනීමේ නිලධාරීන්

හෝටල් සේවකයන් 

ගබඩා සහයක

කාර්යාල කාර්ය සහයකයන්

කැන්බරා 

කැන්බරා හි ජනගහනයෙන් 25% ක් ඕස්ට්‍රේලියාවෙන් පිටත උපත ලැබූ අයයි.සෑම වසරකම ජාත්‍යන්තර අමුත්තන් දහස් ගණනක් කැන්බරා වෙත අධ්‍යාපනය හෝ රැකියා අවස්ථා සඳහා පැමිණෙනවා . විශේෂයෙන්ම සිඩ්නි සහ මෙල්බර්න් වැනි විශාල නගර හා සසඳන විට එය සාධාරණ මිල ගණන් සහිත නගරයකි.ඒ නිසාම බොහෝ දෙනා ජීවත් වීමට සහ රැකියා වල නියැලීමට මේ නගරය තෝරා ගන්නවා.

රැකියා ක්ශේත්‍ර

කුළී රථ රියදුරන් 

හෝටල් සේවකයන් 

සිවිල් කම්කරුවන් 

කාර්යාල කාර්ය සහායකයන්

ගබඩා සහායකයන් 

පෞද්ගලික පන්ති කාර්යාල සහයකයන් 

පෞද්ගලික පන්ති ගුරුවරුන් 

ඇඩිලේඩ් 

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලින් එකක් වන ඇඩිලේඩ් එහි උත්සව හා මලල ක්‍රීඩා ඉසව් මෙන්ම වයින් සහ ආහාර මෙන්ම අලංකාර වෙරළ තීරයන් සඳහා ප්‍රසිද්ධයක් උසුලනවා. එය එහි ආගමික නිදහස සහ සිවිල් නිදහස ව්‍යාපාර සඳහාද ප්‍රසිද්ධ වන අතර ඕස්ට්‍රේලියාවේ තුන්වන පැරණිතම ආයතනය වන ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ නිවහන වනවා. ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලය, දකුණු ඔස්ටේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලය, ඇඩිලේඩ් විශ්ව විද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ ටොරන්ස් විශ්ව විද්‍යාලය පිහිටා තියෙන්නේ ඇඩිලේඩ් වලයි. ඇඩිලේඩ් නගරයේ රැකියා අවස්ථා සොයන විශාල සහ විවිධ ශිෂ්‍ය ජනගහනයක් ඇත

රැකියා ක්ශේත්‍ර 

සහකාර කළමනාකරුවන්

යටිතල පහසුකම් පාරිභෝගික සේවා නිලධාරීන් 

පරිපාලන නිලධාරීන් 

අලෙවි කළමනාකරුවන් 

රෝහල් සේවකයන් 

පාසල් පිරිසිදු කරන්නන් 

හෝටල් සේවකයන් 

ඉන්ධන කම්හල් සේවකයන් 

ගබඩා සහයකයන්

ඉගෙනීම් කටයුතු සඳහා ඔස්ට්‍රේලියාව වෙත යන අයට සහ එහි පදිංචිව සිටින අයට අර්ධකාලීන සහ පූර්ණ කාලීන රැකියා බොහෝමයක් ඉහත සඳහන් නගරවල තිබෙනවා. ඔබ ඕස්ට්‍රේලියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඊට පෙර ඔබට නියැලිය හැකි මෙවැනි රැකියා ක්ශේත්‍ර පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලීම කල හැකියි.

Related Articles

Don't Miss


Latest Articles