ලෙමන් යුශ,කහ,ගම්මිරිස් ඇට යෙදූ පානය දිනපතා පානය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන..

ඔබ ඔබේ සෞඛ්‍ය වැඩි දියුණු කර ගැනීම සඳහා සරල නමුත් ඵලදායී ක්‍රම සොයන කෙනෙක් නම් එවැනි දෙයක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. සාර්ථක සහ ඵලදායි ලෙස උදෑසනක් ආරම්භ කිරීමට පුළුවන් වන පානයක් වන මෙය , ඔබේ දවස කාර්යක්ෂමව ගත කිරීමට ප්‍රයෝජනවත් වන බවට කිසිම සැකයක් නැහැ. 

කොහොමද මේක හදන්නෙ ? 

අවශ්‍ය දේවල්

  • කහ ස්වල්පයක් 
  • ගම්මිරිස් ස්වල්පයක් 
  • ලෙමන් යුෂ ස්වල්පයක් 
  • ඉඟුරු කැබැල්ලක්
  • වතුර කෝප්ප 1/2

හදන්නෙ මෙහෙමයි 

  • මුලින්ම ඉඟුරු කැබැල්ල වතුර කෝප්ප බාගය සමඟ හොඳින් බ්ලෙන්ඩ් කරගන්න
  • ඉන් පසුව එයට කහ ,ගම්මිරිස් සහ ලෙමන් යුෂ එකතු කර නැවතත් තත්පර 30ක් පමණ බ්ලෙන්ඩ් කරගන්න
  • මෙම පානය ශීතකරණයේ තබා ගත හැකි අතර උදෑසන හිස් බඩ පානය කළ යුතුය.

මේකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද ? 

  • ශක්තිය ලබාදෙයි 
  • මෙම පානය උදෑසන කාලයේදී පානය කිරීම මගින් අපේ ශරීරයට ඉතා හොඳ උත්තේජනයක් සහ ශක්තියක් ලබා දෙනවා. විශේෂයෙන්ම කැෆේන් පානයක් මගින් ඔබේ ශරීරයට ලැබෙන ශක්තියට වඩා ශක්තියක් මෙම පානය මගින් ලැබෙන බව සෞඛ්‍යවේදීන්ගේ අදහසයි. 
  • ඔබට අවශ්‍ය විටමින් සී මාත්‍රාව ලබා දෙයි
  • ඔබේ ශරීරයේ සියලුම කොටස්වල පටක වර්ධනයට සහ අලුත් වැඩියා කිරීමට විටමින් සී අත්‍යවශ්‍ය වනවා. මෙම පානයේ ඇති ලෙමන් මගින් ඔබට දිනකට අවශ්‍ය විටමින් සී මාත්‍රාව ලබා ගන්නට පුළුවන්. ඒ වගේම එමගින් ඔබේ සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ වලට අමතරව  සමට ඉතා හොඳ පෝෂණයක්ද ලැබෙන අතර සමේ පැහැයද වැඩි දියුණු කරමින් කුරුලෑ ඇතිවීම පාලනය කරනවා. 
  • බඩවැල් වල pH අගය සමතුලිත කරයි
  • සීනි, කිරි සහ සැකසූ ආහාර වැඩිපුර ගැනීම ඔබේ ආමාශයේ pH අගයේ අසමතුලිතතාවයට හේතු විය හැක. මෙම pH අසමතුලිතතාවය යථා තත්වයට පත් කිරීම සඳහා තන්තු වලින් පිරුණු පිරිසිදු ආහාර වේලක් අවශ්‍ය වන අතර මෙම පානයේ අඩංගු කහ මගින් මෙම ක්‍රියාවලිය වේගවත් කරනවා.
  • ශරීරයේ විෂ ඉවත් කිරීම 
  • මෙම පානයේ අඩංගු කහ සහ ලෙමන් අඩංගු සංයෝගය ඉතාම හොඳ ඩිටොක්ස් ඩ්‍රින්ක් එකක් ලෙස ක්‍රියා කරනවා. මෙය උදෑසනදී පානය කිරීම මගින් බඩ පිපීම, ඔක්කාරය වැනි තත්ත්වයන් ඇති වීම පාලනය කරනවා. 
  • රුධිරයේ සීනි පාලනය කිරීම 
  • කළු ගම්මිරිස් වල සක්‍රීය සංයෝගයක් වන Piperine අඩංගු වේ, ස්වාභාවික ප්‍රති-ගිනි අවුලුවන සහ ප්‍රතිඔක්සිකාරකයක් වන එහි රුධිර සීනි පාලනයට සහය වීම සඳහා සහ විශේෂයෙන් ව්‍යායාමයේදී ග්ලූකෝස් සහ මේද පරිවෘත්තීය නියාමනය කිරීම සඳහා සහය වෙනවා. පයිපරීන් curcumin අවශෝෂණය වැඩි දියුණු කරන බව බොහෝ පර්යේෂණ මගින් පෙන්වා දී ඇති බැවින් කහ සමග ගන්නා විට එය විශේෂයෙන් ක්‍රියා කරනවා.
  • මානසික අවපීඩනය සමඟ සටන් කරයි 

කහ වල අඩංගු වන ක්‍රියාකාරී ද්‍රව්‍යයක් වන Curcumin ද විෂාදනාශක ගුණයෙන් යුක්ත වන අතර පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ ශරීරයේ නිපදවෙන ‘ප්‍රීතිමත් රසායනික’  වන සෙරොටොනින් සහ ඩොපමයින් සාන්ද්‍රණය වැඩි කිරීමේ හැකියාව කහ වලට ඇති බවයි 

  • ආහාර ජීර්ණ සෞඛ්‍ය වැඩි දියුණු කරයි

මෙම පානයේ අඩංගු ඉඟුරු මගින් සාම්ප්‍රදායිකව ආහාර ජීර්ණ එන්සයිම ස්‍රාවය කිරීම ප්‍රවර්ධනය කිරීම සහ ඔක්කාරය අඩු කරනවා.එමගින් ආහාර දිරවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ වේගවත් කරනවා. ඒ වගේම ආහාර දිරවීම උත්තේජනය කිරීම සහ ආහාර දිරවීමේ අපහසුතා සමනය කිරීමටත් උපකාරී වෙනවා 

මෙම සෞඛ්‍යමය වාසි ඇතුළුව තවත් බොහෝ වාසි ඔබට මෙම පානය මගින් ලැබෙන අතර සමහර අයට උදෑසන කාලයේදී හිස්බඩ ඉඟුරු පානය කිරීම යම් අපහසුතා ඇති කිරීමට හේතුවන නිසා මෙම පානය ලබා ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles