ඔබේ දරුවාට මුලින්ම පොතක් දෙන්නේ කවදද?

පුංචි පැටියාට කතා පොතක් තෑගි දෙන්න සුදුසුම වයස කීයද?බොහෝ දෙනෙක්ට  තිබෙන ගැටලුවක් එය.ඒ ගැනයි මේ ලිපිය.

අපේ රටේ ජනප්‍රිය නොවුනත් විදේශ රටවල ක්ලෝත් බුක්ස් එහෙමත් නැතිනම් රෙදි පොත් තිබෙනවා. දරුවාගේ පළමු පින්තූර අත් දැකීම දරුවාට ලබාදීමේ අරමුණින්  තමා මේ පොත්  නිර්මාණය කරල තියෙන්නෙ. කතන්දර පොත්,පින්තූර පොත් පමණක් නෙවෙයි විවිධ මතුපිටවල් සහිතව දරුවාට ස්පර්ශ කළ හැකි පොත් ද මේ අතර වෙනවා.ඒ වගේම මෙහි පෙළ කුඩා අකුරින් සටහන් කරලයි තියෙන්නෙ.ඒ මේ අකුරු කියවන්නේ මව නිසා.දරුවා කතාව අසා පින්තූර ය රස විදිනවා.රෙදි වලින් සැකසී ඇති නිසා ආරක්ශිත වගේම අපිරිසුදු වුනාම  සෝදන්නත් පුලුවනි. මේ වර්ගයේ පොත් දරුවාට මාස තුනේදී පමණ ලබා දීමෙන් වාසි රැසක් අත් වෙනවා.

  • දරුවාගේ නිරීක්ෂණය ,සවන්දීම ඉහල යනවා.
  • රසවින්දනය වැඩි වෙනවා.
  • දරුවා චිත්තරූප මවාගන්නට පුරුදු වෙනවා.
  • පොත් පරිහරණය කිරීමට,පිටු පෙරලීමට ඉක්මනින්ම හුරුපුරුදු වෙනවා.
  • කියවීමට ඉතාමත්ම ඉක්මනින් කැමැත්තෙන් හුරුවෙනවා.
  • අනෙක් අය කෙරෙහි මෙන්ම තමන් කරන වැඩ පිලිබඳ සංවේදී වෙනවා.

ඉතින්, ඔන්න මාස 3 වුන ගමන්ම කලොත් බුක්ස් කිහිපයක්ම දරුවා වෙනුවෙන් පොත් රාක්කයක හෝ එහෙම නැත්නම් කුඩා පෙට්ටියක හෝ ඔබ විසින් නිමවන කුඩා පුස්තකාලයේ තැන්පත් කරන්න අමතක කරන්න එපා. අනාගතය වෙනුවෙන් කරන සවිමත් ආයෝජනයක් ද වෙනවා නිසැකයි.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles