ජීවිතයේ එක් කඩ ඉමක නිමාව – ආර්තවහරණය

වියපත් වීම සමග කාන්තාවන් මුහුන දෙන ලොකුම ගැටලුවක් තමා ආර්තවහරනය. සිරුර තුල දින විසි අටකට වරක් සිදුවන මාසික ඔසප් වීම නැවතීම මේ නිසාසිදුවෙනවා. මෙය අතිශය සාමාන්‍ය සිදුවීමක් වුවත් ඇතැම්විට කාන්තාවන් මේ ආර්තවහරනය නිසාවෙන් මානසිකව මෙන්ම ශාරීරිකවද ආබාධයට ලක්වන අවස්තා හමුවනවා. තමන් තව දුරටත් වැඩක් නැති කෙනෙකු ලෙස දැනෙන හැඟීමේ සිට විවිධ ශාරීරික ආබාධ දක්වාම මේ තත්වය පැතිරෙන්නට පුලුවන්. ඉතින් ඒ නිසා ආර්තවහරණය කියන්නේ සුලුකොට තැකිය හැකි දෙයක් නෙවෙයි. ඔබ කිනම් වයසක කාන්තාවක් වුණත් මේ ගැන දැනගෙන සිටීම වැදගත් වේවි.

  • සාමාන්‍යයෙන් කාන්තාවක් මේ ක්‍රියාවට ලක්වන්නේ වයස අවුරුදු පනහා පසු වීමෙන් පසුවයි.නමුත් සමහර කාන්තාවන්ගේ මේ වයස් සීමාව වෙනස් වීමට හැකියි.
  • ගර්භාෂය ආශ්‍රිතව විවිධ රෝගාබාධ හටගත් අවස්ථා වලදී එය ඉවත් කිරීමට සිදුවීම නිසා නිසි වයසට පෙර ආර්තවහරණය සිදුවෙනවා.
  • ආර්තවහරණයේදී කාන්තාකවකගේ සිරුරේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වන ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම යම් පසුබෑමකට ලක්වනවා. එය පටක දුර්වල වීමට බලපානවා. යෝනි මාර්ගය වියලීමකට ලක්වීම, මුත්‍රා මාර්ගයෙහි යම් වෙනස්වීම් වලට ලක්වීම, පාලනයක් නැතිව මුත්‍රා පිටවීම, මුත්‍රාශය පහත්වීම, ගුද මාර්ගය යෝනි මාර්ගය වෙතට නෙරායාම, වැනි දුර්වලතාවයන් මෙහිදී දැක ගන්නට පුලුවන්.
  • සිරුර පුරා නිතර දහදිය දැමීම, සිරුර සහ මුහුණ තද උණුසුමකට බඳුන්වීම, වැනි තත්ත්වයන්ට මුහුණ දීම. වෛද්‍ය විද්‍යාවට අනුව එය මෙනුපෝසල් හොට් ප්ලසස් යනුවෙන් හඳුන්වනු ලබනවා.
  • සමට යටින් තිබෙන තෙල් මේද තට්ටුවෙහි පටක වියලී යාම නිසා සම වියලි ස්වභාවයක් ගන්නා අතර ඉක්මනින්ම රැලි වැටීමට පුලුවන්.
  • සමහර අවස්ථා වලදී සිරුරෙහි ක්‍රියාකාරිත්වයට උරදෙන ප්‍රධාන අස්ථි දුර්වලතාවයන් සහ බිඳවැටීම් හේතුකොට ගෙන සමහර දෙනෙකු ආඝාතය, ඔස්ටියෝපොරයිසිස්, වැනි තත්වයන්ට ගොදුරුවීම දක්නට ලැබෙනවා. කොඳු නාරටිය, සුශුම්නාව, සහ අතපය ආශ්‍රිත අස්ථි මෙහිදී හානියට පත්වෙන්නට පුලුවනි.
  • ආර්තවහරණයට කාන්තාවන් වැඩිපුර ලක්වන්නේ වයස අවුරුදු 50 – 60 ත් අතර වයසේ නිසා විශාදය වැනි තත්වයන්ට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ තරමක්වැඩියි. එයට තවත් හේතු එකතු වෙන්නට පුලුවන්. රැකියාවෙන් විශ්‍රාම යාම, වයස්ගත පෙනුමක් ලැබෙමින් පැවතීම, දරුවන් විවාහවීම, ආච්චී නම් ඇමතුම කුඩා දරුවන්වෙතින් අසන්නට වීම, ආදිය සියල්ලටම එකම කාලයකදී මුහුණදීමට සිදුවෙනවා. එම නිසා විශාදය වැනි තත්වයන්ට ගොදුරුවීමේ අවදානම වැඩී.
  • මෙය වළක්වා ගැනීමට නිසි පෝෂණයක් ලබා ගැනීම, මානසික සුවතාවය ගැන නිරන්තර අවධානය දැක්වීම, මිතුරු ඇසුර, හුදෙකලා නොවීම, කිසියම් රාජකාරියකනියැලීම ආදිය මගින් හැකියාව තිබෙනවා. ඒ වගේම මේ වෙනුවෙන් පෙර සූදානම මෙන්ම කියවා දැනුවත් වීමද වැදගත් වේවි.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles