පණ නැති රොබෝ කෙල්ලෙක්ට ආදරය කල සාමාන්‍ය කොල්ලෙක්.. Teri Baaton Mein Aisa Uljha Jiya

ආදරේ කියන්නෙ හරි ලස්සන දෙයක්නෙ.

කවුද අකමැති නේද ආදරේ කරන්න? ආදරේ ලබන්න? නොවෙනස් වෙන ආදරයක් ලබන්න ඕනම කෙනෙක් ආසයි.

ඒ වගේම තමයි තමන්ගෙන් නාහා කිසි දෙයක් නොකරන, තමන් කියන ඕන දෙයක් කරන, තමන් ගැන විතරක්ම හිතන කෙල්ලෙක් ලැබෙනවට ඕන කොල්ලෙක් ආසයි.

ඉතින් ඔන්න අද කතාවෙන් මම කියන්න යන්නෙ කොල්ල කියන විදියට ජීවත් වෙන්න තීරණය කරපු ආදරවන්තියකගෙ කතාව ගැන.

ආර්‍යන් අග්නිහෝත්‍රි කියන්නෙ රොබොටික්ස් ඉන්ජිනියර් කෙනෙක්. ඒ කිව්වෙ රොබෝල හදන ඉංජිනේරුවරයෙක්. ඉතින් මෙයා මාර දක්ශයි. ඒ විතරක් නෙවෙයි පුදුම හැන්ඩ්සම් කොල්ලෙක්. හැබැයි මෙච්චර ලස්සන, මෙච්චර හොඳට ඉගෙන ගත්ත, මෙච්චර හොඳ රස්සාවක් කරන පුතෙක් ඉඳලත් ආර්‍යන්ගෙ අම්මා නම් ඉන්නෙ පොඩ්ඩක්වත් හිතේ සැනසීමෙන් නෙවෙයි.

ඒ ඇයි ද දන්නවද?

මොකද ආර්‍යන් කසාද බඳින්න කැමති නෑ. ඔව්. හේතුවක් එහෙමකට කියල තිබුනෙ නැති උනාට ආර්‍යන් ට එහෙම කෙල්ලො ගැන ලොකු ඉන්ටරස්ට් එකක් නෑ.දවසක් රෑක ආර්‍යන් නිදාගෙන ඉද්දි ආර්‍යන්ගෙ අම්මා ඇතුලු පවුලෙ අය මොකද කරන්නෙ විවාහ රෙජිස්ට්‍රා කෙනෙක්ගෙන් ඉල්ල ගත්ත විවාහ සහතිකයකට ආර්‍යන්ගෙ ඇඟිලි සලකුණ ගන්නවා.

ආර්‍යන් නින්දෙන් නැගිටල එද්දි ආර්‍යන් කසාද බැඳල, මනමාලි ගෙදරට ඇඉල්ල. හැබැයි මනමාලි තාම අර ඉන්දියන් චාරිත්‍රවලට අනුව සලුව ඔලුවෙ ඉඳන් දාගෙන තමයි ඉන්නෙ. මොකද ඒ සලුව අයින් කරන්න ඕන මනමාලය නිසා. ඉතින් තමන් නිදාගෙන ඉන්න අතරෙ තමන්ව මෙහෙම රවට්ටල කසාද බන්දල දීපු එක ගැන අවුලෙන් ඉන්න ආර්‍යන් අම්මල එක්ක රණ්ඩු වෙලා අර කෙල්ලට ගිහින් කියනව ඔයා ගෙදර යන්න. මම ඔයාව බඳින්න කැමති උනේ නෑ. මේක බලහත්කාරෙන් කල එකක් කියල. ඉතින් ඔය කතාව කිව්වට මේ කෙල්ල ඕක ගණන් ගන්නෙ නෑ හිනාවෙවී ඉන්නව.

යකා නගින් ආර්‍යන් බලෙන්ම වේල් පට අයින් කරාම තමා දකින්නෙ මනමාලි රොබෝ කෙනෙක් කියල.

බයවෙච්ච පාර ආර්‍ය්න් නැගිටින්නෙ දාඩිය දාගෙන.

ඔව් ඔව් ඒක හීනයක්. කොහොමද අනේ එහෙම කසාද බන්දල දෙන්නෙ?

ඉතින් අම්මගෙ මේ කසාද බඳින්න කියන වදෙන් බේරෙන්න ආර්‍ය්න් තීරණය කරනව එයාගෙ පුංචි අම්මා, ඒ කිව්වෙ එයා වැඩකරන රොබෝ ආයතනයෙ  CEO ගෙ ඇමරිකාවෙ තියන ඔෆිස් එකකට යන්න අලුත්ම ප්‍රොජෙක්ට් එකකට. ඉතින් පුංචි අම්මා කියනව “ඔයා මෙහෙ එන්න, එතකොට ටික කාලෙකට හරි අම්මගෙ වදෙන් බේරෙන්න පුලුවන්. මගේ අලුත් ප්‍රොජෙක්ට් එකට ඔයාගෙ උදව්ව ගන්නත් පුලුවන්” කියල.

ඉතින් ඔය විදියට ආර්‍යන් ඇමරිකාවෙ හෙඩ් ඔෆිස් එකට යනව. පුදුම ලස්සන, දියුණු තාක්ශනයක් භාවිතා කරල හදපු ඔෆිස් එකක්. ඔෆිස් එකේ සිරි නරඹල පුංචි එක්ක එයාගෙ ඔෆිස් රූම් එකට ගියාට පස්සෙ තමයි ආර්‍යන් දැනගන්නෙ රොබොටික්ස් කම්පනි එකේ මීටින් එකකට පුංචිට වෙන රටකට යන්න වෙලා කියල. ආර්‍යන් ඒකට අවුල් ගියා කියල පුංචි දකිනව.

“ඔයා ගියාම මම කොහොමද අනේ කම්මැලිකමේ ඉන්නෙ මෙහෙට වෙලා?”

“අයියෝ බයවෙන්න එපා මම සිෆ්‍රාට කියල තියෙන්නෙ ඔයාට ඕන දේකට සපෝට් කරන්න කියල. මම හැමදේම ප්ලෑන් කරල තියෙන්නෙ”

“සිෆ්‍රා කියන්නෙ කවුද?”

“මගේ ඇසිස්ටන්ට්”

ඉතින් ආර්‍යන් පුංචිගෙ කීම අහල පුංචිගෙ ඇමරිකාවෙ ගෙදරට යනව. ගෙදර දොර අරින්නෙ පුදුම ලස්සන කෙල්ලෙක්. ආර්‍යන්ට හිතාගන්න බෑ තමන්ගෙ පුංචිගෙ ඇසිස්ටන්ට් මෙච්චර ලස්සන කෙල්ලෙක්ද කියල.

ඉතින් කතා කරල ගේ ඇතුලට යන ආර්‍යන් ඊට වඩා පුදුම වෙනව සිෆ්‍රා කොච්චර හොදට ගෙදර වැඩ කරනවද කියල දැක්කම.

“ඔයාට හොඳට හින්දි කතා කරන්න පුලුවන්නෙ”

“හින්දි විතරක් නෙවෙයි මට ඕන භාසාවක් කතා කරන්න පුලුවන්” සිෆ්‍රා හිනාවෙලා කියනව.

සිෆ්‍රා හදල දෙන චීන කෑම කන ආර්‍යන් පුදුම වෙනව ඒවයි තියන රසට.

“ඔයාගෙ කෑම මාරම රසයි. ඔයාට ඉන්දියන් කෑම හදන්න පුලුවන්ද?”

“මට ඕන කෑමක් හදන්න පුලුවන්” සිෆ්‍රා හිනාවෙලා කියනවා.

කොහොමහරි නිවාඩු දවස් දෙක ආර්‍යන් ගෙවන්නෙ සිෆ්‍රා එක්කමයි. ඉතින් ටිකෙන් ටික ආර්‍යන්ට තේරෙනව තමන් සිෆ්‍රාට කැමති බව. ඒ කැමැත්ත ආර්‍යන් සහ සිෆ්‍රාව ශාරීරිකවත් එකට එකතු කරල තමයි නතරකරන්නෙ.

ඉතින් ඒ වැඩෙන් පස්සෙ ඇඳේ හාන්සිවෙලා ඉන්න ආර්‍යන් සිෆ්‍රාගෙන් මෙහෙම අහනව.

“ඔයාට අවුල්ද මම එහෙම කල එක?”

“අනේ නෑ. මම ඒකට කැමතියි”

“ඔයා පොඩ්ඩක් අපහසුවෙන් වගේ හිටියෙ”

“ඒ මගේ පලවෙනි වතාව නිසා වෙන්නැති”

කොහොමහරි ආදරෙන් සිෆ්‍රාව තුරුල් කරගන්න ආර්‍යන් සනීපෙට නිදාගන්නව. උදේම ඇහැරිල එයා සිෆ්‍රාට කෑම හදල දෙන්නයි යන්නෙ. කෑම හද හද ඉද්දි තමයි හවස් වෙලා තමයි ගෙදර එන්නෙ කිව්ව පුංචි උදේම එන්නෙ. පුංචි දකින ආර්‍යන් කලබල වෙනව තමන්ගෙ එයාගෙ ඇසිස්ටන්ට් එක්ක නිදාගත්ත එක ගැන පුංචිට තරහ යාවි කියල.

හැමතැනම සිෆ්‍රාව හොයන පුංචි ආර්‍යන්ගෙ කාමරෙට ගියාම දකිනව ඇඳේ වැටිල, ඇස් ලොකු කරගෙන, මැරිල වගේ ඉන්න සිෆ්‍රාව. ආර්‍ය්න් පවා හොඳටම බයවෙනවා.

රෑ හොඳට හිටපු කෙල්ලට උදේ මොකද උනේ කියල.

“අපි මෙයාව ඩොක්ටර් කෙනෙක් ලඟට එක්කරගෙන යන්”

“මෙයාව එහෙම නැගිට්ටවන්න බෑ” කියන පුංචි බෑග් එකේ තිබ්බ චාජර් එකක් අරගෙන සිෆ්‍රාව ඒකට ප්ලග් කරනව. සිෆ්‍රා චාජ් වෙන බව එයාගෙ නලලෙ තියෙන බැටරි සලකුණකින් පෙන්නනව.

තමන් ආදරෙන් බැඳිල තියෙන්නෙ රොබෝ කෙනෙක්ට කියල ආර්‍ය්න්ට තේරෙන්නෙත් එවෙලෙ.

ඉතින් පුලුවන් වෙයිද රොබෝ කෙනෙකුටයි මනුස්සයෙකුටයි ආදරේ කරන්න?

Related Articles

Don't Miss


Latest Articles