ඉක්මනින්ම සිරුරේ බර අඩු කරන යෝගට්

නිරෝගී හැඩැති සිරුරක් හිමි කරගැනීම පහසු නැහැ. ඒ වගේම අපහසුත් නෑ. නිසි දැනුම සහ කැපවීම පමණයි අවශ්‍ය වන්නේ. ඉතින් ඉක්මනින් සිරුරේ බර අඩුකරගන්න යෝගට් කෑවොත් පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද?

  1. බොහෝ අය කරන්නේ වේලක් හෝ දෙකක් නිරාහාරව ඉඳ ශරීරයේ බර අඩු කරගන්න උත්සාහ කිරීමයි. මෙයින්, ශරීරයේ බර යම් ප්‍රමාණයකට අඩු කරගැනීමට හැකියාව ලැබුනත්, ප්‍රතිඵලය දිගටම පවත්වාගැනීම ඉතාම අපහසු යි.
  2. දිනපතා ව්‍යායාම කිරීම සහ ගන්නා කැලරි ප්‍රමාණය අඩු කරමින් සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ගැනීම මගින් වඩාත් ඵලදායී ලෙස බර අඩු කරගන්න පුලුවනි. සෞඛ්‍ය සම්පන්න බර අඩු කරගැනීමක ඇති වැදගත්ම කාරණා දෙක එය බව ඔබ වටහා ගත යුතුයි.

එසේනම්, බර අඩු කරගැනීමට යෝගට් යොදාගන්නේ ඇයිදැයි බලමු.

ටෙනෙසී විශ්ව විද්‍යාලයේ (the University of Tennessee) පර්යේෂකයන් පිරිසක් යෝගට් පරිභෝජනය සහ බර අඩුවීම අතර සම්බන්ධයක් ඇතිදැයි සොයන්න පර්යේෂණයක් කලා. වසර 2005 ජනවාරි මස, ඔවුන් එහි ප්‍රතිඵල තරබාරුකම පිළිබඳ ජාත්‍යන්තර සඟරාවේ (The International Journal of Obesity) පලකරනු ලැබුවා. එම පර්යේෂණය මගින්, දිනකට මේදය අඩු යෝගට් (Low-fat yoghurt) කෝප්ප තුනක් පරිභෝජනය කිරීමට පුරුදු වූ අයගේ ශරීරයේ බර, යෝගට් නොකා ආහාර ගැනීම අඩුකරමින් බර අඩු කරගැනීමට උත්සාහ කරන අයට වඩා, වැඩිපුර අඩුවන බව ඔවුන් සොයාගෙන තිබුනා. මෙහිදී, වැඩිපුර උදරයේ ඇති තෙල් අඩුවීම විශේෂ දෙයක් වුනා.

යෝගට්වලින් ඉක්මනින් බර අඩු වෙන්නේ කෙසේද?

  • මේදය අඩු යෝගට් වල සාමාන්‍ය යෝගට් වලට වඩා ප්‍රෝටීන් අඩංගු වෙනවා. වැඩිපුර ප්‍රෝටීන් අඩංගු ආහාර බර අඩු කරගැනීමට උපකාරී වනවා. ප්‍රෝටීන් වැඩිපුර පරිභෝජනය කරන විට, ආහාර ගෙන අවසන් වන්නටත් පෙර, කුස හොඳින් පිරී ඇතිබවට සංඥාවක් මොළයට යනවා. එමනිසා, අප ගන්නා ආහාර වේලක ප්‍රමාණය සහ කැලරි ප්‍රමාණය සීමා කිරීමට ප්‍රෝටීන් වලට හැකියාව තිබෙනවා.
  • ප්‍රෝටීන් වල අඩංගු ඇමිනෝ අම්ලයක් වන ලියුසීන් (Leucine), ශරීරය තුළ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන අතර, එමගින් මාංශ පේශි පරිභෝජනය කරන ග්ලූකෝස් ප්‍රමාණය වැඩිවනවා. ලියුසීන් මගින්, මේද පටක වලින් ශ්‍රාවය කරන ලෙප්ටින් (Leptin) නැමැති හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වැඩිවන අතර, එමගින් ආහාර රුචිය අඩු කරනවා.
  • එයට අමතරව, ප්‍රෝටීන මගින් ශරීරයේ තාප නිෂ්පාදන ක්‍රියාවලිය (Thermogenesis) වැඩි කරයි. එවිට ද, ආහාර රුචිය තරමක් අඩුවන අතර, ශක්ති පරිභෝජනයද වැඩිවනවා.
  • එමනිසා, මෙම ක්‍රියාවලිය මගින් ආහාර මගින් ගන්නා කැලරි ප්‍රමාණය අඩුවනවා. ඒ වගේම, ශරීරය තුළ කැලරි දහනය ද වැඩිවෙනවා.
  • ප්‍රෝටීන වැඩිපුර ගැනීම මාංශ පේශි වර්ධනය කරනවා. එමගින්, ශරීරයේ පරිවෘත්තීය සීඝ්‍රතාවය වැඩිවී, කැලරි දහනය ද ඉහළ යනවා.
  • යෝගට් වල කැල්සියම් (Calcium) ද වැඩිපුර තිබෙනවා. ආහාර මගින් ලැබෙන කැල්සියම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේද පටක වල තැන්පත් වනවා. ශරීරයේ මේදය තැන්පත් කිරීම සහ මේදය දහනය කිරීම පාලනය කිරීමට කැල්සියම් වලට හැකියාව ඇත. සාමාන්‍යයෙන්, කැල්සියම් වැඩිපුර අන්තර්ගත මේද පටක, කැල්සියම් අඩු මේද පටක වලට සාපේක්ෂව, වැඩිපුර මේදය දහනය කරයි. එමනිසා, කැල්සියම් බහුල යෝගට්, ශරීරයේ වැඩිපුර මේදය දහනය කිරීමට උපකාරී වන අතර, මේදය තැන්පත් වීම අඩුකරනවා.
  • කැල්සියම් ඌණතාවයක් ඇතිවිට, කැල්සිට්‍රියෝල් නැමැති රසායන ද්‍රව්‍යයක් වකුගඩු මගින් ශ්‍රාවය කරන අතර කැල්සිට්‍රියෝල් යනු විටමින් D වල සක්‍රීය ප්‍රභේදයක්.
  • මෙම කැල්සිට්‍රියෝල් මේද පටක ප්‍රමාණය වැඩිකිරීමට සමත්. එමගින්, ශරීරයේ බර වැඩිවීම සිදුවනවා. ආහාර වලින් කැල්සියම් වැඩිපුර ලැබෙන විට, කැල්සිට්‍රියෝල් නිෂ්පාදනය පහත වැටෙන බැවින්, මේද පටක ඇතිවීම අඩුවනවා. ශරීරයේ තාප නිෂ්පාදන ක්‍රියාවලිය ද කැල්සියම් මගින් මදක් වැඩිවේ. එමගින්, කැලරි දහනය වැඩිවන අතර, කැල්සියම් වල ක්‍රියාකාරීත්වය ද තවදුරටත් ඉහළ යනවා. ආහාර රුචිය අඩුවීම ද කැල්සියම් මගින් ලැබෙන තවත් වාසියක්.
  • සීනි අඩු හෝ නැති යෝගට් ගෙදර දීම නිපදවගන්නට පුලුවන් නම් ප්‍රතිඵල වැඩියි.

Related Articles

Don't Miss


Latest Articles