සැලෝන් යන්න බය කාලෙට -1

සමට ධාන්‍ය සත්කාර

  • රාත්‍රියේදී ජලයට මුං ඇට පිටි ස්වල්පයක් මිශ්‍ර කරලා මුහුණ මත ආලේප කරන්න. මුහුණේ සම පිරිසිඳු වෙලා, අවපැහැ ගැන්වීම් නැති කරනවා.
  • මුං ඇට පිටි වලට මීකිරි, මී පැණි, කහ කුඩු මිශ්‍ර කර මුහුණේ ගල්වන්න. විනාඩි 20කට පමණ පසු සෝදා හරින්න. මේ සත්කාරය මඟින් මුහුණ මත ඇති විෂබීජ නැති වෙනවා. මුහුණේ ලප කැළැල් මැකී, මුහුණේ සම සිනිඳු වී, පැහැපත් වෙනවා. පිටතදී හිරු එලියට නිරාවරණය වෙලා ගෙදර ආවට පස්සේ මේ ආලේපනය ගැල්වීමෙන් හිරු එළියෙන් සමට වූ හානි නැවත යථා තත්වයට පත් කර ගන්නත් පුළුවන්.
  • දද සහ කුෂ්ඨ රෝග සම අවලස්සන කරවනවා. මුං ඇට මේ සඳහාත් හොඳ ඔසුවක්. මුං ඇට පිටි සමඟ අඹරාගත් ඇත් තෝර දළු සහ ජලය එකට මුසු කර ඒ මත ආලේප කරන්න. දින කීපයක් මෙම සත්කාරය එක දිගට කිරීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්.
  • අප නොසිතන ඕනෑම වෙලාවක අපට පිළිස්සුම් අනතුරු සිදු වෙන්න පුළුවන්. උණු වතුරෙන්, ගින්දරෙන්, රත් වූ යකඩ බඳුනක් සම මත ගැටීමෙන් සමේ තුවාල සහ කැළැල් ඇති වෙනවා. හුඟ දෙනෙක් පිළිස්සුනු ගමන් දන්තාලේප හෝ ලුණු ඒ මත ආලේප කරන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඒ සියල්ලන්ටම වඩා ගුණ දායක ඖෂධයක් තමයි මුං ඇට. මුං ඇට පිටි වතුර සමඟ මිශ්‍ර කරලා පිළිස්සුනු තැන ගැල්වීමෙන් වේදනාව සහ තුවාල ඇති වීම වලක්වා ගන්න පුළුවන්.
  • පුරුද්දක් විදිහට මුං ඇට කැඳ දිනපතා පානය කිරීමෙන්, කුරුලෑ ඒම අඩු කර ගන්න පුළුවන්.
  • මුහුණට පැක් දැමීමේදී කඩල පිටි යොදා ගන්න පුළුවන්. කඩල පිටි හා යෝගට් මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් මුහුණ පැහැපත් වෙනවා.
  • කඩල පිටි, තක්කාලි යුෂ සහ කොහොඹ කොළ එකට අඹරා මුහුණේ ගැල්වීමෙන් කුරුලෑ ඒම වළක්වා ගන්න පුළුවන්.
  • හිරු එළියෙන් හානි වූ සම නැවත යථා තත්වයට පත් කර ගැනීම සඳහා කඩල පිටි, කෝමාරිකා යුෂ සහ දෙහි එකට මිශ්‍ර කර මුහුණේ ගල්වන්න.
  • කඩල ආහාරයට ගැනීමෙන් එහි ඇති පෝෂණ ගුණ ඔබේ හිස කෙස් පෝෂණය කරනවා. හිස කෙස් වේගයෙන් වැවෙන්නට කඩල උපකාරී වෙනවා.
  • කව්පි ආහාරයට ගැනීමෙන් ලේ පිරිසිඳු වෙනවා. එමඟින් සමේ කැසීම්, බිබිලි, දද ආදිය සුවපත් වෙනවා.
  • ආමන්ඩ් ඇට පිටි, දෙහි යුෂ, රසකාරක නොයෙදූ යෝගට් සහ කෝමාරිකා යුෂ එකට මිශ්‍ර කර රාත්‍රියේදී මුහුණේ ආලේප කිරීම මඟින් සම පැහැපත් වෙනවා. සමේ රැලි වැටීම් අඩු වෙනවා. 

Related Articles

Don't Miss


Latest Articles