ඔබව අත්හැර ගිය පරණ ප්‍රේමය අමතක කරන්න නම් මෙන්න ඔබ කලයුතුම දේවල්

ආදරය කල අයෙකු අමතක කර දැමීම පහසු කටයුත්තක් නොවේ. ආදරයෙන් ගෙවූ කාලය පුරුද්දක් ලෙස නිතර මතකයට නැගෙමින් ඔබ වේදනාවට පත්වීමත්  පුදුමයක් නෙමෙයි. පුංචි සිදුවීමකින් වුනත් පරණ හැඟුම් දෝරේ ගලා යන්න පුළුවන්. මෙය ඔබේ ඉදිරි අනාගතයට හොඳ දෙයක් නම් නෙමෙයි.අනික් නරක පුරුදු වගේම මෙයත් ඔබේ ජීවිතයෙන් බැහැර කළ යුතුයි.

මේ සඳහා අවශ්‍යවන්නේ දැඩි අධිෂ්ඨාන ශක්තියක් (willpower) බව මනෝවිද්‍යාඥයින් පවසනවා. අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කරන මෙම පිළියම් හතර  අනුගමනය මගින් මෙම කණගාටුදායක පුරුද්දෙන් ඔබට මීදීමට හැකි අතරම නව බලාපොරොත්තු සමග ජීවිතය දෙස ධනාත්මකව බැලීමේ හැකියාවද ලැබෙන බව මනෝවිද්‍යාඥයින්ගේ මතයයි.

ආදර්ශමත් චරිතයක් තෝරාගන්න.

මනෝවිද්‍යාඥයින් පවසන ආකාරයට ඔබට අධිෂ්ඨාන ශක්තිය මෙවැනි චරිත හරහා උකහාගත හැකියි. සැබෑ නොවුණු ප්‍රේමයක් අමතකකොට දමා හෝ දික්කසාදයකින් පසුව හෝ වෙනත් ‍බිඳවැටීමකට පසුව ජීවිතය දිරියෙන් ඉදිරියට ගිය පුද්ගලයෙක් ආදර්ශමත් චරිතය ලෙස තෝරාගන්න. ඔබට එවැන්කෙුගේ ජීවිතය දෙස බලා තම ජීවිතය දිරියෙන් නැවත ගොඩනඟාගැනීමට අවශ්‍ය දිරිය ලබාගන්න පුළුවන්.

ඕනි නහැ කියන පුරුද්දෙන් මිදෙන්න

ඔබේ ජීවිතයට අලුත් වසන්තයක් අවශ්‍ය නැහැ කියන හැඟීම අත්හරින්න. අලුත් කැමැත්තක බඩුවක් මිලට ගන්නව වගේ ක්ෂණිකව වෙන දෙයක් නොවුනත් වඩා යහපත් අයෙකු මුණගැසේවි යන සිතුවිල්ලට ඉඩදෙන්න. ඒ අතර වාරයේදී ඉවීම, පිහිනීම වැනි නව විනෝදාංශයකට සිත යොමන්න.

ඔබගැන අවධානය යොමන්න

පරණ සබඳතාවය මතක්වනවිට ආතතිය අනිවාර්යයෙන්ම වැඩිවේ. ඔහුට/ඇයට කතාකරන්නට සිතේ. මෙය හොඳදෙයක් නෙමෙයි. මෙය මනෝවිද්‍යාඥයින් හඳුන්වන්නේ  මුණගැසීමෙන් ලැබෙන සතුට (contact comfort) ලෙසයි. මෙය ආතතිය වැඩිකරන ප්‍රධානකාරයක්. මෙය අවම කරගන්නට යහළුවන් සමඟ ඇවිදින්නට යාමෙන්, යෝගා වැනි ක්‍රියාකාරකමක යෙදීමෙන් අවමකරගතහැක.

දරාගන්න

වෙන්ව ගිය පුද්ගලයා සම්පූර්ණයෙන්ම මනසින් ඉවත්කර ඒ පිළබඳ සිහින දැකීම නවතන්න. හදිසියේවත් මතක් වණොත් කලබල නොවන්න. එය යටගිය සිදුවීමක් ලෙස සලකා අමතක කොට ඔබගැන සැබවින්ම සොයාබලන කෙනෙක් කෙරෙහි අවධානය යොමුකරන්න.

අතපසු නොකර මෙම සරළ ක්‍රම හතර තුළින් අධිෂ්ඨාන ශක්තිය වර්ධනයකර‍ගෙන අතීතය අමතක කර දමා විශ්වාසයෙන් යුතුව ජීවිතයට මුහුණදෙන්න.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles