දෑත් වගේම පවුලම සුරකින සේදුම් දියරයක්.

Make your home clean enough to be healthy ,but durty enough to be happy “

ගෘහණියක ලෙස කාන්තාවකට තිබෙන වගකීම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ .සම්පූර්ණයෙන්ම පවුලේ සනීපාරක්ෂාව පිළිබඳ ව ,SAFE ජීවන රටාවකට මගපෙන්වීම නිරතුරුවම ඔබ සතු වනවා .ඉතින් එවන් SAFE ජීවන රටාවක් වෙනුවෙන් සැලකිය යුතු කරුණු කාරණා බොහොමයක් තිබෙනවා .

එක සතියකට ගෙදරක සේදීමට එකතු වන රෙදි තොගය ගැන අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ .කුණු ,දූවිලි ,විවිධ පැල්ලම් එක්ක ගෘහණියක් විදියට ඔට්ටු වෙන්නට නිතරම අපට සිදු වෙනවා .
මේ රෙදි පිළි අතර අප එදිනෙදා නිවසේ භාවිතා කරන මේස රෙදි, දොර රෙදි, ජනෙල් රෙදි ,අත පිස්නා වගේම අප පෞද්ගලිකව භාවිතා කරන ඇඳුම් ආදිය ද ඇතුළත් වෙනවා .
ඉතිං ගෘහණියක් විදියට ඔබ සතු අභියෝගය වන්නේ මේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට සුදුසුම ,ඒ වගේම SAFE සේදුම් කාරකයක් තෝරා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ කිසිම විවාදයක් නැහැ.

විවිධ රෙදි සේදුම් කාරක පිළිබඳ නම් රාශියක් ඔබේ මතකයේ ඇති .නමුත් ඒ සියල්ලම සෞඛ්‍යමය වශයෙන් SAFE ද? ඒ ගැන අපි කතා කරමු.

රෙදි සේදීමට SAFE ,සුදුසු සේදුම් කාරකයක් තෝරා ගන්නෙ කොහොමද?

  • ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොර වීම හරිම වැදගත්.
  • ලේබලය හොඳින් කියවන්න .
  • කල් ඉකුත්වන දිනය බලන්න .
  • භාවිතයෙන් පසු නිතර ම සමේ විවිධ රතු බිබිලි ,දෑත් වියලීම ආදිය සිදු වෙනවා දැයි සැලකිලිමත් වන්න .දැනටමත් ඒ ඒ ලක්ෂණ ඔබට තිබෙනවා නම් රෙදි සේදුම් කාරකය එයට හේතු වෙන්නට පුළුවන්

සම වියලීම, පැලීම ,ඉරුවාරදය ආදී ආබාධ ඇති වීම ,ශ්වසන ආබාධ ආදිය ඇති විය හැකි බැවින් නිතරම සෞඛ්‍යයට හිත කර බව, SAFE බවසහතික කර ගන්න.

රෙදි සෝදන කුඩු තවදුරටත් ප්‍රයෝජනවත් ද ?

  • රෙදි සෝදන කුඩු සේදීමෙන් පසු ද ඇඳුම් වල ඉතිරි වෙන්නට පුළුවන් .
  • නිසි පරිදි ජලයේ දිය වෙන්නේ නැහැ.ඒ නිසා නිසි ප්‍රතිඵල ලැබීම සඳහා විශාල ප්‍රමාණයක් එකතු කළ යුතුයි.
  • අතින් සේදීමේ දී තරමක් වේලා කලවම් කළ යුතු නිසා අත් වලට වන හානිය වැඩියි .

රෙදි සේදුම් දියරයක ඇති වාසි මොනවාද?

  • භාවිතය හරිම පහසුයි .
  • ජලය සමඟ හොඳින් දිය වෙනවා
  • වැඩිපුර ජලය අවශ්‍ය වන්නේ නැහැ.
  • වේළුණු පසු ඇඳුම් වල කුඩු ලෙස තැන්පත් වන්නේ නැහැ
  • රෙදි සෝදන යන්ත්‍ර යේ තැන්පත් වීම සිදු වන්නේ නැහැ
  • හොඳින් දිය වන නිසා පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් සිදු වෙනවා .

ඉතින් වඩාත්ම කාර්යක්ෂම,SAFE විදියට රෙදි සෝදන්නට නිරතුරුව ම ඔබේ බුද්ධිමත් තේරීම හරිම වැදගත් වෙනවා.

Related Articles

Don't Miss


Latest Articles