ලංකාවම කම්පා කළ හෝකන්දර මිනිස් ඝාතනය

1999 වසරේ පෙබරවාරි දහ වැනිදා මුළු රටම කම්පාවෙන් ඇළලී ගිය සිදුවීමක් සිදු වුණා.ඒ හෝකන්දර ප්‍රදේශයේ සිදුවූ සය පුද්ගල ඝාතනයක් නිසා.අමරගොඩ මරණගොඩ නමින් කාලයක් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් වූ මේ භයානක අපරාධයේ යටගිය තතු ඔබට ගෙන එන්නට අපි හිතුවා.

හෝකන්දර ඝාතනය වුණේ කවුද?

ලලනදාස  හෝකන්දර අමරගොඩ ජීවත් වූ පුද්ගලයෙක්.ඔහු යමක් කමක් තිබූ ගොවියෙක් සහ ඉඩම් හිමියෙක්.ඔහුගේ දරුවන් පිළිගත් රැකියා කළ අය වුණා.විශාල දේපලක්ද හිමි ලලනදාස මහතා ගම්මුන් සමඟ ලොකු හිතවත්කමක් තිබුණේනම් නැහැ.අමරදාස නම් මුදලාලි කෙනෙක් සමඟ ලලනදාස මහතාගේ කෝන්තරයක් තිබුණේ කාලයක් තිස්සේයි.අමරදාසගේ පුතා ලලනදාස මහතාගේ දියණියන්ට අයුතු යෝජනා කිරීමත්,ඉඩම් ආරවුලක සිද්ධියක් මේ සඳහා හේතු වුණා.ඝාතනයට මාසයකට පෙර ලලනදාසගේ ගෙදර උදවිය අමරදාසගේ සහචරයන්ගෙන් පහර කෑමකටද ලක් වුණා.ඒ සම්බන්ධයෙන් හෝමාගම උසාවියේ නඩුවක් ද ගොනු වී තිබුණා.ඒ නඩුව විභාගයට ගත් දා මේ සාහසික ඝාතනය සිදු වෙනවා.

හෝකන්දර ඝාතනය සිදු වූයේ කෙසේද?

අමරදාස සහ සහචරයන් අතින් මුලින්ම ඝාතනය වන්නේ ලලනදාස මහතාවයි.පස්වරු දෙකට පමණ ගෙලට ලණුවක් දමා හුස්ම හිර කර ඔහුව ඝාතනය කර තිබෙනවා.පවුලේ දෙවැනි දියණිය තිදෙනෙක් අතින් දූෂණයට ලක් වන්නේ ඉන්පසුවයි.අධිකරණයට ගොස් යලි නිවසට ආ ලලනදාස මහතාගේ බිරිඳ සහ ලොකු දුව ගෙල කැපීමට ලක්ව ඝාතනය වන්නේ ඉන්පසුවයි.බාලම දියණිය  වැසිකිලිය ආසන්නයේ දී මරා දමනවා.සමූහ දූෂණයට ලක් වූ දියණිය ද ඉන්පසු මරා දැමෙනවා.ඇගේ සිරුර ආසන්නයේ තිබී කොන්ඩම්,හිස් සිගරට්ටුවක් හා සිගරට් අලු හමුව තිබුණා.නිවස ආසන්නයේ තිබී පුතාගේ සිරුර හමුවන්නේ මඩ වැකුණු සිරුරක් ලෙසින්.කිතුල් පොල්ලක්ද ලේ සහ මඩ තැවරී සොයා ගනු ලබනවා.මේ සිරුර ආසන්නයේ අමරදාස මුදලාලි ද පණ අදිමින් සිට තිබෙනවා.මරණීය පොරබැදීමක් ඔවුන් අතර වූ බව අනුමාන කෙරෙනවා.

මේ නිවසින් ඇසෙන අමුතු සද්ද සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානයට ඇමතුමක් ලබා දෙන්නේ අසල්වැසියෙක් විසින්.මේ ඝාතන ගැන අසල්වැසියන්ට හෝඩුවාවක් හෝ නොලැබීම ගැන පොලිසියට බරපතල සැකයක් ඇති වී තිබුණා.මේ නිවසේ විදුලි පහන් රෑ අට නවය වෙනතුරු නොදැල්වුණු බව ගම්මුන්ගේ සාක්ෂි අනුව කියවුණා.නිවසේ ඇතිකරන ගවයන් සහ බල්ලන්ගේ අසාමාන්‍ය හැසිරීම් ගැන ද වාර්තා වී තිබුණා.මින් අනාවරණය වී තිබුණේ අපරාධකරුවන් නිවසේ සැඟවී සිට ඇති බවයි.ඔවුන් එහි තිබූ බිස්කට් පැකැට්ටුවක් පවා කඩාගෙන කා තිබෙනවා.

DNA මඟින් සාක්ෂි විමසූ ලංකාවේ පළමු නඩුව

පොලිසිය පසුදාම සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා.කලින් පොලිස් වාර්තා තිබූ නිසා මෙන්ම මිය යන්නට පෙර අමරදාස ලබා දුන් කට උත්තරය ඒ සඳහා  හේතුවක් වී තිබුණා.ඔවුන් සතුව ලලනදාසගේ ගෙදරින් සොරකම් කළ රන් බඩු ද හමුව තිබුණා.මේ නඩුවේ හතරවෙනි චූදිතයා වන්නේ අමරදාසගේ පුතා ගයාන්. ඔහුගේ මිතුරා වූ ජොන්ටි නැමැත්තා නඩුවේ ප්‍රබලම සාක්ෂිය බවට පත් වුණා.ඔහු අමරදාසගේ පුතා වූ ගයාන්ගේ ඉල්ලීම මත ලලනදාසගේ ගෙදරට තුන්වතාවක් යන නිසා ඇසින් දුටු සාක්ෂි ඔහු සතු වෙනවා.මේ නඩුවට ඔහුගේ සාක්ෂි ඉතා වැදගත් වී තිබෙනවා.ලලනදාසගේ දියණිය දූෂණය වන ආකාරය ද,මිය ගිය අයගේ මළ සිරුරු ද ඔහු දැක තිබෙනවා.

මේ නිවස පිටුපස වෙල් යායේ සිට චූදිතයන් වරින් වර හෝකන්දර නගරයට යන අන්දම ගම්මුන් ඩ්ගැක තිබෙනවා.එහෙත් අසල්වාසීන් මේ අමරදාස කල්ලියට දැක් වූ බය නිසා ඔවුන්ගේ සාක්ෂි එකතු කර ගැනීම පොලිසියට අපොහොසත් වී තිබෙනවා.එනිසාම ඇඟිලි සලකුණු ද DNA තාක්ෂණය ද භාවිතා කර මහාධිකරණය සැකකරුවන් හතර දෙනාටම මරණ දඬුවම් ලබා දුන්නා.ස්ත්‍රී දූෂණයට අදාළව බරපතල වැඩ සහිත සිර දඬුවම් ද ඔවුන්ට හිමි වුණා.ලංකාව තුළ DNA තාක්ෂණය අධිකරණ ක්‍රියාවලියට සාර්ථකව යොදා ගත්තේ මේ නඩුව හරහායි.බිස්කට් පෙට්ටියේ වූ ඇඟිලි සලකුණු ද එක සැකකරුවෙකුගේ ඇඳුමේ වූ ලේ පැල්ලම් වල DNA ද මේ ලෙස සාක්ෂි ලෙස ලබා ගත්තා.මේ නඩුව රජයේ පාර්ශවයෙන් මෙහෙයවූයේ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින්.

මේ නඩුව  DNA තාක්ෂණය උපයෝගී කරගත් ලංකාවේ පළමු නඩුව මෙන්ම සමූහ දූෂණ සම්බන්ධයෙන් මරණ දඬුවම දුන් මුල්ම නඩුවයි.අයහපතට විරුද්ධව එවැනි තීරණයක් ලැබීම මොනතරම් යහපතක් වුවත් මේ මරණ ඉතිහාසයට එක් වන්නේ ඉතිහාසය මත නොමැකෙන ලේ පැල්ලම් තබමින්

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles