අම්මයි තාත්තයි මරලා මස් කාපු මිනීමරු පුතා

හැමදේකටම මුල අපේ සිත කියලා කියන කියමන ඔබටත් හුරු ඇති. අපේ සමාජයේ වෙන සමහර සිදුවීම් වලට පස්සේ, අනේ ඒ ඉතින් හිත පාලනය කරගන්න බැරිකම නිසානේද කියලා ඔබත් කියලා ඇති. අන්න ඒ හින්දාම අපි පොඩි කාලේ ඉඳන්ම ඉගෙනගන්නවා අපේ සිත පාලනයකින් යුතුව නඩත්තු කරන්න ඕනෑ කියලා. අපි මේ අද ඔබට කියන අනුවේදනීය කතන්දරයට මූලික වෙන්නේත් හිත පාලනය කරගන්න නොහැකි වුන පුතෙක් ගැන.

ඔහු හෙන්රි  යෑන්. තමන්ගේම අම්මා සහ තාත්තාව ඉතාම මිලේච්ච විදියට ඝාතනය කරලා ඒ ගැන පසුතැවීමක්වත් නැතිව ජීවත් වුන යක්ෂ පුතෙක් ඔහු.

2013 අවුරුද්දේ එක දවසක හොංකොං වල පොලිස් ස්තානයකට මිනීමැරුමක් ගැන තොරතුරක් ලැබෙනවා. ඒ පණිවිඩයට අනුව කියැවෙන්නේ හෙන්රි යෑන් කියන නමින් හැඳින්වෙන අයෙක් තමන්ගේම දෙමාපියන් ඝාතනය කරලා බව.

” හෙන්රි කිව්වා ඔහුම ඔහුගේ දෙමාපියන්ව මරා දමපු බව.. ඔහු මේ ගැන අපේ වට්සැප් ගෲප් එකට පණිවිඩයක් දාලා තිබුනේ හරිම උජාරුවෙන්.. ඇත්තටම මම දන්නේ නැහැ ඔහු ඇත්තටම එය සිදු කරලද නැද්ද කියලා.. ඒත් මට හිතෙනවා ඔහු එවැන්නක් කරලා නැතිනම් ඒ අම්මලාව බේරගන්න අපට උත්සාහයක් හරි ගන්න පුලුවන් බව….”

වට්සැප් ගෲප් එකේම හිටපු හෙන්රිගේ මිතුරෙක් තමයි ඒ විදියට පොලිසියට පණිවිඩය දෙන්නේ.

කොහොමහරි මේ පණිවිඩය ඉතාම වගකීමෙන් බාරගන්න පොලිසිය , පණීව්ඩයට අනුව කියැවුන අපාර්ට්මන්ට් එකට යනවා. එතනදී පොලිසිය පවා බලාපොරොත්තු නොවුන විදියට හෙන්රි යෑන් ව අත් අඩංගුවට ගන්න පුලුවන් වෙනවා. ඔහු විසින් වට්සැප් සමූහයට එක් කරලා තිබුන කතාව පදනම් කරගෙන තමයි හෙන්‍රිව අත් අඩංගුවට ගැනෙන්නේ.

ඒ වගේම වැඩි වෙලාවක් යන්න කලින් ඒ අපාර්ට්මන්ට් එකේ අයිතිකාරයාවත් පොලිස් අත් අඩංගුවට පත් වෙන්නේ ඔහුගේ සැක කටයුතු හැසිරීම නිසා. මේ දෙන්නාවත් ඉස්සර කරගෙන පොලිසිය මුලු අපාර්ට්මන්ට් එකම පරික්ශා කරන්න පටන් ගන්නවා. එතැනදී පොලිසියට දකින්න ලැබෙන්නේ ඔවුන් හීනයකින්වත් බලාපොරොත්තු වුන දෙයක් නම් නෙවෙයි..

අපාර්ට්මන්ට් එකේ බිත්ති වල සහ පොළවේ විශාල ලේ පැල්ලම් තියෙනව පොලිසිය දකිනවා. ඒ වගේම තැනින් තැන සිමෙන්ති සහ වැලි පුරවපු බෑග් කිහිපයක් හොයාගන්නත් පොලිසීයට පුලුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ලේ ගෑවුණ පිහි සහ කියත් කිහිපයක්ම හොයාගන්නත් පොලිසියට පුලුවන් වෙනවා.

වැඩිදුරටත් සොයා  බැලීම් කරගෙන යනකොට අපාර්ට්මන්ට් එකේ තිබුණ මයික්‍රෝවේව් එක ඇතුලේ කහ පාටට හුරු යමක් ඔවුන් නිරීක්ෂණය කරනවා. ඒ වගේම පොලිසිය අපාර්ට්මන්ට් එකට ඇතුලු වුන වෙලාවේ ඉඳන්ම මස් වර්ගයක් උයන සුවඳ ඔවුන්ට ඉතාම තදින් දැනෙනවා. ඒ මස් වර්ගය කුමක්ද කියලා හොයාගන්න එක පොලිසියට අපහසු වෙන්නේ නැහැ.

වහාම ක්‍රියාත්මක වෙන පොලිසිය අපාර්ට්මන්ට් එකේ තිබුන වැලි බෑග් විවෘත කරලා බලනවා. එතැනදී ඔවුන්ට හොයාගන්න පුලුවන් වෙනවා කැබලි වලට කපන ලද මිනිස් අත් සහ පාද කොටස්.

පොලිසිය හෙන්රි ව වහාම පොලිස් ස්තානයට අරගෙන යනවා. හෙන්රිගෙන් ප්‍රශ්න කරනවා . ඔහු කියනවා ඔහු ජීවත්  වුනේ අම්මා, තාත්තා සහ අයියා සමඟ බව.

” අපේ පවුල මුදල් වලින් අඩුපාඩුවක් තිබුණ අය නෙවෙයි .. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම මම ඉල්ලන ඉල්ලන හැමදේම ලැබුනා..  ඒත් මට මං ආස විදියේ ජීවිතයක් හදාගන්න පුලුවන් වුනේ නැහැ.. මම කරන කරන හැමදේම අසාර්තක වුනා. කොහොමටත් මම පොඩි කාලේ ඉඳන්ම ඉස්කෝලේ වැඩ වලට නම් දක්ෂ ළමයෙක් නෙවෙයි …ඒත් අම්මලා සෑහෙන්න වියදම් කරලා මට උගන්නන්න  උත්සාහ කලා…. හැබැයි ලොකු පන්ති වලට යනකොටත් මම ලූසර් කෙනෙක් විදියටමයි ඉතුරු වුනේ..මට යාලුවෙක්වත් හිටියේ නෑ.. මම හැම විභාගයක්ම අසමත් වෙනකොට, පන්තියේ මාව කොන්  වුනා.. අන්තිමේදී අම්මලා මාව හොංකොං වල ඉඳලා කැන්බරා වලට යවනවා.  ඒත් මගේ ජීවිතේ වෙනසක් වුනේ නැහැ…මගේ අධ්‍යාපන කටයුතු අඩපන වුනා… මම පන්තියේ ආයේ ආයෙම කොන් වුනා,….ඊට පස්සේ මම ආයේම හොංකොං වලට ආවා…”

පොලිසිය හෙන්රිගේ පාපොච්චාරනය බොහෝම සීරුවෙන් අහගෙන ඉන්නවා. ඒ වගේම ඔහු සහ සගයා  පැන යෑමට උත්සාහ කලහොත් අවම බලය භාවිතා කරන්න පොලිසියට ඉඩ ලැබෙනවා.  

” මම ආයෙම හොංකොං වලට ඇවිල්ලා අම්මලට කිව්වේ මම සියලුම අධ්‍යාපන කටයුතු අවසන් කලා කියලා.. එත් වැඩි කල් නොහිනින් අම්මලා හොයා ගත්තා මම කියන්නේ බොරුවක් බව …:අම්මලා මං ගැන කලකිරීමෙන් ඉන්නේ කියලා මට තේරුනා .. ඒත් කිසිම වෙලාවක  අම්මලා මාව අතෑරියේ නෑ.. ඉන් පස්සේ අම්මලා මාව හොංකොං විශ්ව විදියාලයට ඇතුලු කලා. ඒත් ඒක සාර්තක වුනෙත් නැහැ…අන්තිමේදි මම හැමදේම අතෑරලා ගෙදරට වෙලා ඉන්න තිරනය කලා. “

මේ වගේම හෙන්රි මේ දවස් ගෙවන්නේ පරිඝනක ක්‍රීඩා එක්ක බවත් ඔහු කියනවා.  හෙන්රිට ඒ පරිඝනක ක්‍රීඩා වලින්ම මුන ගැනුණු මිතුරන් පිරිසකුත් හිටියා. ඔවුන් එක්ක කතා බහේදී පවා හෙන්රි කියලා තියෙන්නේ  දෙමාපියන් ගැන වෛරී තොරතුරු.

ඒ වගේම තමන්ගේ මුහුණු පොතේ ඔහු  හිට්ලර් සඳහන් පෝස්ටු විශාල ප්‍රමානයක්  පල කරලා තියෙන බවත් හොයාගන්නවා.ඒ අතරේදි තමයි හෙන්‍රිගේ මාපියන්ට දැනගන්න  ලැබෙන්නේ ඔහු නිසා තරුණියක් ගැබ් අරගෙන බව. ඒ දරුවාව නැති කරගන්න කියලා මේ ගැන දැනගන්න හෙන්රි කියනවා. ඒත් ඒ තරුණිය ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා හෙන්රි ඒ ගෑණු ලමයත් එක්ක තිබුන හැම සම්බණ්ධතාවයකින්ම අයින් වෙනවා.

“ඒ ගෑනු ළමයාගෙන් අයින් වුනාට පස්සේ මම රැකියා කිහිපයක්ම කරන්න උත්සාහ කලා. ඒත් ඒ එකක්වත් සාර්තක වුනේ නැහැ… “

හෙන්රි ආයාසයකින් තොරව හැමදේම කියනවා. එතැනදී ඔහු පිලිගන්නවා අපාර්ට්මන්ට් එකේ හිමිකරුත් යමකට සම්බන්ධ බව.

ඇතුලු කාමරයක මරලා දාලා තිබුණ හෙන්රිගේ දෙමාපියන්ව දකිනකොට පොලිසියත් කම්පනයට පත් වෙනවා.

ඒ වගේම ඔහු කියනවා අපාර්ට්මන්ට් එකේ අයිතිකාරයා ගේ අතීත ජීවිතය තුල ඔහු රසදිය පානය කිරීමෙන් සියදිවි නසාගන්න උත්සාහ කල බව. එතැනදී ඔහුගේ ස්නායු වලට යම් බලපෑම් වෙලා තිබුණ  බවත් ඔහු පිළිගන්නවා.

” ඔය අතරේදි මම එක එක ව්‍යාපාර වලටත් යොමු වුනා.. ආයෝජනය කලා.. ඒ හැම දේකටම මට සල්ලි දුන්නේ අම්මලා… අම්මලා මට වියදම් කලා වුනත්, නිතරම බල කරා පිලිගන්න පුලුවන් රස්සාවක් කරන්න කියලා.. ඒ හින්දාම මම අම්මලා එක්ක රණ්ඩු කලා….  මම උත්සාහ කරන බව අම්මලා පිළිගත්තේ නැහැ. අන්තිමේදී මම ඔවුන්ට යොජනාවක් කලා. ඒ තමයි අපාර්ට්මන්ට් එක විකුනලා ඒ මුදල් වලින් අයියාට සහ මට අපේ කොටස් දෙන්න කියලා.. අම්මට ඒකට තරහ ගියා…අම්මලා ට ඕනි වුනේ එයාලගේ ජීවිතේ නිදහසේ ගෙවන්න ..”

පොලිසිය ඔහුට තවත් කතා කරන්න ඉඩ දෙනවා.

” අම්මා මට කිව්වා ගෙදරින් යන්න කියලා… මට තවදුරටත් එතැන ඉන්න අවශ්‍ය වුනේ නැහැ ,… මම ගෙදරින් ආවා.. හැබැයි මම තීරණය කලා අම්මලාගෙන් පලිගන්න ..මොකද මට හිතුනේම මගේ මේ පරාජිත ජීවිතයට වග කියන්නම ඕනි අම්මයි තාත්තයි බව….”

මෙහෙම හිතපු හෙන්රි අන්තිමේදී තීරනය කරනවා තමන්ගේ පරාජිත ජීවිතයට හේතු වුන දෙන්නව තමන්ගේ ජීවිතෙන් අයින් කරන්න . ඔහු  ඒ වෙනුවෙන්  ඔහුගේ මිතුරෙකුගේ සහාය පතනවා. ඒ මිතුරා මුලදී මේ වැඩේට අකමැති වුනාම හෙන්රි මිතුරාට තර්ජනය කල බවත් ඔහු පොලිසිය හමුවේ කියනවා.

” ඊට පස්සේ මම අවශ්‍ය හැමදේම මිලයට ගත්තා. ගෑස් එකක්, මයික්‍රොවේව් එකක්, ශීතකරණයක්,  පිහි, බෑග්, කියත් .. මේ හැමදේම …”

එහෙම කියනකොටවත් හෙන් රිගේ මුහුණේ පරාජයක් නොපෙනෙන බව පොලිස් නිළැධාරින් නිරීක්ෂණය කරනවා.

” අන්තිමේදි මම අම්මලාව මිතුරාගේ අපාර්ට්මන්ට් එකට ගෙන්න ගත්තා….  ඒ අතරේ මම අම්මලාව මැරුවා … සතියක් වගේ යනකොට අයියා අම්මලාගේ අතුරුදහන් වීම ගැන පොලිසියට පැමිණීලි කරනවා….ඒ වෙද්දී හැමදේම වෙලා…”

මේ වියරු පුතා එහෙම කියනවා.

පොලිසිය අයෙම අපාර්ට්මන්ට් එක පරික්ශා කරනවා. එතකොට ඔවුන්ට හමුවෙනවා මේ අම්මගෙයි තාත්තගෙයි මස් උයමින් තියෙන බව. ඒ වගේම උයලා නිම කරපු මස් පෙට්ටි වල දාලා තියෙනවත් පොලිසිය හොයාගනන්වා. අම්මගෙයි තාත්තාගෙයි හිස් දෙක  හොයාගන්නේ ශීතකරනයෙන්. අර කතාව පටන් ගන්නකොටම අපි කිව්ව විදියට ඔවුන්ගේ දෑත් දෙපා තියෙන්නෙ බෑග් වල.

” අපිට මේ දෙමාපියන්ගේ සියලු ශරීර කොටස් හොයාගන්න බැරි වුනා.. ඇතැම්විට හෙන් රි සහ මිතුරා ඒවා අනුභව කරන්න ඇති ..”

පොලිස් නිළධාරියා ඉතාම වේදනාත්මක හඬකින් මාධ්‍යට කියනවා. මේ මිනීමරු පුතාව උස්මහත් කලාට තමන්ට ලැබුන දඬුවම ගැන හෙන් රිගේ අම්මයි තාත්තයි අපිට නොපෙනෙන ලෝකෙකට වෙලා විස්සෝප වෙනවා ඇති කියලා ඔබටත් හිතෙනවාද?

අපේක්ෂා ගුණරත්න  

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles