පෙන්සිල්වේනියාවේ භූත නගරය

ගමක් එහෙම නැත්නම් නගරයක් කිව්වාම අපිට එකපාරටම සිහියට එන්නේ මානව ජනාවාසයක් නේ. මිනිස්සු ඉන්න, ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවා සැපයෙන විදියට හැඩගැහුණු දවසේ පැය කිහිපයක් හරි කාර්‍යබහුල තැන්ක් තමයි නගරයක් කිව්වම අපේ සිහියට එන්නේ. ඒත් මේ නගරය  ඒ කීව කිසිම දෙයක් නැති පාලුවෙන් විතරක් පිරිලා තියෙන නගරයක් ගැන විස්තරයක් අපිට හමු වුනා. මේ නගරය තියෙන්නේ ඇමරිකාවේ,  පෙනිසියුලාවේ. නගරයේ නම සෙන්ට්‍රලියාව.

සෙන්ට්‍රලියාව ඉස්සරම ප්‍රසිද්ධ වෙලා තිබිලා තියෙන්නේ පතල්  සහ ගල් අඟුරු කැණීම් කර්මාන්තයට. 1890 ගණන් වල සෙන්ට්‍රලියාවේ පදිංචිකරුවන් 3000කට ආසන්න ප්‍රමාණයක් ඉඳලා තියෙනවා.  ඒ වගේම සිනමාහල් දෙකක්, හෝටල් කිහිපයක්, සිල්ලර බඩු වෙළඳසැල් රැසක් සෙන්ට්‍රලියාවේ මිනිසුන්ගේ ජන ජීඉව්තය වෙනුවෙන් නඩත්තු වෙලා තියෙනවා.

ඒත් අද වෙනකොට ඔබ සෙන්ට්‍රලියාවට ගියොත් මේ කිසිම දෙයක් හොයාගන්න පුලුවන් වෙන්නේ නැහැ. ඔබට දකින්න වෙන්නේ මිනිසුන් හෝ වාහන දකින්න නොමැති පාරවල්, පාලු වුන පදික වේදිකා සහ නිවාස කිහිපයක් විතරයි.

” ඒක භූත නගරයක්…”

සෙන්ට්‍රලියාවේ නිරීක්ෂණ චාරිකා වෙනුවෙන් සහභාගී වුන මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ට එහෙම තමයි කියලා තියෙන්නේ.

සමෘ ද්ධිමත් නගරයක් වෙලා තිබුන සෙන්ට්‍රලියාව මෙහෙම භූත නගරයක් වෙන්නේ නැයි කියලා ඔබටත් හිතෙනවා ඇති. ඒක වෙන්නේ මෙන්න මෙහෙම.

මම මුලින් කිව්වානේ සෙන්ට්‍රලියාව පතල් කර්මාන්තය වෙනුවෙන් බොහොම ප්‍රසිද්ධ නගරයක් වෙලා තිබුණා කියලා. 1962 දී විතර මේ අත හැරලා දාපු පතක් කන්දක් ප්‍රදේශයේ කුණු බැහැර කරන ස්තානයක් විදියට භාවිතා කරන්න තීරණය කෙරෙනවා. ඒ අනුව මුලු නගරයෙත්, ඇතැ වෙලාවට යාබද නගරවලත් තිබුණු නාගරික කුණු කසල සියල්ලම බැහැර වෙන්නේ මේ අත් හැරලා දාපු පතල් වලට. ඒ අවුරුද්දේම අග හරියේදී නගර බලධාරීන් තීරණය කරනවා මේ පතල් වල පිරිසිදු කරන්න අවශ්‍ය බව.

පිරිසිදු කිරීම සඳහා වන ක්‍රමවේදයන් හොයාගෙන යනකොට ඔවුන් තීරනය කරනවා කුණු පිරිසිදු කරන්න තියෙන හොඳම ක්‍රමය ගිණි තියන එක බව. ඒ අනුව නගර වැසියන්ව දැනුවත් කරලා, ඒ පතල් වල ගිණි තියනවා. හිතපු නැති විදියට ගින්න පැතිරිලා කුනු විනාශ වීම නම් වෙනවා. ඒත්, පොළව යටිනුත් ගින්න පැතිරෙන්න ගන්නවා. ඉතා විශාල සංඛ්‍යාවකින් තිබුන පතල් පවත්වාගෙන යන්න බැරි තරමට කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා.  ඒ හින්දාම පතල් එකින් එක වහලා දාන්න නගරයේ උන්න පතල්  හිමියන්ට සිදු වෙනවා.

ඒ වගේම මේ ගින්න භූගතව  නගරය දෙසටත් පැතිරෙන්න ගන්නේ ඒ වෙද්දී නිවාස හදලා තිබුන ප්‍රදේශවලට යටින් තිබුන පොළව ඔස්සේ.  ගල් අඟුරු කැනීම් වෙනුවෙන් තිබුන ස්තාන ඔස්සේ , ඒවායේ තියෙන ඉන්ධන වලින් ප්‍රේරණය වෙලා මේ ගින්න දිගින් දිගටම පොළවට යටින් පැතිරෙන්න ගනන්වා.

ප්‍රදේශයේ ඉන්ධන හල් හිමියෙක් ඔ ඔහුගේ භූගතව තිබුණ  ගෑස් බහාලුම්වල උෂ්ණත්වය පරීක්ෂා කරාම,  ඒවා සාමාන්‍ය මට්ටමට වඩා ෆැරන්හයිට් අංශක 100 ට වඩා වැඩි බව සොයා ගන්නවා. ඒ සිදුවීම එක්ක නගරය තුළ සෑහෙන තරමේ ආන්දෝලනයක් හට ගන්නවා.

වසර කිහිපයක් ගත වෙනකොට නගරයේ තැනින්  තැන ගිලා බැසීම් සිදුවෙන බව නිරීක්ෂණය වෙනවා. ඒත් මිනිස්සු නගරය අත් නොහැර නගරය රැක ගැනීමට උත්සාහ දරනවා. 1980 ගණන් වෙනකොට මේ ගිලා බැසීම් විවෘ ත වෙන්න පටන් ගන්නවා. අර අපි කලින් කිව්ව කාබන් මොනොක්සයිඩ් නගර වැසියන්ගේ නිවෙස් වලට ඇතුලු වෙන්නත් පටන් ගන්නවා.

මේ අතරේදී නගරයේ උන්න අවුරුදු දොළහක දරුවෙක්, විවෘ ත වෙලා තිබුන අඩි 150ක් විතර ගැඹුරු  ගිලා බැසුම් වලකට වැටිලා හුස්ම ගැනීමේ අපහසුතාවය නිස රෝහල් ගත වෙලා සෑහෙන්න කල් ප්‍රතිකාර ලබන්නත් සිදුවෙනවා. දරුවාගේ ජීවිතේ බේරුනත්, මේ සිදුවීම එක්ක දරුවාගේ දෙමාපියන් සෙන්ට්‍රලියාව අත් හැර යෑම ගැන පලමු කතිකාවත පටන් ගන්නවා.

ඒත් එක්කම  නගරයේ නිවාස ගිලා බහින්න පටන් ගන්නවා. පාරවල් ඉරිතලලා යන්න පටන් ගන්නවා. විටින් විට කාබන් මොනොක්සයිඩ් වායුව ඉහළ සාන්ද්‍රණ වලින් මතුපිටට එන්න පටන් ගන්නවා. ඒ  තත්වය යටතේ තමම්න්ගේ දේපල අන්සතු කරන්න නොහැකි වෙන විදියට අධිකරණ නියෝගයක් පවා නිකුත් කෙරෙනවා.

ආයේ ආයෙම භූගත උෂ්ණත්වය පරික්ශා කරනකොට ෆැරන්හයිට් අංශක 900 ඉක්මවන තත්වයක් තමයි වාර්තා වෙන්නේ. මේ සිදුවීම එක්ක නගරයේ ජන ජීවිතය අඩාල වෙන්න පටන් ගන්නවා. 1984 වෙනකොට නගරය තුල තියෙන්නේ ආන්දෝලනාත්මක තත්වයක්. ප්‍රාන්ත රජය නිවේදනය කරනවා නගරයෙන් පිටවීමට අවශ්‍ය නගර වැසියන්ගේ දේපල මිලදී ගැනීමට තමන් ඉදිරිපත් වෙන බව. ඒ නිවාස කඩා දමා ඉන් පසුව නගරය යළි සුවපහසු කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම තමයි පෙන්සිල්වේනියාවේ රජයේ සැලැස්ම වෙන්නේ.

ඒත් , පතල් සහ ගල් අඟුරු කැණීමට භාවිතා කරපු භූගත  ස්තාන  වල තියෙන ඉන්ධන වලින් මේ ගින්න ඇවිලෙන එක විටින් විට තවම සිදු වෙන බව විශ්ලේෂකයන් සොයාගෙන තියෙනවා.

ඒ හින්දාම පුලුවන් තරම් කල් තමන්ගේ නගරය වෙනුවෙන් සටන් කරලා කරලා, අන්තිමේදී  1990 වෙනකොට සෙන්ට්‍රලියාවේ ඉතුරු වෙන්නේ මිනිස්සු 62 විතරයි.1992 දී පෙන්සිල්වේනියාව ආයෙම සෙන්ට්‍රලියාව ගැන හොයලා බලන්න ඉදිරිපත් වෙනවා. ඔවුන් එතැනදී ඉතාම දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉතිරි වෙලා තිබුන ගොඩනැගිලි ඉවත් කරනවා. ඒ වගේම 17927 විදියට තිබුන සෙන්ට්‍රලියාවේ සිප් කේතය ඉවත් කරන්න තීරණය කරනවා. අද වෙනකොට සෙන්ට්‍රලියාව ඔවුන්ගේ සිප් කෝඩය විදියට භාවිතා කරන්නේ Ashland වල සිප් කේතය.

ඒ වගේම උසාවි නියෝගය වඩා දැඩි කරලා, එහි ඒ වෙනකොට උන්න වැසියන්ට තමන්ගේ දේපල රජයට හැරුණකොට අන් කිසිවෙක්ට විකුනන එක තහනම් කරනවා. ලෝක ජනගහන සමාලෝචනයට අනුව , 2020 සංගණනය මත පදනම් වෙලා 2023 දී සෙන්ට්‍රලියාවේ ජනගහනය හතර දෙනෙක් බව වාර්තා වෙනවා.

මේ වෙනකොට සෙන්ට්‍රලියාවට ඇතුලු වෙන්න පුලුවන් සාමාන්‍ය මාවත් පවා කැඩී බිඳී ගිහිල්ලා තියෙන්නේ. අපහසුවෙන් හරි ඒ මාවත් ඔස්සේ සෙන්ට්‍රලියාව නගරයට ඇතුලු වුන කෙනෙක්ට දකින්න තියෙන්නේ නිවාස කිහිපයක්, සොහොන් බිම් සහ පල්ලියක් විතරයි. මේ ගින්න දැන්වත් පාලනය නොකරොත් තවත් වසර දෙසියක්වත් මේ ගින්න ඇවිලේවි කියලා තමයි විෂ්ලේශකයන් අනාවැකි පල කරලා තියෙන්නේ. මේ දවස් වල පොළවෙන් මතුවෙන දුම් සෙන්ට්‍රලියාවේ අහස වෙනකල් නැගෙන විදිය ඩ්‍රෝන කැමරා දර්ශන වලත් සඳහන් වෙලා තියෙනවා

ඉතින් පේනවා නේද, හරි පරිසර විශ්ලේෂණයක් නැතිව කල ක්‍රියාකාරකමක් නිසා මුලු නගරයක්ම විනාශ වෙලා ගිය විදිය

අපේක්ෂා ගුණරත්න.

Related Articles

Don't Miss


Latest Articles