මුහුණේ හැඩයට ගැලපෙන හිස කෙස් විලාසිතා

හිස කෙස් විලාසිතා කාලයෙන් කාලයට වෙනස් වෙනවා. කොහොම වුණත් හිස කෙස් විලාසිතාවක සුන්දරත්වය වඩාත් ඉස්මතු වෙලා පෙනෙන්නේ ඔබ ඔබේ මුහුණේ හැඩයට ගැලපෙන ආකාරයේ හිසකෙස් විලාසිතාවක් තෝරා ගත්තොත් විතරයි. නමුත් ඊට පෙර ඔබ ඔබේ මුහුණේ හැඩයත් මනාව හඳුනා ගත යුතුයි. ඒ නිසා මුහුණේ හැඩයට අනුව හිසකෙස් විලාසිතාව තෝරගන්න ආකාරයයි අද අපි ඔබට කියන්නේ.

ඕවලාකාර මුහුණ

ඕවලාකාර හැඩයේ මුහුණක් කියන්නේ තරමක් දිගැටි ස්වභාවයේ මුහුණකටයි. මේ වගේ හැඩැති මුහුණකට Long layer cut , bob cut, side – swept bangs වගේ හිසකෙස් විලාසිතාවක් බොහෝ විට ගැලපෙනවා. 

රවුම් හැඩති මුහුණ

හදවතක හැඩය ඇති , කම්මුල් සහ නිකට වටකුරු හැඩයක් ඇති මුහුණක් රවුම් හැඩැති මුහුණක් ලෙස හඳුන්වනවා. මෙවැනි හැඩයේ මුහුණකට Long Layers with Volume on Top ,Asymmetrical Bob,  Pixie Cut with Volume වැනි හිස කෙස් විලාසිතාවන් තමයි හිසකෙස් සම්බන්ධ ප්‍රවීණයන් නිර්දේශ කරන්නේ.

හතරැස් හැඩැති මුහුණ 

දිගටි වගේම ඒ හා සමාන පළල ඇති හැඩයේ මුහුණක් හතරැස් හැඩැති මුහුණක් ලෙස හඳුන්වනවා. බොහෝ විට මෙවැනි අයගේ නළල තරමක් පළල් වන අතර කම්මුල්ද ඒ හා සමානවම තරමක් පළල් හැඩයක් ගන්නවා. මෙවැනි අය සඳහා Soft, Wispy Bangs , Long, Soft Layers , Side-Parted Styles වැනි හිසකෙස් විලාසිතාවන් වඩාත් සුදුසුයි.

දියමන්ති හැඩැති මුහුණ

තරමක් පළල නළලක් , පුළුල් කම්මුල් සහ තරමක් ගිලුනු හකු සහිත මුහුණක් දියමන්ති හැඩැති මුහුණක් ලෙස හඳුන්වනවා. Chin-Length Bob, Layered Pixie Cut , Side-Swept Bangs වැනි හිසකෙස් විලාසිතා මෙවැනි හැඩයේ මුහුණකට වඩාත් හොඳින් ගැලපෙනවා.

හදවතක හැඩැති මුහුණ 

පුළුල් නළලක් සහ උල් වූ නිකටක් සහිත මුහුණක් හදවතක හැඩැති මුහුණක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙය තරමක් දුරට වටකුරු හැඩැති මුහුණේ හැඩයටද සමාන වෙනවා. මෙවැනි හැඩයක් සහිත මුහුණක් සඳහා Long, Side-Swept Bangs , Chin-Length Bob ,Wavy Lob (Long Bob) වැනි හිස කෙස් විලාසිතා වඩාත් හොඳින් ගැලපෙනවා.

හිසකෙස් විලාසිතාවක් තෝරා ගැනීමට ප්‍රථමයෙන් ඔබ ඔබේ මුහුණේ හැඩය හඳුනාගත යුතු බව තමයි බොහෝ රූපලාවන්‍ය ශිල්පීන්ගේ අදහස. මේ ලිපියෙන් ඔබට ඔබේ මුහුණේ හැඩය ගැන වගේම ඒ සඳහා ගැලපෙන හිස කෙස් විලාසිතා කිහිපයක් ගැනත් අපි තොරතුරු ගෙන ආවා. ඒ වගේම ඔබේ පෙනුම වැඩිදියුණු කර ගැනීමට මේ හිස කෙස් වලට විවිධ වර්ණ එකතු කරන්නත් ඔබට හැකියාව තියෙනවා. මේ වර්ණයන් ඔබේ සමේ වර්ණය අනුව ගලපා ගැනීම තමයි වඩාත් සුදුසු වන්නේ.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles