පියයුරු වල නැතිවූ හැඩය නැවත ලබාගන්නෙ කොහොමද? 

පියයුරු එල්ලා වැටීම එහෙමත් නැත්නම් පියයුරු වල පිරුණු පෙනුම නැතිවී යාම කාන්තාවන් බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක්.

ලොව පුරා ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍යවරුන් පවසන පරිදි කාන්තාවන් බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් ලෙස පියයුරු පිරිපුන් කිරීම වඩාත් ජනප්‍රිය ප්ලාස්ටික් ශෛල්‍යකර්ම වලින් එකක් ලෙස හඳුනාගන්න පුළුවන්. 

නමුත් කාලයත් සමඟ පියයුරු වල පිරිපුන් බව ටිකෙක් ටික අඩුවීම ඉතාම සුලභ ඒ වගේම ස්වභාවික තත්වයක් කියල ඔබ දන්නවද?

අද අපි කතා කරන්නෙ පියයුරු වල පිරිපුන් බව ආරක්ෂා කරන්න ශෛල්‍යකර්ම වලින් තොරව අපිට අනුගමනය කරන්න පුළුවන් ජීවන රටාවේ සරල වෙනස්කම් කීපයක් ගැනයි.

ඒත් මුලින්ම අපි බලමු, පියයුරු වල පිරුණු පෙනුම නැතිවී යන්න හේතු වෙන කාරණා මොනවද කියල.

පියයුරු වල පෙනුම වෙනස්වීමට හේතු

වයස්ගත වීම

ගර්භණීභාවය

ස්වභාවිකව ප්‍රමාණයෙන් විශාල පියයුරු පිහිටීම

එක්වරම සිදුවෙන ශරීරයේ බර අඩුවීම

ස්ථූලතාවය

පාරජම්බූල කිරණ වලට දැඩි ලෙස නිරාවරණය වීම

ආර්ථවහරණය නිසා සිදුවෙන හෝමෝන වෙනස්වීම්

අධික තීව්‍රරතාවයකින් යුතු ව්‍යායාම

පියයුරු පිළිකා වැනි සමහර රෝග තත්වයන්

දැන් අපි බලමු පියයුරු වල පිරුණු පෙනුම ලබාගන්න ඔබට අනුගමනය කරන්න පුළුවන් සරල ක්‍රියාමාර්ග මොනවද කියල

පියයුරු වල පිරුණු පෙනුම ලබාගන්න උදව් වෙන ස්වභාවික පිළියම්

ඔබේ පියයුරු වල නැතිවූ හැඩය ස්වභාවික පිළියම් මඟින් නම් 100% ක් නැවත ලබා ගැනීමට ඔබට හැකියාවක් නැතිබව තමයි පර්‍යේකයන් සඳහන් කරන්නෙ. 

නමුත් ඒ හා සමාන පෙනුමක් සහ කැපී පෙනෙන වෙනසක් ලබා ගන්න ඔබට අනිවාර්‍යෙන් පුළුවන්. 

අපි බලමු ඒ කොහොමද කියල?

ව්‍යායාම

ඔබේ පියයුරු වල මාංශපේෂී නොමැති නිසා පියයුරු වල පටක ව්‍යායාම මඟින් නැවත සැකසීමේ හැකියාවක් නැහැ.

නමුත්, පියයුරු ආශ්‍රිත මාශපේෂී සහ පටක ශක්තිමත් කරමින් පියයුරු වල පෙනුම වැඩි දියුණු කරන්න ව්‍යායාම වලට පුළුවන්.

විශේෂයෙන්ම,

පිහිනීම

Pushups

Bench press

Arm curls 

වගේ ව්‍යායාම වගේම smart lady අපේ https://smartlady.lk/article/29453/exercises-for-firmer-boobs/ ලිපියේ සඳහන් ව්‍යායාම වලත් නිරත වීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න ඔබට පුළුවන්. 

ආහාර පාලනය සහ පෝෂණය

කාබෝහයිඩ්‍රේට්, මේදය, ලුණු සහ සීනි භාවිතය හැකි තරම් සීමා කිරීමත් අස්ථි සහ මාංශපේෂී වල හැඩය පවත්වා ගැනීමට උපකාරී වෙන ප්‍රෝටීන්, ෆයිබර්, පොටෑසියම් සහ කැල්සියම් අඩංගු එළවළු, ධාන්‍ය සහ මස් මාංශ වැඩිපුර ආහාරයට එකතු කරගන්නත් ඔබ සැළකිලිමත් විය යුතුමයි.

අධික බර අඩුකරගන්න වගේම අඩුබර පවත්වා නොගැනීමත් ඉතාම වැදගත්. ශරීරයට අවශ්‍ය පෝෂණය නොලැබුණු විට පියයුරු එල්ලා වැටීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙන බව පර්‍යේෂකයන් පවසනවා.

දුම්බීම සහ මත්පැන් පානය සමට හානිකරයි වගේම පියයුරු එල්ලා වැටීමටත් ඍජුව සම්බන්ධ වන බව සොයාගෙන තිබෙනවා.  

ශරීරය විජලනය වීමට නොදී දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය ලබා ගැනීම පියයුරු වගේම සම ප්‍රාණවත්ව තබා ගැනීමටත් උපකාරී වෙනවා.

නිවැරදි ඉරියව්

වැඩිපුර පිටුපසට නැමී හෝ කුදු ගැසී වකුටු වී සිටීමත් පියයුරු පටක මත වැඩි බරක් යෙදීමට හේතුවක් ලෙස හඳුනාගන්න පුළුවන්.

මේ නිසා පියයුරු පටක වලට ස්වභාවිකව හැඩගැසී ඇති බරට වැඩි බරක් දරන්න සිදුවෙනවා. 

ඒ නිසා ආධාරක බන්ධන සහ පටක වලට දැරීමට සිදුවෙන ආතතිය අවම කරන නිවැරදි ඉරියව් පවත්වා ගැනීම හරිම වැදගත් බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

ඒ නිසා ශරීරයේ බර ඒකාකාරීව බෙදා හරින නිවැරදි ඉරියව් පවත්වා ගැනීමේ වටිනාකම අවතක්සේරු කරන්න එපා. 

උදව්වක්

ඔබේ පියයුරු වල ප්‍රමාණයට සහ හැඩයට ගැළපෙන නිවැරදි තන පටයක් (bra) තෝරා ගැනීමත් හරිම වැදගත්. 

තද තන පටි ඔබේ පියයුරු මත අනවශ්‍ය පීඩනයක් ඇති කරනවා වගේම ලිහිල් තන පට පියයුරු පටක මත වැඩි ආතතියක් ඇති කරන්නත් හේතු වෙනවා. 

හරි ප්‍රමිතියෙන් යුතු නිවැරදි තන පටයකට ඔබේ පියයුරු මත අනවශ්‍ය පීඩනයක් හෝ ආතතියක් යෙදීම වළකා උදව්වක් ලබාදෙන්න පුළුවන්. 

තන පටයේ නිවැරදි ප්‍රමාණය සොයා ගැනීමට ඔබ පහත රූපයේ පරිදි මුලින්ම මිනුම් ලබාගත යුතුයි. 

ඊළඟට ලැබෙන දිග අනුව රෝස පැහැ තීරුවේ පරිදි කප් ප්‍රමාණයද නිල් පැහැ තීරුවේ පරිදි වට ප්‍රමාණයද තීරණය කරන්න ඔබටම පුළුවන්.

ඒ කොහොම වුනත් තන පටයක් මිලදී ගන්න කලින් එය ඇද නිවැරදිව තිබේ දැයි දැනගැනීම වඩා නුවණට හුරුබවත් අපි ඔබට මතක් කරනවා. 

ඉතිං, මේ සරල පියවර ලස්සන පිරිපුන් පියයුරු නැවත ලබාගන්න ඔබට උදව් වේ යැයි අපි දැඩිව විශ්වාස කරනවා. 

මෙවැනි වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

Related Articles

Don't Miss


Latest Articles