ඔබත් ඔබේ හිසකේ සඳහා මිල අධික සත්කාර කරනරන කෙනෙක්ද ?

නිරෝගී, ශක්තිමත් සහ දිලිසෙන හිසකෙස් සෑම විටම මිල අධික ප්‍රතිකාර හෝ කෘතිම සත්කාර වලින් ලැබෙන්නේ නැහැ.බොහෝ විට ඔබට වඩාත්ම ඵලදායී ප්‍රතිඵල ලබා ගත හැකි වන්නේ එවැනි සත්කාර වලට වඩා ඔබට නිවසේදීම සකස් කර ගත හැකි සරල ඖෂධීය පිළියම් මගිනුයි. හිස්කබල පෝෂණය කිරීමට, හිසකෙස් වැටීම අඩු කිරීමට සහ සමස්ත හිසකෙස් සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ශාකසාර තෙල් වර්ග පරම්පරා ගණනාවක් තිස්සේ භාවිතා වන්නේ ඒවායෙන් ලැබෙන විශිෂ්ට ප්‍රතිඵල නිසායි. අනෙක් අතට ඒවා ස්වාභාවික,  රළු රසායනික ද්‍රව්‍ය වලින් තොර , දැරිය හැකි මුදලකට සකස් කරගත හැකි ඒවා නිසා වඩා මාස දායක වන්නේ එවැනි පිළියම් වලට යොමු වීමයි. 

අඩු මුදලකින් නිවසේදීම සකස් කර ගත හැකි පහසු ශාකසාර තෙල් වර්ග දෙකක් සහ ඒවා ලබා දෙන ප්‍රතිලාභ ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන එන්නේ.

පොල් තෙල් සහ කරපිංචා තෙල්

මෙය හිස කෙස් සඳහා වඩාත් ජනප්‍රිය සහ ඵලදායී ඖෂධීය තෙල් වලින් එකක් ලෙස සැලකෙන අතර එය විශේෂයෙන් හිසකෙස් වැටීම අඩු කිරීම සහ හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂයෙන් භාවිතයට ගන්නා තෙල් වර්ගයකි.

අවශ්‍ය වන අමුද්‍රව්‍ය

පොල් තෙල් කෝප්ප 1

නැවුම් කරපිංචා අතු කිහිපයක් 

සකස් කරන ආකාරය 

පිරිසිදු භාජනයකට පොල් තෙල් එකතු කර ඉතාම අඩු ගින්දරේ තෙල් රත් කිරීම ආරම්භ කරන්න

තෙල් මදක් උණුසුම් වූ පසු පිරිසිදු කර ගත් කරපිංචා කුඩාවට කපා තෙල් වලට එකතු කරන්න. 

කරපිංචා තරමක් අඳුරු පැහැයක් ගන්නා තෙක් සහ තෙල් සමග හොඳින් මිශ්‍ර වනතෙක් රත්වීමට ඉඩ හරින්න.මෙමඟින් කරපිංචා කොළ වල ඇති පෝෂ්‍ය පදාර්ථ තෙල් සමඟ එකතු වීමට ඉඩ සලසනවා. 

මඳ වේලාවකට පසුව ගින්දර නිවා දමා තෙල් සම්පූර්ණයෙන්ම සිසිල් වීමට ඉඩ දෙන්න

සකස් කරගත් තෙල් හොඳින් නිවුණු පසු එය දෙවරක් පමණ පෙරා පිරිසිදු වියළි වීදුරු බෝතලයක ගබඩා කරන්න.

ප්‍රතිලාභ

කරපිංචා කොළ වල ප්‍රතිඔක්සිකාරක සහ හිසකෙස් මුල් ශක්තිමත් කිරීමට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බහුල වනවා. මෙම තෙල් හිසකෙස් වැටීම අඩු කිරීමට, නිරෝගී හිසකෙස් වර්ධනයට සහාය වීමට සහ හිසකෙස් අකලට පැසීම ප්‍රමාද කිරීමට උපකාරී වනවා. 

පොල්තෙල් මගින් හිස්කබල ගැඹුරින් පෝෂණය කරන අතර හිසකෙස් වල ඇති වියළි බව වළක්වා ඔබේ හිසකෙස් මෘදු හා පහසුවෙන් කළමනාකරණය කළ හැකි තත්ත්වයට පත් කරනවා.

කෝමාරිකා සහ මහදුරු තෙල්

හිස්හොරි, අධික ලෙස වියළි හිසකෙස් හෝ හිස්කබලේ ආසාත්මිකතා සහ කැසීම් ඇති අයට මෙම තෙල් වර්ගය විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙනවා.

අවශ්‍ය වන අමුද්‍රව්‍ය 

පොල්තෙල් කෝප්ප 1

මහදුරු ඇට මේස හැඳි 1

කෝමාරිකා ජෙල් මේස හැඳි 2

සකස් කරන ආකාරය 

පිරිසිදු භාජනයකට පොල්තෙල් එකතු කර අඩු ගින්දරේ රත් මද වේලාවක් රත් වෙන්නට හරින්න 

ඉන් පසුව එයට මහදුරු ඇට එකතු කරන්න.

මහදුරු ඇට වල සුවඳ නිකුත් වන තුරු ඒවා තෙල් වල රත් වීමට ඊට හරින්න 

ඉන්පසු කෝමාරිකා ජෙල් එකතු කර මිනිත්තු කිහිපයක් තැම්බුනු පසුව ගින්දර නිවා දමන්න.

සකස් කරගත් තෙල් සම්පූර්ණයෙන්ම සිසිල් වීමට තබන්න 

අනතුරුව පිරිසුදු වීදුරු බෝතලයකට පෙරා ගබඩා කර ගන්න

ප්‍රතිලාභ

මහදුරු බීජ ඒවායේ ඉහළ ප්‍රෝටීන් අන්තර්ගතය සඳහා ප්‍රසිද්ධ වන අතර එය හිසකෙස් ශක්තිමත් කිරීමට සහ කැඩී යාම අඩු කිරීමට විශාල ලෙස උපකාරී වනවා.

කෝමාරිකා හිස්කබල සමනය කරන අතර හිසේ කැක්කුම අඩු කිරීම සහ හිස් කබලෙහි තෙතමනය ආරක්ෂා කිරීම සිදුකරනවා

වඩා හොඳ ප්‍රතිඵල සඳහා, 

මෙම තෙල් වර්ගයකින් ඕනෑම එකක් ඔබේ හිස්කබලට ආලේප කිරීමට පෙර තරමක් උණුසුම් කරන්න. රුධිර සංසරණය වැඩි දියුණු කිරීම සඳහා ඔබේ ඇඟිලි තුඩු භාවිතයෙන් හිස් කබල මෘදු ලෙස සම්බාහනය කරන්න.

අවම වශයෙන් විනාඩි 30 ක් හෝ හැකි නම් එක රැයක් මේ තෙල් ඔබේ තිබෙන්නට හරින්න.

අනතුරුව මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න  

මෙම තෙල් සතියකට 2-3 වතාවක් භාවිතා කිරීමෙන් ඔබට ඉතා කෙටි කාලයකින් දෘශ්‍යමාන ප්‍රතිඵල ලබාගත හැකි වනවා.

ඔබේ හිසකෙස් රැක බලා ගැනීම සහ ඒවාට කරන සත්කාර කිසිවිටෙකත් සංකීර්ණ විය යුතු නැත. ඔබට ස්වාභාවික අමුද්‍රව්‍ය කිහිපයක් සමඟින්, ඔබේ හිස්කබල පෝෂණය කරන සහ හිසකෙස් සෞඛ්‍යය වැඩි දියුණු කරන ඵලදායී ශාකසාර කෙස් තෙල් නිවසේදීම සකස් කර ගැනීමේ හැකියාව තිබෙන අතර අවශ්‍ය වන්නේ ඒවා නිසියාකාරයෙන් සිදු කිරීම සහ ක්‍රමානුකූලව සිදු කිරීමයි.ස්වභාවික සත්කාර මගින් ප්‍රතිඵල ලැබීමට කාලය ගත වුවත් ඒවායින් ලැබෙන ප්‍රතිඵල සහතික කළ හැකි වන අතර එම ප්‍රතිඵල ස්ථීර වන බවද අප ඔබට කිව යුතුයි.

Related Articles

Don't Miss


Latest Articles