එල්ලා වැටුණු පියයුරු පිරිපුන් කරන්නට නොවරදින ව්‍යායාම 5ක්

ඕනම තරුණියක් කැමතියි තමන්ගේ පියයුරු පිරිපුන් ව තියනවට. මොකද ඕනෑම හැඩයක ඇඳුමක ලස්සන තවත් ඔප් නැංවිලා පේන්න නම් පියයුරු පිරිපුන්ව තිබීම වැදගත් වෙනවා.නමුත් ඒ විදිහට පියයුරු පිරිපුන් නැත්නම් මොකද කරන්නේ ? ඒකට විසඳුමක් තමයි අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. 

පියයුරු පිරිපුන් කර ගැනීම සඳහා කළ හැකි ව්‍යායාම ක්‍රම මේ වන විට ලෝකයේ බොහෝමයක් තියෙනවා. ඒ අතරින් ඔබට පහසුවෙන්ම කරන්න පුළුවන් ව්‍යායාම ක්‍රම 5ක්  ගැනයි මේ ලිපිය.

Chest fly

Chest Fly | Illustrated Exercise Guide

ඔබේ කකුල් බිමට හිටින සේ සෘජු ලෙස බංකුවක දිගා වන්න

dumbbells දෙකක් ඔබේ අත් දෙකට ගන්න

ඊළඟට එම dumbbells දෙක ඔබේ පපුවට දෙපසින් ඉහලට ගෙන එන්න

ඔබේ උරහිස් වලට අනුකූලව dumbbells දෙක පහත් කරන්න  

තප්පර දෙක තුනක් එසේ හිද නැවත dumbbells දෙක ඉහලට ගෙන එන්න 

මෙය දොළොස් වරක් බැගින් කට්ටල තුනක් කරන්න 

Arm circle 

Arm Circles | Illustrated Exercise Guide

ඔබේ පාද උරහිස් වලට සමාන්තරව සිටින සේ කෙලින් සිට ගන්න

දැන් ඔබේ දෑත් ඉදිරියට දිගු කරන්න 

එක අතක් රවුම් චලිතයකින් අනෙක් පසට රැගෙන අනෙක් අතින් තද කරන්න

එය නැවතත් රවුම් චලිතයකින් ආරම්භක ස්ථානයට ගෙන එන්න.

මෙසේ අත් දෙකටම ව්‍යායාමය දොළොස් වරක් බැගින් කට්ටල තුනක් කරන්න 

Towel workout

තුවායක් ගෙන එය ඔබේ සිරුර පිටුපසින් සිටින සේ දකුණු අත ඉහළින් ද වම්පස පහලින් ද පිට මැද්දට ගෙන අල්ලා ගන්න

තුවායේ දෙපැත්තෙන්ම අදිමින් තප්පර 20ක් සිටින්න 

කෙටි විවේකයකින් පසු ව ඒ ආකාරයටම කරන්න 

මෙම ව්‍යායාමය නැවත නැවත 12 – 15 වතාවක් කරන්න 

The tug and pull

Adding Functional Training to your Workout Routine | Be Beautiful India

මේ සඳහා ඔබට ඇදෙන ආධාරකයක් හෝ ඉලාස්ටික් පටියක් අවශ්‍ය වෙනවා 

සෘජුව සිටගෙන මුහුණ කෙලින් තබාගෙන ඉලාස්ටික් එක දෙපැත්තෙන් අල්ලාගෙන ඉදිරිපසට ගෙන එන්න

ඊළඟට දෑත් දෙපසට දිග හරිමින් හැකිතාක් ඉලාස්ටික් එක දෙපසට අදින්න. නැවත ආරම්භක ස්ථානයට එන්න 

මෙය 12 වරක් බැගින් කට්ටල තුනක් කරන්න 

Chair dips

මේ සඳහා රෝද නොමැති ඔබේ ශරීරයේ ශක්තිය දරා ගත හැකි ශක්තිමත් පුටුවක් අවශ්‍ය වෙනවා 

එම පුටුව ඉදිරියෙන් බිම වාඩි වන්න

ඔබේ අත්ල පිටුපසට කර පුටුව මතින් තබා ගන්න

පාද තරමක් ඉදිරියට ගෙන යන්න 

ඊළඟට පිටුපසට කර ඇති අත්වලින් පිටුව තදින් අල්ලාගෙන ශරීරය සෙමෙන් ඔසවන්න

නැවත ආරම්භක ස්ථානයට එන්න

ව්‍යායාමය කරන විට සෑම විටම ශරීරය සෘජුව තබා ගත යුතුයි

මෙම ව්‍යායාමය 6 – 8 වාරයක් නැවත නැවත කරන්න 

ඔබේ පියයුරු පිරිපුන් නොවීම පිළිබඳව වද වීමට තව දුරටත් අවශ්‍ය වන්නේ නැහැ. නිවසේදීම ඉතා කෙටි වේලාවක් ඇතුළත කළ මේ ව්‍යායාම ක්‍රම නිවැරදිව අත්හදා බැලුවොත් ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්

Related Articles

Don't Miss


Latest Articles