මල්සර හී සර – 26

0
448

“මට හිතාගන්න බැරිවුණා අනේ අපේ අම්මා එහෙම කිව්වම. මම කීයටව්ටහ් හිතුවෙ නෑ අම්මට ඇහෙන්න ඇති කියල ඔයා එදා වාහනේ එද්දි හිමින් සැරේ කිව්ව ඒවට” කියල සප්තමී කියද්දි සමුද්රට කියන්න ඉතුරුවෙලා තිබ්බෙ එකම එක දෙයක් විතරයි.

“මාර කන් දෙකක්නෙ අප්පා ඔයාගෙ අම්මට තියෙන්නෙ? මං හෙනම හිමින් නෙ කතා කරේ.කවුද හිතුවෙ අම්මා වමනෙ යනවා කියල අහක බලාගෙන උන්නු එකේ අපි දෙන්න කතා කර කර ඉන්න ඒව අහන් ඉන්නව කියල. මං ඇත්තටම හිතුවෙ නෑ අම්මා කීයටවත් රේඩාර් එක දාගෙන ඇති කියල අපි දෙන්න ඉන්න දිහාවට”

“දුවල ඉන්න අම්මල එහෙම තමයි. ඔයාට පුලුවන්ද දැන් ඔය රේඩාර් එක පැනලා එන්න මේ පැත්තට?”

“රේඩාර් එක පැනලා එන්න බැරි උනොත් මම ඔයාට මේ පැත්තට එන්න කියල හරි ඔයාව මගේ කරගන්නවා කෙල්ලෙ.මෙච්චර මේ ඩාන්ස් දාලා දාලා නිකන් හිස් අතෙන් යන්නෙ නෑ මං. ඔයාවත් අරගෙනම තමයි යන්නෙ. ඒක නෙවෙයි මං අහන්න හිටියෙ ඇයි අනේ ඔයා මට කිව්වෙ නැත්තෙ අර පිස්සු කේස් එකත් ඩිනර් එකට එනවා කියල”

“ඔයාට කියන්න මමවත් දැනගෙන හිටියෙ නෑ අනේ. මට හිතාගන්න පුලුවන් උනේ නෑ තාත්තා එකපාරටම මෙහෙම මාලවීට ගෙට එන්න දොර අරිද්දි”

“තාත්තා එයාලට එන්න කියල තිබ්බෙ මුකුත් සැකයක් හන්ද වෙන්න බෑ නේද? ඒ කිව්වෙ අංකල් දැනගෙනද දන්නෙ නෑ නේද එදා මං එයාලගෙ ගෙදර ගියා කියල. ඒක උඩ අංකල් හිතන් ඉන්නවද දන්නෙ නෑ මම මේ මහ ජරා ඩයල් එකක් කියල දකින දකින කෙල්ලගෙ ගෙදර යන”

“නෑ නෑ ඔයා එයාලගෙ ගෙදර ගිය එක මං හිතන්නෙ අපේ අම්මල දැනගත්තෙත් කාන්ති ආන්ටි කියද්දි. ඔයා දැක්කෙ නැද්ද අපෙ අම්මයි තාත්තයි දෙන්න නිකන් ශොක් උනා කාන්ති ඇන්ටි ඔයාව දැකල කතාකරන්න ගත්තම. මට හිතාගන්න බැරි උනා මොකද කරන්නෙ කියල”

“ඔයා කියන්නෙ මට තරු විසිවුණා ඒ ඩබල දැක්කම. රෙදි ඉල්ලෙනෙ අප්පා. සුමල් එන ගමන් හිනාවෙනවා මට අන්තිමේ කවදහරි වෙන්නෙ එක්කො ඔය කෙල්ලො දෙන්නවම බැඳගන්න නැත්තම් ඔය දෙන්නවම අතාරින්න කියල. මාලවී නම් කීයටවත් ගේම අතාරින සීන් එකක නෙවෙයි ඉන්නෙ කියල තමයිලු මිනිහට හිතෙන්නෙ”

“මං දන්නෙ නෑ සුමල් අයිය එහෙම දෙයක් කිව්වෙ ඇයි කියල. ඒ උනාට ඒක ඇත්ත. ඔයාලා දෙන්න අපේ තාත්තා එක්ක අර කතා කර කර ඉද්දි මාලවී ආවනෙ මාත් එක්ක කාමරේට. එයා මගෙන් ඇහුවානෙ ඔයා ඇයි එකපාරටම අපෙ ගෙදර ආවෙ මම එයාට කිව්වෙ නැති මොකක් හරි සම්බන්ධයක් මමයි ඔයයි අතරෙ තියෙනවද කියල. මං කිව්වා එහෙම දෙයක් නෑ ඇයි ඒක නිකන් තරහෙන් ඇහුව කියල. එතකොට මාලවී කියනවා එහෙම දෙයක් හිතේ තිබ්බත් ඒක එයා ඉන්නකම් කරගන්න පුලුවන් වෙයි කියලා හිතන්න එපා කියල”

“ඒ මොකද?”

“මම එයාට ලැබෙන්න තිබ්බ එක චාන්ස් එකක් හොරකම් කරාලු ඔයාගෙ ටෙලි ඩ්‍රාමා එකේ මේන් කැරැක්ටර් එක වෙලා. එයා ඒ නිසා කීයටවත් කාට ඕන උනත් එයා ඉඩ දෙන්නෙ නෑලු ඔයාව අයිතිකරගන්න වගේ මොකද්ද අංක්ජ බජල් එකක් කිව්වා.”

“ඔයා ඇඬුවද ඉතින්?”

“මොකටද අඬන්නෙ?”

“නෑ ඉතින් ඔයා පොඩ්ඩක් සීනි බෝලෙ වගේනෙ. මං ඒකයි ඇහුවෙ ඔයා ඇඬුවද කියල”

“සීනි බෝලෙ වගේ? ඔයා දන්නෙ නෑ මේ සීනි බෝලෙ තරම. මාලවී මගෙ පොඩි කාලෙ ඉඳල යාලුව බව ඇත්ත. හැබැයි මේ ටෙලි ඩ්‍රාමා එකට එයයි මමයි දෙන්නම ඇවිල්ල අපි දෙන්න යාලුවො නොවුනත් ඔයාට උවමනා උනා නම් ඔයා ඒ අරගන්නෙත් මාව කියල මම විශ්වාස කරනවා. ඔයා මාව තෝරගත්තෙ මුකුත් වෙන සීන් එකක් හන්ද නෙවෙයිනෙ. එහෙම එකේ මාලවී නිකන් මට තර්ජනේ කරන්න උවමනා නැනෙ මම එයාට අයිති වෙලා තිබ්බ දෙයක් බලෙන් උදුරගත්ත වගේ. අපි හැමෝම ගියේ ඔඩිශන් එකකට. එතනට එන්නෙ කවුද, තේරෙන්නෙ කවුද කියල දන්නෙ නැතුව ඉඳල මාව තෝරගත්තට පස්සෙ ඒක එයාට මාත් එක්ක වෛර බැඳගන්න හේතුවක් වෙන්න විදියක් නෑනෙ. ඒ නිසා එයා හිතුවට මාව වචනවලින් බය කරගන්න පුලුවන් කියලා ඒක නම් ලේසි වෙන්නෙ නෑ. එක්කො එයා තාම හරියට දන්නෙ නෑ මං කියන්නෙ කවුද කියලා”

“අම්මටසිරි මං හිතුවට වඩා ඔයා හයිය කෙල්ලෙක්නෙ. හොඳයි හොඳයි ඒකත් හොඳයි. මං හිතාගෙන හිටියෙ මුලු ජිවීත කාලෙටම මට ඔයාව පරිස්සම් කර කර ඉන්න වෙයි කියල. දැන් බලද්දි මෙයා ඔක්කොටම වඩා චණ්ඩිනෙ”

“ආහ් ඔයාට ඕන එහෙම සීනි බෝලයක් වගෙ කෙල්ලෙක් නම් මං දිහාවට නෙවෙයි මහත්තයො රේඩාර් එක දාන්න ඕන” කියල සප්තමී හිනා වෙද්දි සමුද්ර කරෙත් හීන් සැරේ හිනාවෙන එක. මේ විදියට නිදහසේ සප්තමීට කතා කරන්න පුලුවන් වෙන්නෙ අම්ම නාන්න වගේ ගිය වෙලාවක විතරක් දන්න හන්දාම සමුද්ර කියල තිබ්බෙ එහෙම චාන්ස් එකක් ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව කෝල් එකක් ගන්න. මම මිටින් එකක වගේ නෙවෙයිනම් ඉන්නෙ මං ශුවර් එකටම ආන්ස්වර් කරනවා කියලා. මේ කතාව වෙන දවසෙ අම්මා උන්නෙ නාන්න ගිහින්. මල්ලි ඉස්කෝලෙ ගිහින් හන්දායි තාත්ත උන්නෙ රස්සාවට ගිහින් හන්දයි සප්තමීට බය නැතුව සමුද්රට කතාකරන්න පුලුවන්කමක් තිබ්බා. 

“ඒක නෙවෙයි මං අහන්න ගියේ, ආයෙ කවද්ද මට ඔයාව බලන්න පුලුවන්? ශූටින් වලට කලින් අපිට ආය හම්බෙන්න විදියක් නැද්ද තනියෙන්?” කියල අන්තිම වචනෙ සමුද්ර බර කරල ලතාවට කියද්දි මෙච්චර වෙල දාන් උන්න චන්ඩි ශ්‍යාමා වෙස් මූණ ගලවල සීනි බෝල ලෙවල් එකකට එන්න සප්තමීට ගියේ තප්පර ගාණයි.

“ඔයා දන්නවනෙ මට ඇත්තටම ඒකට දෙන්න උත්තරයක් නෑ. ශූටින් වලට එද්දි ඇරෙන්න මට හිතාගන්න බෑ අපිට ආය එහෙම වෙන දවසක වෙන තැනකදි හම්බුවෙන්න පුලුවන් වෙයි කියලා”

“මට නම් දැන් වෙන්නෙ මට ගෙදරින් කන්න දෙන්නෙ නෑ කියල හැමදාම රෑට ඔයාලගෙ ගෙදරට එන්න තමයි” කියල සමුද්ර හිනා උනාට ඒක ඉතින් සන්තෝසෙ වෙනුවෙන් කටට ආව හිනාවක් නෙවෙයි කියන සමුද්රගෙ මූණ නොදැක්කට තේරුම් ගන්න බැරිකමක් සප්තමීට තිබ්බෙ නෑ. ආදරේ කියල කිව්වෙ නැති උනාට ආදරේ බව දැනගෙන දෙන්නට දෙන්න කතාකරන මේ මුල් කාලෙ කොහොමත් ඕනම කෙල්ලෙකුයි කොල්ලෙකුයි හම්බුවෙන්න, දකින්න, අතින් අල්ලන්න්, තුරුල් වෙන්න ආස විත්තිය දන්න එකේ සමුද්ර මෙහෙම අහන එක වරදක් නෑ කියල දන්නව උනාට ගෙදරින් දාලා තියෙන රේඩාර් එක පන්නල එහෙම දේකට යන්න පුලුවන් කොහොමද කියන එක ගැන හිතාගන්න පුලුවන්කමක් සප්තමීට ඇත්තටම තිබ්බෙ නෑ. 

“මං දන්නවා මං එහෙම කිව්වට ඔයාට දෙන්න උත්තරයක් ඒකට නෑ කියල. මට වෙලාවකට හිතෙනව සප්තමී ඇවිල්ල මේ කෙලින්ම ඔයාගෙ තාත්තල එක්ක කතා කරන්න. මට එහෙම කරන්න බැරිකමක් නෑ. හැබැයි සීන් එක තියෙන්නෙ ඔයාගෙ තාත්තල මට කැමති උනත් ඔයයි මමයි හරියට ආශ්‍රය කරන්නෙ නැතුව අන්තිමට අම්මල තාත්තලගෙ කැමැත්තෙන් ඔයාට ඔයා අකමැති ටයිප් එකෙ මනුස්සයෙක් එක්ක ඉන්න වෙයි කියන එක. ඒකයි මං මේ ඕන මගුලක් වෙද්දෙන් කියල ඔයාලගෙ ගෙදර අය එක්ක කතාකරන්න එන්නෙ නැත්තෙ. ඔක්කොටම හරියන්න මේ අර මල පිස්සු හෝන්තුවකගෙ ගෙදර ගිහිල්ල මම පලවෙනි අඩියම ඇදේටනෙ තිබ්බෙ”

“මං අම්මල කොහෙ හරි ගියාම හරි මොකක් හරි ඒ වගේ සිටුවේශන් එකක් ආවම ඔයාට කියන්නම්. මට එකපාරටම ගෙදරින් එලියට තනියම එන්න විදියක් නෑ. ඔයා දන්නවනෙ මම කවදාවත් එහෙම කරන්නෙ නැතුව එකපාර යන්න ගත්තම අම්මා කොහොමත් සැක හිතාවි”

“ආයෙ ශූටින් එන්නෙ සිකුරාදානෙ. හරි එහෙනම් එදාට හම්බෙලා කතාකරමු”

“මාත් හිතන් හිටියෙ එහෙම තමයි ඒ උනාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා”


















LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here