ඔබේ සිනහව අවලස්සන කරන දත් විකෘතිතාවලට නවීන විසඳුම්

නිරෝගී හා සිත්ගන්නාසුළු සිනහවක් උරුම කරගැනීමට අපි හැමෝම කැමතියි.ඒ සුන්දර සිනහවක් කියන්නේ ඕනෑම කෙනෙක්ගේ මුහුණට තවත් ලස්සනක් එක් කරන්නක් නිසා. අපේ සිනහවේ සුන්දරත්වය පිටතට පෙන්වන්න අපේ දත් දෙපළත් සෑහෙන කාර්යභාරයක් ඉටු කරනවා.

නමුත් බොහෝ දෙනෙක් දත්වල වර්ණය දුර්වර්ණ වීම හා අපිළිවෙලට පිහිටි දත් නිසා පීඩාවට පත් වෙනව. විශේෂයෙන් කාන්තාවන් කැමති දත් වල ඇතිවන මෙවැනි ගැටලු වලට විසදුම් හොයා ගන්න. ඉතින් අද අපි කතා කරන්නෙ දත් වල ඇතිවන විකෘතිතා වලට හා වෙනත් ගැටලු වලට නවීන තාක්ෂණය මගින් කල හැකි නව්‍ය ප්‍රතිකාර හා විසදුම් ගැනයි

මුලින්ම බොහෝ දෙනෙක් පීඩා විදින දත් වල විකෘතිතා ගැන පැහැදිලි කර ගමු.

මොනවද මේ දන්ත විකෘතිතා කියන්නෙ?

දන්ත විකලාංගයක් කියලා කියන්නෙ සරලව දත්වල ඇතිවී තිබෙන විකෘති තත්ත්වයක්. එම විකලාංග උපතින් වගේම වැරදි සෞඛ්‍ය පුරුදු නිසා පසුකාලීන ව ඇති වෙන්න පුලුවන්.

දන්ත විකෘතිතා

  • දත් ඇන්ද ඉදිරියට නෙරා ඒම
  • දත් පොකුරු පිහිටීම හෙවත් නළ දත
    -මුඛයේ හනුව ඉදිරියට පැමිණ දත් පෙළ පිටුපසට යාම
    -දත් අතර හිඩැස් නිර්මාණය වීම යන තත්ත්වයන් බහුලව දැකිය හැකියි.

මෙවැනි ගැටලු වලට තියන විසදුම් මොනවාද?

ඒ අනුව මෙලෙස විකෘති වූ දත් සකසා ගැනීමට වයස් සීමාවක් බලපාන්නෙ නැහැ.වයස අවු.60- 70 වයස්වල ඉන්න අයට පවා තමන්ගෙ දත්වල තිබුණ විකෘති වීම් සකසා ගත්ත අවස්තා ඕනෑ තරම් තිබෙනවා. ඉතින් සුන්දර සිනහවකට කැමති කාන්තා ඔබට පුලුවන් ඔබත් මෙවැනි දත් වල යම් විකෘති තාවයකින් පෙලෙනවා නම් ඒ සදහා ගැලපෙන විසදුම් හොයා ගන්න.

1) කම්බි දැමීම

දත් ඉදිරියට නෙරා ඒමට කම්බි දැමීම හෙවත් ප්ලේට් දැමීම ගැන අපි කොයි කවුරුත් දන්නවා.නමුත් එයින් තරම්ක් අවලස්සන ස්වභාවයක් මුහුණට එක් කිරීම නිසා ගොඩක් කාන්තාවන් එයට අකමැත්තක් දක්වනවා.මෙයට සාරථක පිළියමක් තමයි මල් කම්බි දැමීම(Braces) කියන්නෙ.මෙයත් කම්බිවලින්ම නිර්මාණය කළ අංගයක් වන අතර පිටත්ට නොපෙනෙන ආකාරයට සකස් කිරීමට හැකි වීම නිසා ඔබට මෙය අවලස්සනක් එක් කරන්නෙ නැහැ.ඒ වගේමයි දත්වල පැහැය හා සමානව සැකසූ උපකරණත් අද පවතිනවා.ඒ නිසා ඉදිරියට නෙරා ආපු දත් නම් ඔබට තියෙන්නෙ මෙය හොද විසදුමක් වේවි නිසැකයෙන්ම.

2) දත් අතර හිඩැස පිරවීම

දත් අතර හිඩැස් පවතින එකත් අද වන විට ගොඩක් අය මුහුණ දීලා තියෙන ගැටලුවක්. කල් යත්ම දත් අතර හිඩැස් ඇති වීම වගේම උපතින් දත් අතර හිඩැස් පිහිටිමත් දකින්න පුලුවන් . මෙයටත් සාර්ථක පිළියමක් ලෙස දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් මගින් ඔබට මේ දත් අතර හිඩැස් පුරවා ගැනීමට හැකියි. හොදම දේ තමයි දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙන එක.

3) දත් ගැලවීයාමට විසඳුම්

මීළග කාරනාව තමයි යම් අනතුරකින් හෝ වෙනත් හේතුවකින් දත් ගැලවී යාම.මෙයට නවීන තාක්ෂණය පිළියම් සොයාගෙන තිබෙනවා. අනතුරකින් හෝ කිසියම් රෝගී තත්වයකින් ඔබගේ ඉදිරිපස දතක් හෝ කීපයක් අහිමි උනොත් කරන්න පුලුවන් ප්‍රතිකර්ම 2ක් ගැන,

Young beautiful woman smiling on white background. Oral hygiene concept

1.Bridge දන්ත පාලමක් දැමීම – මේක තමයි ඉදිරිපස දත් අහිමි උනොත් කරන්න තියෙන මිලෙන් අඩුම ප්‍රතිකර්මය.උදාහරණයක් විදියට උඩ ඇන්දෙ ඉදිරිපස කෘන්තක දතක් නැතිවෙන එක හිතුවොත්…මේකෙදි අපි කරන්නෙ නැතිවුණ දත දෙපැත්තේ තියෙන හොද දත් දෙක සම්බන්ධ වෙන්න දන්ත පාලමක් දැමීම …දන්ත පාලමක් කියන්නෙ සැබෑ දත් වලට සමාන පෝසලේන් වලින් හදපු දත් 3ක් එකට තියෙන සෙට් එකක්..මේ සෙට් එකේ දෙපැත්තේ තියෙන දත් දෙකේ සිදුරැ 2ක් තියෙනවා .ඒ සිදුරැ 2ට තමයි ඔබේ හොද දත් 2 දන්ත සිමෙන්ති වර්ගයක් යොදා සම්බන්ධ වෙන්න.මෙකේ අවාසි තමයි මෙක සවිකරන්න හොදට තියෙන දත් 2ක් පොඩ්ඩක් පලුදු කරන්න වෙනවා..එතකොට ඒ දත් නරක් වෙන්න තිබෙන අවදානම ටිකක් වැඩී..එ නිසා පිරිසිදුතාවය තබාගත යුතුයි..සිමෙන්ති වලින් සවිකරන නිසා කල් ගියාම ගැලවෙන්න පුලුවන්..ගැලවුනොත් ආයි හයිකරන්නත් පුලුවන්..හයිය දේවල් හපන එක අවදානම්..

2.Implants දත් සිටුවීම – මේකෙදි ලැබෙන්නේ 100% ඔබගේ ස්වභාවික දතට සමාන දතක්..කාටවත් ඒක අදුරගන්න බෑ.ඕනෑම දෙයක් කන්න බොන්න බාදාවකුත් නෑ..නමුත් මේ සදහා
ඉස්සෙල්ලාම දන්ත වෛද්‍යවරයා ඔබ මේ ප්‍රතිකර්මයට සුදුසුද කියලා බලනවා..ඔබ නීරෝගීමත් පුද්ගලයකු නම් කිසිම ගැටලුවක් නෑ..

මෙම ප්‍රතිකර්මයට නුසුදුසු පුද්ගලයන් වන්නේ..දුම්පානය බහුලව කරන්න , මර්දනය නොකරන දියවැඩියාව කොලෙස්ටරෝල් පිලිකා රෝගීන්.

ඉතින් අපි ඒ කතා කලේ දන්ථ ගැටලු වලට විසදුම් , දැන් අපි බලමු ගැටලු ඇති නොවන ආකාරයට දත් රැක ගන්න නම් කල යුතුම දේවල්.

ලස්සන දත් දෙපලක් පවත්වා ගෙන යන්න ඔබ පිලිපැදිය යුතුම පුරුදු කීපයක්

ලස්සන පිලිවෙළට පවතින දත් දෙපළක් පවත්වා ගෙන යන්න පිළිපැදිය හැකි සරල උපදෙස් කිහිපයක් පහතින්,

  • මිත්‍යා මත බැහැර කිරීම

වයසට යාම නිසා දත් සෙලවීම,ගැලවී යාම සිද්ද වෙනවා එය නොවැළැක්විය හැකි බව වැරදි මතයක්.ඒ වගේම තමයි දත් රැක ගැනීමට වැඩිවෙලාවක් දත් මැදීම සිදුකළ යුතු බවත් වැරදි මතයක්.මෙවැනි මිත්‍යා මත ඕනෑ තරම් සමාජයේ පැතිරිලා තියෙනවා.ඒ නිසා ඒවා අවබෝධයෙන් බැහැර කිරීම කළ යුතුයි.

*නිවැරැදි ලෙස දත් මදින්න

සිනිඳු කෙදි සහිත දත් බුරුසුවකින් විදුරුමස් දාරය දිගේ සහ දත්වල සෑම පෘශ්ටයක්ම ආවරණය වෙන්න දිනකට දෙවරක් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මැදීම.

*නිවැරදි පුරුදු ඇති කර ගන්න
පැණිරස සහ පිටි සහිත ආහාරපාන හැකි තරම් අවම කිරීම ,අලුත් එළවළු සහ පළතුරු,ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම,වැඩිපුර ජලය පානය කිරීම වැනි දේවල් සිදු කිරීම

  • මාස 6කට වරක්වත් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් හමුවීම

Related Articles

Don't Miss


Latest Articles