රැකියා ස්ථානයේ කැපී පෙනෙන්න කැමති කාන්තා ඔබ අවදානය යොමු කළ යුතු කරුණු

ඔබත් බොස් කෙනෙක් ද ? එහෙමත් නැත්නම් senior manager කෙනෙක් ද ? ඔබ රැකියා ස්ථානයේ පුරා ඔබේ ආදිපත්‍ය පතුරවන්න කැමති කෙනෙක් ද ? එහෙනම් මේ ලිපිය ඔබ සඳහාමයි . වෘත්තීය මට්ටමෙන් කැපී පෙනෙන කාන්තාවන් සඳහා formal wearවලම තරමක් වෙනස් මාදිලි තිබෙනවා. Boss lady style කියලා හඳුන්වන ඒවා මගින් ඔබේ පෙනුමට තනතුරට ගැලපෙන සේ තවත් වටිනාකමක් එකතු කරනවා. 

මේ ඇඳුම් බහුතරයක් inspire (ආදර්ශය) වෙලා තියෙන්නෙ පිරිමි ඇඳුම් වලින්. සමහර ඇඳුම් වල සෘජුවම පිරිමි ඇඳුම් වල ආවේණික ගතිගුණ පෙන්නුම් කරන අතර සමහර ඒවා එහි හැඩතල පමණක් ගෙන ඇත. කෙසේ නමුත් මේ ඇඳුම් සියල්ල ගේම පිරිමින්ට ආවේනික කඩවසම් බව (handsome ), පෞර්ෂත්වය වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා. ඔබට පුරුදු කාන්තා ලාලිත්යට වඩා වෙනස් වූ කඩවසම් බවක් ඔබට එකතු කරත් ඒ තුලත් සැඟවුනු සරාගී බවත් තියනවා. ඉතින් bossy clothes කියන්නේ ඔබේ ආකර්ශනීය බව වැඩි කරන ඔබ වැය කරන මුදලට සරිලන හොඳම ආයෝජනයක්. බොස් ලේඩි කෙනෙක් විදිහට අඳින්න කැමති ස්මාර්ට් ලේඩි ඔබත් මේ ටිප්ස් ටික කරලා බලන්නකෝ.

1. ඔබටම ආවේණික colour palatte එකක් හදාගන්න

ඔබ නිතරම coat suit  අඳින කෙනෙක් නම් කළු, අළු සහ නිල් වර්ණය ඔබ සතුව තියෙන්නම් ඕනි. සම්පූර්ණ ඇඳුම් වලට ඉතාමත් හොඳින් ගැලපෙන මෙය වර්ණ තුන ඔබේ බලය සහ විශ්වාසවන්ත බව  තහවුරු කරන බව වර්ණ පිළිබඳ අධ්යයන වලදී කියවෙනවා. මේ color palatte එකේ නිල් වර්ණය තියන නිසා ඔබට navy blue  වගේ වර්ණත් අඳින්න පුලුවන්.
තවත් මේ වගේ වර්ණ සංකලනයක් තමයි කළු සහ සුදු වර්ණයන් කියන්නෙත්. ඉතා සරල වර්ණ සංකලනයක් වන මේ වර්ණයට ඔබත් ප්රිය කරනවා නම් එහි කුඩා මෝස්තර (prints), textures හෝ වෙනස් රෙදි අත්හදා බලන්න පුලුවන්. 
අනිත් අයගේ ඇස් ඔබ දිහාම තබා ගන්න කැමති ඔබටම ගැලපෙන වර්ණ සංකලනයක් තමයි ivory, අලු, කලු , රතු කියන්නේ. ඔබ නිතර අඳින මේ වර්ණයන් වටා ඔබටම කියා අන්යතාවයක් ගොඩ නැගේවි.

2. ඔබටම අනන්ය formula එකක් හදාගමු


ඇදුම් ගැලපීම කියන්නේ කාන්තා අපිට විශේෂයෙන් කාලය ගතවන දෙයක්. බොස් කෙනෙක් වෙන ඔයා දිහා හැමෝගෙම ඇස් දෙක යොමු වෙලා තියෙන නිසා ඔබ ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. හැම දවසක් ම ඔබේ හොඳම පෙනුමෙන් ඉන්න නම් මේ ක්රමය අනුගමනය කරලා බලන්නකො. ඔබට ගැලපෙන formula (සූත්රයක්) එකක් ඔබ ගොඩනඟා ගන්න ඕනේ. ඒක ඉතාම සරල පහසුවෙන් අනුගමනය කරන්න පුළුවන් එකක් විය යුතුයි. ඔබේ එදිනෙදා වැඩවලට සේම සංචාර සඳහා බෑග් සූදානම් කරන්නත් එමගින් පහසු වෙනවා. 
මේ සඳහා උදාහරණ කීපයක් සඳහන් කලොත්;
*printed knit dress , statement necklace, high heel sandals
* statement blouse, simple ( සරල) ස්කර්ට් එකක්, pumps 
* තද වර්ණ පෑන්ට්ස් හෝ ජීන්ස් සමඟ සරල ටොප් එකක්, mens inspired shoes ( පිරිමි පාවහන් ආකාරයේ සපත්තු )

මේ වගේ formula එකක් ඔබටත් තිබ්බොත් උදෑසන රාජකාරියට සූදානම් වීම ලේසි වෙනවා වගේම හැමදාම හැඩට අඳින්න බොස් ගැන  රාජකාරි ස්ථානයේ අනික් අය  පුදුම වෙයි.

3. ඔබේ accessories (ආභරණ, බෑග් සහ පාවහන්)


බොස් කෙනෙක් විදිහට අනිත් අයගේ ඇස් හැමවෙලේම ඔබ දිහාට යොමුවෙලා තියනවා. බකල් එක පොඩ්ඩක් සීරුනු බෑග් එකක්, දූවිලි රැඳුනු සපත්තුවලට ඔවුන්ගේ ඇස රැඳෙනවා. ඒ නිසාම ඔබ ඉතා හොඳ අවධානයක් දෙන්න ඕනේ මේවා සඳහා. මොකද ඔබ පාවහන් ,ආභරණ සඳහා කරන වියදම ඔබට හොඳ ආයෝජනයක්. සැමවිටම branded (හොඳ සන්නාම වල) භාණ්ඩ පාවිච්චි කරන්න. එසේත් නැතිනම් ඉතා හොඳ තත්වයේ භාණ්ඩ පාවිච්චි කරන්න. හොඳින් polish කල පාවහන් , හොඳින් නඩත්තු කරන ලද ආභරණ , සීරීමක්වත් නොමැති බෑග් ඔබේ තත්වය තරාතිරම අනිත් අයට විදහා පානවා. 


4. ඔබේ උස ගැන හිතුවාද?

පිරිසක් අතර සන්නිවේදනයේදී ඇස් මට්ටමින් කථා කිරීම ඔබේ අදහස ඔවුන්ට ඒත්තු ගැන්වීමට හොඳ ක්රමයක්. ඉතිං ඔබ බොස් කෙනෙක් විදිහට වැඩ කරන්නේ ඔබට වඩා ඉතා උස වැඩ පිරිසක් සමග නම් ඔබේ උස ගැන ඔබට සැලකිලිමත් වෙන්න වෙනවා. කාන්තා අපේ ප්රියතම high heels ඔබට කදිම විසඳුමක් වෙනවා. සැමවිටම පිරිසක් සමග එකට ඇවිද යා හැකි මට්ටමේ උස පාවහන් පලඳින්න.
5. හැඩකාර මේකප් 
රාජකාරියක යාමට පෙර කණ්නාඩිය ඉදිරිපස ගත කරන වේලාව ඔබේ පෙනුම හැඩ කර පෞර්ශය දියුනු කරනවා. ඉතා වැඩි නොවන; ඉතාම අඩු නොවන මේකප් එකක් ඔබ විසින්ම කර ගැනීම ඉතාමත් ප්රයෝජනවත්. උසස් තත්ත්වයේ රූපලාවන්ය ද්රව්ය භාවිතා කරමින් ඔබට ම ගැලපෙන මේකප් එකක් කර ගන්න හැටි ඔබේ රූපලාවන්ය ශිල්පියාගෙන් අසා දැනගන්න. ඔබේ මේකප් එක අඩුපාඩු රහිත විය යුතුයි. එයට foundation , lipstick , lip liner, මස්කාරා , eye liner, eyebrows හැඩ ගැන්වීම අනිවාර්ය වේ.

 
6. අනිවාර්ය manicure


ඔබේ නියපොතු කෙලෙසකවත් අමතක කරන්න එපා. කොටට කපා හැඩ ගන්වා හෝ දිගට වැවූ නියපොතු හොඳින් නඩත්තු කර තිබිය යුතුයි. වර්ණවත් නිය ආලේපන හෝ neutral colours මේ සඳහා අපට පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ presentation , speech අතරදී අනෙක් අයගේ ඇස ඔබේ අත දෙසට යොමු වන නිසා වෘත්තීමය මට්ටමේ කෙනෙක්ගෙන් manicure කරගන්න.

7. කොන්ඩය අමතක කරන්න එපා


ඔබට තියෙන්නේ ස්වභාවික කැරලි කැරළි ගැසුනු කොණ්ඩයක්ද? , wavy කොණ්ඩයක් ද? ,වර්ණගන්වා හැඩකල කොණ්ඩයක් ද? , streight කරපු කොණ්ඩයක් ද ? කෙටි කොන්ඩයක්ද? මේ ගැන ඔබ කලබල විය යුතු ම නැහැ. ලෝකයේ සාර්ථක කාන්තාවන් අතර මේ වගේ විවිධාකාර කොන්ඩ අපිට දකින්න පුළුවන්. ඔබ කළ යුත්තේ එකම දෙයයි. සෞඛ්ය සම්පන්නව, පිරිසිදුව, නීට් එකට ඔබේ කොණ්ඩය පවත්වාගෙන යාමයි. ඒ සඳහා ඔබට කොන්ඩ හැඩගැන්වීමේ විවිධ නිෂ්පාදන පාවිච්චි කරන්න පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles