ටර්කි(කලුකුම් මස්) අපිට පුරුදු දයියා රසට….හායි හූයි කියමින් කමු!

හැමදාම එකම රවුමේ කැරකෙන ආහාර වලින් පොඩ්ඩක් පීලි පැනල අලුත් කෑම වේලක් පවුලේ අයට පිළිගන්වන්නට වගේම රස බලන්න කැමති ඔයාට අලුත්  කෑමක් අපි අද අරගෙන එනවා.

සත්ව ප්‍රෝටීන බහුල ආහාරයක් විදියට කලුකුම් මස් (ටර්කි)හඳුන්වන්නට පුළුවනි.ඇතැම් සංස්කෘතික පරිසර තුළ කලුකුම් මස් වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්.උත්සවයක් නම් අනිවාර්යයෙන්ම කලුකුම් මස් තිබිය යුතු ම තරම්  එය  එතරම්ම රසවත් මෙන්ම ජනප්‍රිය ආහාරයක්.

ඉතින් අපේ සංස්කෘතිය තුළ අපි ටිකක් දැවිල්ල රසයට කැමතියිනෙ.හායි හූයි ගාල කන්න පුළුවන් විදිහට  ටර්කි  හදන්නෙ මෙන්න මෙහෙමයි .

එහෙනම් ඉක්මනින්ම මේ අඩුම කුඩුම ටික ලෑස්ති කරගන්න.මේ සියලුම දේවල් හරිම පහසුවෙන්  සොයා ගන්න පුළුවන්.

  • හොඳින් සෝදා පිරිසුදු කර අවශ්‍ය පමණට කපාගත් ටර්කි ග්‍රෑම් 500
  • සිහින්ව කපාගත් ලොකු ලූණු ගෙඩියක්
  • සිහින්ව කපාගත් රම්පෙ ,කරපිංචා
  • සේර කැබැල්ලක්
  • කරදමුංගු සහ කරාබු නැටි දෙක තුනක්
  • පොඩි කරගත් කුරුඳු කැබැල්ලක්
  • තලාගත් ඉගුරු සහ සුදු ලූනු ,සහ අමු මිරිස්
  • අබ ඇට හෝ ක්‍රීම් තේ හැන්දක්
  • විනාකිරි මේස හැන්දක්
  • සියඹලා ඉස්ම ටිකක් සහ කපා ගත් තක්කාලි ගෙඩියක්
  • මිරිස් කුඩු තේ හැඳි තුනක්
  • බැදපු තුන පහ තේ හැදි දෙකක්
  • ගම්මිරිස් තේ හැන්දක්
  • මහදුරු ඇට තේ හැඳි කාලක්
  • ලුණු රස අනුව
  • උකු පොල් කිරි කෝප්පයක්
  • මැටි වළඳක් හෝ දෙකක්

දැන් මෙන්න මේ විදියට  කලුකුම් වෑංජනේ හදාගනිමු.

  • අපි තුන පහ මිරිස් රසට වඩාත්ම කැමති නිසා මුලින්ම ඒවා හොඳින් මසට අවශෝෂණය කර ගැනීම සඳහා විනාඩි 45ක් විතර සීසන් කිරීම වඩාත් සුදුසුයි.
  • විනාකිරි,ගම්මිරිස් ,මිරිස්,අබ,ලුණු,මහදුරු,තුනපහ සහ සියඹලා ඉස්ම හොඳින් මිශ්‍ර කරගෙන වසා තබන්න.
  • මැටි භාජනයක් පාවිච්චි කිරීමට හැකිනම් වඩාත්ම සුදුසුයි.
  • මැටි වලදක් රත්වන්නට ලිපතබා එයට පොල් තෙල් මේස හැදි හතරක් පමණ එකතු කරන්න.
  • තෙල් හොඳින් රත් වූ පසු රම්පෙ කරපිංචා සේර , කරඳමුංගු, කරාබු නැටි ,කුරුඳු එකතු කරන්න.
  • ඒවා තරමක් බැදෙන සුවඳ එන විට ලූණු ,තලාගත් ඉඟුරු , සුදු ලූනු, අමු මිරිස් එකතුකර රන්වන් පාට වනතුරු හොඳින් බැදගන්න.
  • එයට season කරගත් මස් කැබලි ටික එකතු කර මද ගින්නේ තැම්බෙන්නට තබන්න.
  • මස් තැම්බුණු පසු එයට නැවතත් කබළේ රත්කර ගත් මිරිස් කුඩු,තුන පහ කුඩු ,සහ මහදුරු ටිකක් එකතු කරන්න.
  • දැන් තක්කාලි එකතු කර ඒ සමගම පොල්කිරි ටික එකතු කරන්න. මඳ ගින්නේ පිසගන්න.

ටර්කි(කලුකුම්) ආහාරයට ගැනීමෙන් ඇති වාසි.

කලුකුම් මස්(ටර්කි) ඉතාමත් පෝෂණ ගුණයෙන් අනූන කෑමක් ලෙසට ලොවපුරා ඉතාමත් ජනප්‍රියයි.සත්ව ප්‍රෝටීන වලින් බහුල ආහාරයක් ලෙස ට ටර්කි  හඳුනාගෙන තිබෙන අතර  මේ පෝෂ පදාර්ථ  වලින්  අනූනයි.

  • ප්‍රෝටීන්
  • විටමින් බී
  • ඛනිජ ලවණ
  • සෝඩියම්
  • සින්ක්
  • පොස්පරස්
  • මැග්නීසියම්
  • පොටෑසියම්

ඒ වගේම වෑංජන විදියට විතරක් නෙවෙයි, පහත සඳහන් ඕනෑම ක්‍රමයකට කලුකුම් (ටර්කි) පිළියෙල කර ගන්නටත් පුළුවන්.

  • සලාද ලෙසට
  • සුප්
  • සැන්ඩ්විචස්
  • බර්ගර්ස්

ඔන්න , රසම රසට පෝෂණයෙන් අනූන කෑමක්  ඕන නම් නොවැරදීම කලුකුම් (ටර්කි) තෝරා ගන්නට අමතක කරන්න එපා!

Related Articles

Don't Miss


Latest Articles