ආදරවන්තයන්ගේ දිනයට ආදරය පිරුණු ඩිනර් එකක්

අද ආදරවන්තයන්ගේ දිනය.ඔයාලට ආදරවන්තයන්ගේ දවස සමරන්න විවිධ සැලසුම් ඇති.එහෙම කිසිම සැලසුමක් නැති වුණත් දුක් වෙන්න එපා. ඔයාට පුළුවන් සැමියාට හෝ ආදරවන්තයාට ආදරේ පිරුණු Romantic Dinner එකක් දෙන්න.අද රෑ වෙනස් විදියේ ආදරේ පිරුණු ඩිනර් එකක් සුදානම් කරන්නයි අපි මේ උදව් කරන්නේ.

Heart-Shaped Pizza

හදවත් හැඩයට පීසා හදන්න ඒ තරම් වෙලාවක් යන්නේ නැහැ.මේ සම්පුර්ණ ක්‍රියාවලියට යන්නේ හරියටම පැයක් සහ මිනිත්තු හතළිහක්.

අවශ්‍ය දේවල්

  • වෙළඳපලේ ඇති සැකසු පිසා පිටි රාත්තල් 1 
  • ඔලිව් තෙල් මේස හැදී 1
  • සැකසු මස් පෙති අවශ්‍ය තරමට
  • පිටි ස්වල්පයක්
  • මොසැරල්ලා චීස් කෝප්ප 1
  • පිසා සෝස් කෝප්ප ½

සාදා ගන්නා ආකාරය 

පීසා පිටි භාජනයකට දමා ඔලිව් තෙල් ආලේප කරන්න. 

ප්ලාස්ටික් එතුමකින් ආවරණය කර පැයක් කාමර උෂ්ණත්වයේ තබන්න.

අවන් එක ෆැරන්හයිට් අංශක 500 ට රත් කරන්න 

මස් පෙති හදවත් හැඩයට කපා ගන්න.

පීසා පිටි ගුලිය බෝල දෙකකට බෙදන්න.

පිටි සහිත මතුපිටක් මත, ඇනූ බෝලයක් හදවත් හැඩයට සකසා ගන්න . 

පිටි ගුලිය පාච්මන්ට් කඩදාසියක තබා බේකින් තැටියක දමා ගන්න.

එය හදවත් හැඩයකට කපා ගන්න.

පිටි ගුලිය මත සෝස්වලින් අඩක් තුනී ස්ථරයක් ලෙස දමා ගන්න,

මොසරෙල්ලා වලින් අඩක් උඩින් විසුරුවා හරින්න. 

මස් පෙති වලින්  අඩක් උඩින් දමන්න. 

ඔලිව් තෙල් ආලේප කරන්න 

මිනිත්තු 6-8 අතර වෙලාවක් බේක් කර ගන්න 

Pomegranate Cosmo

අවශ්‍ය දේවල්

වොඩ්කා කෝප්ප 1

දෙළුම් සහ බෙරි වර්ගයක යුෂ කෝප්ප 1

දොඩම් යුෂ කෝප්ප බාගයයි

නැවුම් දෙහි යුෂ තේ හැඳි තුනයි

Lime twists

Pomegranate and basil cocktails with a twist of lime in vintage glasses on a marble countertop. It could be a pomegranate basil martini or a gin smash. Since pomegranates are widely available in the winter, this would be a perfect beverage for holiday parties.

සාදා ගන්නා ආකාරය

වොඩ්කා,දෙළුම් යුෂ,දොඩම් යුෂ හා දෙහි යුෂ එකට එකතු කරන්න

අයිස් එකතු කර කලවම් කරන්න

වීදුරුවලට දමා ගන්න

ලයිම් ට්විස්ට් වලින් ගානිෂ් කර ගන්නදෙසට්

Haert shaped strawberry mousse

අවශ්‍ය ද්‍රව්‍ය:

ස්ට්‍රෝබෙරි ගෙඩි කිහිපයක්

සිනි කෝප්ප කාලක්

වතුර කෝප්ප බාගයක්

ක්‍රීම් චීස් 100g

වීපින් කරීම් 200 ml

ජෙලටින් 

සාදා ගන්නා ආකාරය

ස්ට්‍රෝබෙරි වලට සිනි සහ වතුර දමා උණු කරන්න 

පෙරාගෙන ස්ට්‍රෝබෙරි සිරප් සාදා ගන්න

ජෙලටින් තේ හැඳි දෙකක් දිය කරන්න

ක්‍රීම් චීස් මඳක් බිට් කර ස්ට්‍රෝබෙරි සිරප් කලවම් කරන්න

වීපින් ක්‍රීම් හොඳින් ගසාගෙන චීස් මිශ්‍රණයට දමා ගන්න 

හදවත් හැඩයේ භාජනයට දමා පිලි ගන්වන්න 

මේ සුන්දර රාත්‍රී ආහාරයට ඔබේ ආදරය තව තවත් වර්ධනය කරන්න හැකි වේවි. එහෙනම් අද විතරක් නෙවෙයි.හැමදාම ආදරෙන් ඉන්න.

Related Articles

Don't Miss


Latest Articles