Edward Gein මරලා දැම්ම කාන්තාවන්ට මොකද කරේ?

අද කතාවෙන් අපි කියන්න යන්නෙ තවත් දරුණු අපරාධකරුවෙක් ගැන. මෙයාගෙ සම්පූර්ණ නම එඩ්වර්ඩ් තියඩෝර් ගේන්. එයා ඉපදෙන්නෙ ඇමරිකාවේ.එඩ්වර්ඩ් උස්මහත් වෙන්නෙ හරිම අමුතු පරිසරයක. එයා ඒ නිසාවෙන්ම අමුතුම විකෘති අදහස් තියෙන මනුස්සයෙක් බවට පත්වෙනවා.  එඩ්වර්ඩ්ගෙ අම්මා ඔගස්ටා. තාත්තා ජෝර්ජ්. අම්මා උස මහත කෙනෙක්. එයා හරිම සීරියස් මනුස්සයෙක්. එඩ්වර්ඩ් ගෙ අම්මා හරියට ආධිපත්‍ය පතුරුවන්න කැමැත්තෙන් උන්න කාන්තාවක් විදියට තමයි සැලකෙන්නෙ. ඔගස්ටාගේ තාත්තා හරිම නීතිකාරයා. එයා ආගමානුකූලව වගේම නීති රීති ගොඩක් මැද්දෙ තමා ඔගස්ටා ඇතුලු එයාගෙ අනිත් ළමයින්ව පාලනය කරලා තියෙන්නෙ. ඒකම හේතුවෙන්න ඇති කියලා තමයි හිතන්නෙ ඔගස්ටත් ඒ වගේම හැසිරීමක් පෙන්වන්න.

කොහොමහරි අම්මා මේ විදියෙ මනුස්සයෙක් උනාට එඩ්වර්ඩ්ගෙ තාත්තා නම් වැඩිය කාත් එක්කවත් කතා බහකරන්නෙ නැති මනුස්සයෙක්. ජෝර්ජ්ට අවුරුදු හතරක් වගේ පොඩි වයසකදි මිසිසිපි ගඟ පිටාර ගලපු වෙලාවක එයාගෙ මුලු පවුලම නැතිවෙනවා. ඒ නිසා ජෝර්ජ් පුංචි කාලෙ ඉඳලම ජීවත්වෙන්නෙ කාත් කවුරුවත් නැති කෙනෙක් විදියට. ඔගස්ටාව හම්බුවෙලා විවාහ උනාම තමයි ජෝර්ජ්ට පවුලක් කියන දෙයක් හම්බුවෙලා තියෙන්නෙ. සමහරු නම් කියනවා ඔගස්ටා මේ ජෝර්ජ් වගේ කෙනෙක්ව කසාද බැඳගත්තේ එයාට හරිම පහසුවෙන් ජෝර්ජ්ට ඉහලින් තමන්ගෙ ආධිපත්‍ය පතුරුවාගෙන ඉන්න පුලුවන්කම තිබුණ හන්දා කියලා.

ඔගස්ටා අනික් මිනිස්සු ඉස්සරහදි පවා ජෝර්ජ්ව අපහසුතාවයට පත්වෙලා තියෙනවා. එයා නිතරම ජෝර්ජ්ට බැනලා තියෙන්නෙ “කිසිම වැඩක් නැති මිනිහා” කියලා. ගෙදර පරිසරේ පීඩනය හන්දා ජෝර්ජ් වැඩ ඇරිල ගෙදර එන්න කලින් බාර් එකට ගිහිල්ලා බීල එන්න පටන් ගන්නවා. එහෙම බීල එන්න ජෝර්ජ් ගෙදර ඇවිත් ඔගස්ටාට පහර දෙන එක තමා කරන්නෙ. එහෙම වෙලාවට ඔගස්ටා දෙයියන්ගෙන් ඉල්ලනවලු “අනේ මේ මනුස්සයව මරලා දාන්” කියල. ඉතින් ගෙදර කොච්චර නරක තත්ත්වයක් තිබුණත් ඔගස්ටට ළමයිනුත් ඕන වෙනවා. ඒ විදියට තමයි ඒ දෙන්නගෙ දරුවො වෙන හෙන්රි, එඩ්වර්ඩ් කියන දරුවො දෙන්නාව හදාගන්නවා. මේ වෙද්දි මෙයාලා ජීවත්වෙන්නෙ ලාක්‍රොස් කියන හරිම අපිරිසිඳු ප්‍රදේශයක. කොච්චර අපිරිසිඳු උනත් ජෝර්ජ් කැමති වෙන්නෙ නෑ මේ පලාත දාලා යන්න. ඒ උනාට ඔගස්ටගෙ බලපෑම හන්දම අන්තිමේ ජෝර්ජ් කැමතිවෙනවා ප්ලේන්ෆීල්ඩ් කියන ප්‍රදේශයේ අක්කර ගාණක ෆාම් එකක තියෙන ගෙදරකට යන්න. කොහොමහරි මෙතන තමයි පස්සෙ කාලෙක එයාලගෙ ස්ථිර පදිංචිය වෙන්නෙ. හෙන්‍රි සහ එඩ්වර්ඩ් කියන පිරිමි ලමයි දෙන්නා උස්මහත් වෙන්නෙත් එහේමයි.

ඔගස්ටා ළමයි දෙන්නව ෆාම් එකෙන් එලියට යවන්නෙ නෑ. ඔගස්ටා ළමයින්ට කියන්නෙ ෆාම් එකෙන් එලියෙ තියෙන්නෙ නරක පරිසරයක් කියලා. ඒ වගේම ඔගස්ටා හිතනව තමන් ඇරෙන්න මේ ලෝකෙ ඉන්න අනික් හැම ගෑණූ කෙනාම නරකයි කියලා. පුතාලා දෙන්න එලියට ගියොත් මේ නරක ගෑණුන්ගෙ ඇසුරට වැටෙයි කියන බයට තමයි ඔගස්ටා දරුවන්ව මෙහෙම හිරකරගෙන වගේ ඉන්නෙ. ඔගස්ටා දරුවන්ට ඉඩ දෙන්නෙ නෑ ඉස්කෝලේ ඇරිලා වෙන කොහෙවත් යන්න. ඉතින් දරුවො දෙන්නට සිද්ද වෙනවා ඉස්කෝලෙ ඇරිලා ආව ගමන් ෆාම් එකේ වැඩට යන්න. ඔගස්ටා දරුවන්ට නිතරම මේ පිටත ලෝකෙ හරිම නරකයි කියල ආගමක් අදහනවා වගේ කිව්වා. ඒ වගේම තමන් ඇරෙන්න අනික් හැම ගෑණු කෙනාව හරිම නරකයි කියලා ඔගස්ටා කියනවා. එඩ්වර්ඩ් පුංචි කාලෙ ඉඳලම හරිම අමුතු ලමයෙක් බව එයාගෙ ඉස්කෝලෙ පංතියෙ ළමයි සහ ගුරුවරුන් පවා කියනවා. දවසක් ක්ලාස් එකේදි එඩ්වර්ඩ් තනියම හිනාවෙලා තියෙනවා. ටීචර් ඇහුවම එහෙම හිනාඋනේ ඇයි කියලා එඩ්වර්ඩ් කියලා තියෙන්නෙ මහ අමුතු කතාවක්.

“මම මගේ ඔලුව ඇතුලෙන් හදාගෙන මටම කියාගන්න විහිලුවලට තමයි හිනායන්නෙ” කියල එඩ්වර්ඩ් කියපු කතාව ඒ කතාව අහන් ඉඳපු හැමෝම දැකලා තියෙන්නෙ ටිකක් අමුතු විදියට.

එඩ්වර්ඩ්ට ඉස්කෝලෙදි කිසිම යාලුවෙක් ඉඳලා නෑ. මොකද එයා යාලුවො ආශ්‍රය කරනව කියල දැක්කම එයාගෙ අම්මා කියලා තියෙනවා ඒ යාලුකම නතර කරන්න කියලා.

අවුරුදු 14ක් වෙද්දි එඩ්වර්ඩ් ඉස්කෝලෙ ගමන නතර කරනවා. මේ වෙද්දි හෙන්රිගෙ ඉස්කෝලෙ ගමනත් ඉවරවෙලා තියෙනවා. ඉස්කෝලෙ ගමන ඉවර උනයින් පස්සෙ හෙන්රි සහ එඩ්වර්ඩ් දෙන්නම ෆාම් එකේ වැඩට සම්බන්ධ වෙනවා. මේක ඒ දෙන්නට කිසිම ගැටලුවක් නෙවෙයි. මේකෙන් එළියෙ සමාජෙ එක්ක තිබුන පුංචිම බැඳිමත් නැතිඋනා කියලා මේ දෙන්න දුක් වෙන්නෙ නෑ මොකද එයාලගෙ අම්මා කියන “ලෝකෙ හරිම නරකයි” කියන කතාව ඒ දෙන්නම ඉහ මුදුනින් පිළිගත්ත හන්දා.

මේ වෙද්දි ජෝර්ජ්ට පවුලෙ අය එක්ක ලොඋ සම්බන්ධයක් නෑ. එයා කරන්නෙ රස්සාවට ගිහිල්ලා ඒ හම්බුවෙන සල්ලිවලින් බිල ගෙදර ඇවිල්ල නිදාගන්න එක තමයි. එඩ්වර්ඩ්ට ලොකුම සම්බන්ධෙ තිවිලා තියෙන්නෙ එඩ්වර්ට. කොහොමහරි එඩ්වර්ඩ්ට අවුරුදු තිස් හතරක් වෙද්දි ජෝර්ජ් හාට් ඇටෑක් එකකින් මැරෙනවා. තාත්තා මැරිච්ච එක ගැන එඩ්වර්ඩ්, හෙන්රි සහ ඔගස්ටා සන්තෝස වෙනවා. මේ වෙද්දි ගෙදර සල්ලි ප්‍රශ්න වලට විසඳුමක් විදියට හෙන්රි සහ එඩ්වර්ඩ් දෙන්නා ටවුමට යනවා රස්සාවල් කරන්න. එහෙම ගිය ගමනකදි හෙන්රි යාලුවෙනවා දරුවො දෙන්නෙක් ඉන්න දික්කසාද උන කාන්තාවක් එක්ක. ඒ සම්බන්ධෙ නිසා හෙන්රි කටයුතු කරනවා ගෙදරින් වෙන්වෙලා අර කාන්තාව සහ එයාගෙ දරුවො දෙන්නා එක්ක වෙනම ජීවිතේකට යන්න.

මේ වෙද්දි හෙන්‍ රිට තේරෙනව තමන්ගෙ අම්මා ලෝකෙ මිනිස්සු ගැන තමන්ට ලොකු බොරුවක් තමයි කියලා තියෙන්නෙ කියලා. ඒ වගේම එයා ටිකක් අවුලෙන් ඉන්නෙ තමන්ගෙ මල්ලි වෙන එඩ්වර්ඩ් සහ අම්මා අතරෙ තියෙන අමුතු සම්බන්ධෙ ගැන. ඒ නිසාම එයාට උවමනා වෙනවා මෙතනින් අයින් වෙලා වෙනම ජීවිතේකට යන්න. 1944 මැයි මාසෙ 16 වෙනිදා එඩ්වර්ඩ් එයාලගෙ ෆාම් එකේ වගුරු බික් ගිනි තිය තිය තමා ඉන්නෙ. කොහොමහරි හිතුවෙ නැති විදියට මේ ගින්න ලොකුවටම පැතිරිලා එඩ්වර්ඩ් ට ගින්න කන්ට්‍රෝල් කරගන්න බැරිවෙලා ගිනි නිවන හමුදාවත් එතනට ඇවිල්ල තමයි ගින්න නිවන්නෙ. ගින්න නිව්වයින් පස්සෙ තමයි එඩ්වර්ඩ් මේ ආව කට්ටියට කියන්නෙ හෙන්රි අතුරුදහන් කියලා. ඒ පණිවිඩේ අනුව තමයි කට්ටිය ආය එක්කහු වෙලා හෙන්රිව හොයන්නෙ. එහෙම හොයන අතරෙ තමයි මෙයාලට පුලුවන් වෙන්නෙ පිච්චිච්ච හෙන්රිගෙ මල සිරුර හොයාගන්න පුලුවන් වෙන්නෙ. හැබැයි හෙන්රි මැරිලා තියෙන්නෙ ගින්නට අහුවෙලා නෙවෙයි හාට් ෆේලියර් එකක් නිසා. ඒ වගේම එහෙම පිච්චෙද්දිත් හෙන්රි මැරිලා ටිකක් වෙලා ගිහින් කියල හොයාගන්න පුලුවන් වෙනවා. එවෙලෙ හෙන්රිගෙ ඇඟේ කිසිම තුවාලයක් හොයාගන්න තිබුනෙ නැතිබව කිව්වට පස්සෙ කාලෙක Harold Schechter කියන biographer කියනවා හෙන්රි ගෙ ඔලුවෙ තුවාල පාරවල් වගයක් තිබුනා කියලා.හැබැයි මේ එඩ්වර්ඩ් කිව්ව accident theory එක හැමෝම පිළිගත්ත හන්දා කිසිම official investigation එකක් මේ කේස් එක වෙනුවෙන් පටන්ගන්නෙ නෑ.

හෙන්‍රිගෙ මරණෙන් පස්සෙ ඔගස්ටාට paralyzing stroke එකක් ඇතිවෙනවා. ඉතින් එඩ්වර්ඩ් තමයි එයාව බලාගන්නෙ. 194දෙසැම්බර් 29 වෙනිදා එන දෙවනි paralyzing stroke එක හන්ද ඔගස්ටා මිය යනවා. මේ මරණය එඩ්වර්ඩ්ව පිස්සු වට්ටන්න හේතුවෙනව මොකද එයාට එයාගෙ අම්මත් එක්ක එයාට ලොකුම ලොකු බැඳීමක් තිබුණ හන්දා.  මේ ඔක්කොම අතරවාරෙ එඩ්වර්ඩ් ෆාම් එකේ වැඩ මහන්සිවෙලා කරනවා. ඒ වගේම වෙන පොඩි පොඩි වැඩ කරලා සල්ලි හොයාගන්නවා. මේ කාලෙ තමයි එඩ්වර්ඩ් pulp magazines and adventure stories වල එන cannibals, මිනීමැරුම් වගේ කතන්දර කියවන්න පටන්ගන්නවා. ඒ වගේම මෙයා ඒවාට ගොඩක්ම තදින් ඇබ්බැහි වෙනවා. විශේෂයෙන්ම ඉල්සේ කෝච් කියන ටැටූ කරපු හිරකාරයින්ව මරලා එයාලගෙ හමෙන් fashion lampshades වගෙ දේවල් හදපු කතාව එහෙම එයා ලොකුවටම ආසාවෙන් කියවනවා. එඩ්වර්ඩ්ට 1951 අවුරුද්දෙදි ෆෙඩරල් රජයෙන් ගොවිපල සහනාධාරයක් ලැබෙනවා. ඒ වගේම එයා ප්ලේන්ෆීල්ඩ් වල ප්‍රාදේශීය නාගරික මාර්ග කාර්ය මණ්ඩලය වගේ අය එක්ක එකතුවෙලා එයාලගෙ ගෙවල් පැත්තෙ එක එක වැඩවලටත් සම්බන්ධ වෙනවා. 1946 සහ 1956 කාලෙදි එඩ්වර්ඩ් හෙන්රි ට අයිතිවෙලා තිබුන අක්කර 80ක ඉඩමක් විකුණලා දාලා තියෙනවා.

අතුරුදහන් වීම් පටන් ගන්නෙ මෙන්න මේ විදියට.

1957 නොවැම්බර් 16 වන දින උදෑසන, 58 හැවිරිදි ප්ලේන්ෆීල්ඩ් දෘඩාංග වෙළඳසැලේ හිමිකරු බර්නිස් වර්ඩන් අතුරුදහන් වෙනවා. ගොඩනැගිල්ලේ පිටුපසින් දෘඩාංග වෙළඳසැලේ ට්‍රක් රථය උදේ 9.30ට වගේ යනවා දැකපු අය ඉන්නවා. මුලු දවසෙම මේ ශොප් එකට මිනිස්සු කීප දෙනෙක් ඇවිල්ලා තියෙනවා. වර්ඩන්ගෙ පුතා වෙච්ච ජූනියර් ෂෙරිෆ් ෆ්‍රෑන්ක් වර්ඩන්, සවස 5:00 ට විතර ශොප් එකට ආවම තමයි දකින්නෙ සල්ලි දාන බොක්ස් එක ඕපන් වෙලා බිම ලේ වැටිලා තියෙනවා.

ෂෙරිෆ් ෆ්‍රෑන්ක් වර්ඩන් කියන්නෙ බර්නිස් එහෙම නැත්තම් එයාගෙ අම්මා අතුරුදහන් වෙන්න කලින් එඩ්වර්ඩ් කඩේට ඇවිල්ල ඉන්නවා එයා දැක්ක කියලා. ඒ අනුව තමයි පොලිසිය ගිහිල්ලා එඩ්වර්ඩ්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නෙ. ඒ පරීක්ෂනයෙදි පොලිසියට පුලුවන් වෙනවා හොයාගන්න වර්ඩන්ගේ හිස ගසා දැමූ සිරුර. එයාගෙ ශරීරෙ වලලුකරවලින් සහ මැණික් කටුවකින් එල්ලල තමයි තිබිලා තියෙන්නෙ. ඒ වගේම බර්නිස්ගෙ ඇඟ මුවෙක් වගේ සරසලාත් තියෙනවා. කැලිබර් රයිෆල් එකකින් තමයි එයාට වෙඩි තියලා තියෙන්නෙ. ඒ වගේම මරලා දැම්මට පස්සෙ ශරීරෙට විවිධාකර වද හිංසා දීලත් තියෙනවා. නිවස පරීක්ෂා කරපු පොලිස් නිලධාරින්ට හොයාගන්න පුලුවන් වෙච්ච දේවල් අස්සෙ,

සම්පූර්ණ මිනිස් ඇටකටු සහ කොටස් ,මිනිස් සමෙන් සාදන ලද කුණු කූඩයක් ,පුටු කිහිපයක් ආවරණය කරන මිනිස් සම,ඔහුගේ ඇඳ කණු මත හිස් කබල්, ගැහැණු හිස් කබල්, මිනිස් හිස් කබල් වලින් සාදන ලද පාත්‍ර ,උරහිස් සිට ඉණ දක්වා සම ඉවත් කරන ලද කාන්තා කඳකින් සාදන ලද කෝර්සෙට් එකක් ,මිනිස් පාද සමෙන් සාදන ලද කකුල් ,කාන්තා හිස්වල සමෙන් සාදන ලද වෙස් මුහුණු ,කඩදාසි බෑගයක මේරි හෝගන්ගේ මුහුණු ආවරණය ,පෙට්ටියක මේරි හෝගන්ගේ හිස් කබල ,බර්නිස් වර්ඩන්ගේ මුළු හිසම බර්ලැප් ගෝනියක ,බර්නිස් වර්ඩන්ගේ හදවත ගයින්ගේ පොට්බෙලි උදුන ඉදිරිපිට ප්ලාස්ටික් බෑගයක,සපත්තු පෙට්ටියක යෝනි මාර්ග නවයක්, තරුණ ගැහැණු ළමයෙකුගේ ඇඳුම සහ අවුරුදු පහළොවක් පමණ පැරණි යැයි විනිශ්චය කරන ලද කාන්තාවන් දෙදෙනෙකුගේ යෝනි මාර්ගය, ගැහැණු මිනිස් තන පුඩු වලින් සාදන ලද පටියක් ,නාස හතරක් , මිනිස් මුහුණක සමෙන් සාදන ලද පහන් කූඩුවක්, කාන්තාවන්ගේ ඇඟිලි වලින් නියපොතු ඒ අතරෙ තියෙනවා.

මේ සමහර ඒව එයා මිනීවලවල් හාරලා හොයාගත්ත ඒව බවත්, ගොඩගත්ත සිරුරු එක්ක ලිංගිකව හැසිරෙන එක නම් එයා ප්‍රතික්ශේප කර බවත්, 1954 දෙසැම්බර් 8 වන දින සිට අතුරුදහන් වූ තැබෑරුම් හිමිකරුවෙකු වන 51 හැවිරිදි මේරි හෝගන්ට වෙඩි තියලා මරලා දැම්මා කියන එකත්, එඩ්වර්ඩ් පිළිගන්නවා.

මේ සියලුම දේවල් හේතු කරගෙන එඩ්වර්ඩ්ට විරුද්ධව නඩුවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නඩුවෙදි එඩ්වර්ඩ්ට තිබුන මානසික ප්‍රශ්න නිසා එයා වරදකරු නොවන බවට තීන්දු කරනවා. එඩ්වර්ඩ්ට භින්නෝන්මාදය තියෙනව කියල හඳුනාගන්නවා. 1984 ජූලි 26 වෙනිදා පෙනහලු පිලිකාව වගේම ශ්වසන ආබාධ හන්දා එඩ්වර්ඩ් මිය යනවා.

Related Articles

Don't Miss


Latest Articles