ගොඩක් ගැහැනු ළමයි ලස්සනට ඉන්න ආසයි. සමහරු ඒ වෙනුවෙන් හුඟක් දේවල් කරනවා. විශේෂයෙන්ම තමන්ගෙ හමේ පැහැය තව පොඩ්ඩක් හරි ලා පාට කරගන්න එකෙන් තමන්ගෙ ලස්සන වැඩිවෙනවා කියලා ගොඩක් ළමයි හිතනවා.
සමහරුන්ට ස්වභාවිකවම පැහැපත් සමක් තියෙනවා, තවත් සමහරුන්ට ඒක එහෙම නෙවෙයි.
ඔන්න ඔතනදි අපේ කට්ටියගෙ කටේ ලොකුවටම තියෙන වචනයක්නෙ මේ ග්ලුටතයෝන් කියන්නේ.
ග්ලූටතයෝන් (Glutathione) කියන්නේ අපේ ඇඟට හරිම වැදගත් දෙයක්. මේක අපේ ඇඟේ හැදෙන ප්‍රතිඔක්සිකාරකයක්. සමහර වෙලාවට අපේ ඇඟේ ග්ලූටතයෝන් මට්ටම අඩු වෙන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ නරක කෑම පුරුදු, ලෙඩ රෝග, ආතතිය වගේ දේවල්. වයසට යනකොටත් මේ මට්ටම අඩු වෙනවා.
හැබැයි, බය වෙන්න දෙයක් නැහැ. මේ මට්ටම වැඩි කරගන්න පුළුවන් ස්වභාවික ක්‍රම කීපයක් ගැන අපි අපි කියන්නම්.
1. සල්ෆර් වැඩි කෑම ගන්න
සල්ෆර් කියන්නේ ග්ලූටතයෝන් හදන්න අත්‍යවශ්‍ය ඛනිජයක්. මේක තියෙන්නේ එළකිරි, මාළු, කුකුළු මස් වගේ ප්‍රෝටීන් වැඩි කෑම වල. ඒ වගේම බ්රොකොලි, ගෝවා, වගේ එළවළු වලත් සල්ෆර් තියෙනවා. මේවා කන එකෙන් ග්ලූටතයෝන් මට්ටම වැඩි වෙනවා කියලා පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. සුදු ලූනු, රතු ලූනු වගේ දේවලුත් මේකට හොඳයි.
2. විටමින් C වැඩිපුර ගන්න
විටමින් C කියන්නේ ග්ලූටතයෝන් වලට ලොකු උදව්වක් කරන දෙයක්. මේක ග්ලූටතයෝන් නිකරුණේ වැය වෙන එක වළක්වනවා. ස්ට්‍රෝබෙරි, පැඟිරි කුලයේ පලතුරු, පැපොල්, කිවි වගේ කෑම වල විටමින් C ගොඩක් තියෙනවා. සමහර අධ්‍යයන වලින් පෙන්නලා තියෙනවා විටමින් C සප්ලිමන්ට් ගත්තම ග්ලූටතයෝන් මට්ටම 18% – 47% කින් වැඩි වෙනවා කියලා.
3. සෙලනියම් තියෙන කෑම කන්න
සෙලනියම් කියන්නේ ග්ලූටතයෝන් ක්‍රියාකාරීත්වයට උදව් වෙන තවත් ඛනිජයක්. හරක් මස්, කුකුළු මස්, මාළු, රතු බත් වගේ දේවල් වලින් සෙලනියම් ගන්න පුළුවන්. දවසට මයික්‍රොග්‍රෑම් 55ක් වගේ සෙලනියම් ගන්න එක හොඳයි කියලා කියනවා.
4. ග්ලූටතයෝන් වැඩිපුර තියෙන කෑම කන්න
ග්ලූටතයෝන් ස්වභාවිකවම තියෙන කෑම වර්ගත් තියෙනවා. නිවිති, අලිගැටපේර, ඇස්පරගස් වගේ කෑම වර්ග මේකට හොඳයි. හැබැයි මේවා කනකොට ග්ලූටතයෝන් එච්චර හොඳට ශරීරයට උරාගන්නේ නැහැ. ඒ වුණත් මේවා ඔක්සිකාරක ආතතිය අඩු කරන්න උදව් වෙනවා.
5. වේ ප්‍රෝටීන් ගන්න
වේ ප්‍රෝටීන් වල සිස්ටීන් කියන ඇමයිනෝ අම්ලය වැඩිපුර තියෙනවා. මේ සිස්ටීන් තමයි ග්ලූටතයෝන් හදන්න උදව් වෙන්නේ. ඒ නිසා වේ ප්‍රෝටීන් ගන්න එක ග්ලූටතයෝන් මට්ටම වැඩි කරන්න හොඳ ක්‍රමයක්.
6. මිල්ක් තිස්ල් (Milk Thistle) අත්හදා බලන්න
මිල්ක් තිස්ල් කියන්නේ ග්ලූටතයෝන් මට්ටම වැඩි කරන ශාකමය සප්ලිමන්ට් එකක්. මේකේ තියෙන සිලිමරින් කියන සංයෝගය ග්ලූටතයෝන් ආරක්ෂා කරන්න උදව් වෙනවා.
7. කහ සාරය (Turmeric Extract) ටිකක් ගන්න
කහ වල තියෙන කර්කියුමින් කියන ප්‍රධාන සංයෝගය ග්ලූටතයෝන් මට්ටම වැඩි කරනවා කියලා පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. හැබැයි මේකට කහ කුඩු වලින් විතරක් මදි. කහ සාරය ගන්න එක තමයි වඩා හොඳ.
8. හොඳට නිදාගන්න
දිගු කාලීනව නින්ද නැති වුණොත් ඔක්සිකාරක ආතතිය වැඩි වෙලා ග්ලූටතයෝන් මට්ටම අඩු වෙනවා. ඒ නිසා හැමදාම හොඳට පැය 7-8ක් වත් නිදාගන්න එක ග්ලූටතයෝන් මට්ටම පවත්වාගෙන යන්න උදව් වෙනවා.
9. නිතිපතා ව්‍යායාම කරන්න
නිතරම ව්‍යායාම කරන එකෙන් ප්‍රතිඔක්සිකාරක මට්ටම් වැඩි වෙනවා, විශේෂයෙන්ම ග්ලූටතයෝන්. කාඩියෝ සහ වෙයිට් ට්‍රේනින්ග් එකටම කරන එක තමයි හොඳම ප්‍රතිඵල දෙන්නේ.
10. වැඩිපුර මත්පැන් බොන එකෙන් වළකින්න
ඕනෑවට වඩා මත්පැන් පානය කරන එකෙන් ග්ලූටතයෝන් මට්ටම ගොඩක් අඩු වෙනවා, විශේෂයෙන්ම පෙනහළු වල. මත්පැන් වැඩිපුර බොන කෙනෙක්ගේ පෙනහළු වල ග්ලූටතයෝන් මට්ටම 80-90% කින් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මත්පැන් පානය සීමා කරන එක ග්ලූටතයෝන් මට්ටම නිරෝගීව තියාගන්න වැදගත්.
ඉතින් ග්ලූටතයෝන් කියන්නේ අපේ ඇඟට හරිම වැදගත් ප්‍රතිඔක්සිකාරකයක්. ඒකේ මට්ටම අඩු වුණාම නොයෙක් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඒ නිසා, ඔයාට පුළුවන් මේ ක්‍රම ටික පාවිච්චි කරලා ග්ලූටතයෝන් මට්ටම නිරෝගීව තියාගන්න.
https://www.healthline.com/nutrition/how-to-increase-glutathione