අංගාර – 02

0
1930

චායා   සවස් වරුව  අයියාගේ ඇසුර  වෙනුවෙන් වෙන් කලාය. සවස හයට පමණ විහඟිගෙන් ඇමතුමක් ලැබුණි.

” චායා ගෙදරද ?”

“ඔව්..”

“මං ඔයාලාගේ ගේට් එක ලඟ ..”

චායා වහා ගේට්ටුව වෙත ඇවිද ගියේ  එය රිමෝට් පාලකයෙන් විවෘත කරමිනි. විහඟි සිටින්නේ සුදු මැලි වීගෙන බව දුර තියාම චායා හැඳින්නාය.

” මොකෝ මේ.. ? නොකියාම ආවේ ? …කොහොමද ආවේ ?”

” බස් එකෙන් ආවේ..”

” නොකියාම ආවේ ?”

“කිව්වා නම් කරදරේ නේ..”

“අසනීපෙන්ද ..? කෝ එන්නකෝ එන්නකෝ ගෙට….”

චායා මිතුරිය වත්තන් කරගත්තාය.

” අන්තිම ලෙක්චර් එකට ඉන්නෙ නැතුව මම බෝඩිමට ගියා.. ඇඟට හරිම අමාරුවක් ආවා. එහා කාමරේ දෙන්නත් නෑනේ.. මට තනියෙන් ඉන්න බය හිතුනා… ඉතින් මම එහෙමම ආවා..”

” ඇත්තමයි මහ පුදුමම  හිතුවක්කාරකමක් විහඟි…. කියන්නෙපැයි… මම රංජි අංකල් හරි එවනවානේ… මඟක කරදරයක් වුනා නම් එහෙම…”

චායා මිතුරියව අසුනකට වත්තන් කලාය. සිදුව ඇත්තේ කුමක්දැයි චායාගෙන් දැනගත් වාසනා, චායාගේ අම්මා ද විහඟිට අමනාප බැනුම් පෑවාය.

” හිතුවක්කාර වෙන්නෙපා පුතේ.. ඕගොල්ලෝ ඔක්කොම එකයි… එන මඟක කලන්තයක්වත් දැම්මා නම් කොහෙන් හොයන්නද ? පොඩි දුව … ඔහොමම රූම් එකට එක්ක යන්න.. වොශ් එකක් දාලා සැහැල්ලු ඇඳුමක් දාගන්නකෝ… රංජි ආවම ඔහොමම ඩිස්පෙන්සරි එකට ගිහින් එමු..”

“අනේ.. කරදර වෙන්නෙපා නැන්දේ.. මට නිදාගත්තම හරි යයි…”

“තමුසේ දොස්තර උපාධියක් කරනවා නෙවෙයිනේ ලෙඩ තීරණය කරන්න … නේ ? ලෑස්ති වෙන්නෝන් නෑ.. ඔහොමම ගිහින් එමු. ඒක ලේසියි…”

චරක කොහෙදෝ සිට එලෙසින් පවසාගෙන සාලයට ආවේය. විහඟි කෙල පිඬක් ගිල්ලාය. චායා අය්යා වෙත කෘතඥ පූර්වක බැල්මක් හෙලුවාය.

” කාර් එකේ කී එක අරන් එන්නම්.. දවල් ආව ගමන්,  ඒක උඩ… ඕමම යං..”

චරක චායාට එලෙස පවසමින් යලි උඩු මහලට  නැග්ගේය. විහඟිහේ රිදී තිබූ සිතේ තැලුම් පිරිමැදුනේ , චරක ඇය ගැන පෙන්වූ කරුණාවටය. උනන්දුවටය. චායා මිතුරියව වත්තන් කර ගත්තාය. 

චරක මෝටර් රිය පණ ගේට්ටුවෙන් පිටතට දැම්මේය.

විහඟි ට දැනුනේ ඔහුගේ සුපුරුදු සුවඳ විලවුන් වර්ගය තම නාස් කුහර තුළින් ආත්මය වැලඳගන්නා බවය. ඕ වෙනසක් නොපෙන්වා සිටින්නට තැත් කලාය

” මම ගියාම මේ කාර් එක ෆ්‍රී වෙන එකේ., ඔෆිස් එකේ ඩ්‍රයිවර් කෙනෙක් දාගෙන දෙන්නා එක්ක මෙහෙ ඉදලා කැම්පස් යනවා…. ආයේ තැන් තැන් වල දුක් විඳින්නේ නැතුව්…”

චරක මදක් උස් හඬින් කීවේය

” විකාර … අපට වාහනේක අඩුවක්‍ යැ තිබුනේ… මට ඕනි කැම්පස් ජීවිතේ ඒ විදියට විඳින්න… ගෙදර ඉඳන් එන්නයි, යන්නයි ගත්තම ඒක ඉස්කෝලේ වගේවෙනවා…”

” හරි තමුසේ බෝඩිමේ ඉඳගෙන කැම්පස් ජීවිතේ විඳිනවකෝ….මෙන්න මේ ළමයාට මෙහෙ ඉන්න හදලා දෙනවා අම්මට කියලා… කලින් වතාවේ දකිනකොට උන්න ගානෙන් භාගයක් නෑනේ මේකි…. කන්නේ බොන්නේ නැතුව ජීවිතේ විඳලා කොන්වර්කේශන් යන්න වෙන්නේ ඇට සැකිලි?…”

චරක චායා අවුස්සවමින් කීවේය. චායා එයට කිසිත් කීවේ නැත. 

” තමුසේ මේ කැම්පස් ජීවිතේ විඳිනවා කියලා මොකෙක් හරි හාල්පාරුවෙක්ට ජීවිතේ විඳින්න කියලා දෙනවා එහෙම නෙවෙයි නේද එහෙට වෙලා… අහුවෙන්නනම් එපා නංගී… ඉස්සෙල්ලා මරන්නේ ඌව මම…”

“විකාරද අය්යේ ..  පිස්සුද ? කටවහගෙන යමුකෝ…  හෙල ගෝ එකක් දාගෙන ආවානම් ඉවරයි… නිදහසේ ගිහින් වැඩේ කරන් එන්න තිබුණා..”

“එහෙනම් ඉස්සරහින් තමුසේව දාන්නම්.. මහ ලොකු හෙල ගෝ එකක් ගෙන්නගෙන එනවකෝ… මම විහඟිව එක්ක යන්නම්…”

චරක සහ චායා සුපුරුදු ටොම් සහ ජෙරී සෙල්ලමේ උන් හ. විහඟි ඒ කතා බහ පුරාවටම වූ හැම තැනකටම ඇලෙමින් චරක ගැන ආසක්තව වූ ප්‍රේමය තව තවත් වඩවා ගත්තාය. 

චරක බලෙන්ම වියදම් දැරුවේය. මඟදී කැරවෑන් ෆ්‍රෙශ් එක අසලින් නවතා විහඟිගේ ප්‍රියතම කේක් තීරුව සමඟ කෙටි ආහාර මල්ලක්ම චායාගේ අතට දුන්නේය. 

” ඕවා කාලා බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙනවා…  මම පැක් කරන්න හිතලත් නෑ.. දෙන්නා එක්ක ඒ ටික හදනවා ඈ..”

චරක පිටුපසට විරිත්තමින් කීවේය. චායා කුටු කුටු ගාමින් බැණ වැදුනාය. 

විහඟි ගත දොවාගෙන චායාගේ ඇඳුමක් ගත ලා ගත්‍තාය. චායාගේ ඇඳුම් ගතය සුවය. ඇගේ ඇසුරද සිතටට සුවය. ඇගේ වටපිටාවටම  සුවය. 

එහෙව් මිතුරියගේ එකම සොයුරාට ප්‍රේම කරමින් තමා කරන ද්‍රෝහිකම සිහි කරගනිමින් විහඟි එක්වරම දැවෙන්නට ගත්තාය. එහෙත්, සරසවියට ඇතුලත් වූ මුල්ම දිනයේ පටන් හිතේ ඔහු ඇලවී බිඳෙන් බිඳ හදවත තුළ නවාතැන් හදාගත් බව කෙලෙසක නම් අමතක කර දමන්නද ? ඔහුගෙන් අංශුමාත්‍රික හෝ පෙළඹවීමක් නැතිව තමාම ප්‍රේමය ගොඩ නඟා ගත් බව කෙලෙස අන් කිසිවෙකුට පහදන්නද ?

විහඟි දෑතින්ම හිස බඳා ගත්තාය

” මොකෝ . .. අමාරුද ?”

චායා එක්වරම කාමරයට ආවාය.විහඟි වෙනසක් නොපෙන්වා සිනාසුනාය.  චායා අතෙහි වූ කිරි කෝප්පය විහඟි වෙත්ද් පෑවාය. ඇය එය අතට ගත්තේ කෘතඥ පූර්වක බැල්මක් එක්කය. චායාගේ අම්මාගේ කිරි තේ එක දිව්‍යමය රසක් දරන්නේය. තමා ට ලැබුණු රසම කිරි තේ එක එය බව විහඟි ඉඩක් ලැබෙන හැම විටකම කියන්නිය.

” ආහ් විහඟි ..”

“ම්ම්….”

“සස්මිතට මොකක් වෙන්න ඇද්ද විහඟි ?”

“හිතාගන්න බෑ… එකෙක්ටවත් කිසිම දෙයක් නොකියා මූ අතුරුදන් වුනා වෙන්නත් බෑ.. බඩ බැඳන් වගේ උන්න අනෙක් උන් තුන්දෙනා මූ මෙහෙම අතුරුදන් වෙලා ඉද්දි අරගෙම ගානක් නැතුව ඉන්නේ නෑනේ කීයටවත්…”

“ඒකනේ මමත් කියන්නේ …”

“බලමුකෝ.. කෝමත් කැම්පස් එකට හරි මොක්ම හරි කියන්නෙපැයි..”

” මට නම් පිස්සු වගේ … ඒ අස්සේ  අය්යත් යන්න ගත්තානේ මේ එකපාරටම … කොහොම දරාගන්නද තේරෙන්නේ නෑ..”

” මටත් ..”

” මොකක්ද ?”

චායා එලෙස විමසද්දී විහඟිගේ හද ගැස්ම වේගයෙන් වැටෙන්නට ගත්තේය. ඕ වහා කිරි තේ උගුරක් ගුල දැම්මාය.

” සස්ම්තයා එකපාරම මෙහෙම මිස් වෙලා ගිය එක…”

ඕ ගනනක් නැතිව  මෙන් කියා දැම්මාය. 

” අනේ මන්දා විහඟි…..  මට කිසිම දෙයක් තේරෙන්නේ නෑ.. දැන් මට ඉතුරු අඟුණකොලපැලැස්සට ගිහින් සස්මිතලෑ ගෙදර හොයාගෙන යන්න… වෙන කිසිම දෙයක් කරගන්න තේරෙන්නේ නෑ..”

“කරන්නම දෙය්ක් නැති උනොත් යං…”

විහඟි කීවාය. 

| මතුවට 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here