චායා අඩියට දෙකට කාමරයට දිව්වාය. විදුලි පහන නිවා දමා, දොර අගුලු දැම්මාය. කිසිවෙකු නැති වනතෙක් හිඳ මුලුතැන්ගෙය දෙසින් නිවසින් පිටතට ගියාය. සස්මිතට ඇමතුමක් ගත්තාය. ජංගම දුරකතනය ක්‍රියා විරහිත කරදමා තිබුණි.
” ඕක තමයි ඉතින් කරන්න දන්නේ.. අතුරුදන් වෙන එක .. මුකලං බස්සා..”
ඕ තමටම කියවාගනිමින් උන්නාය. චායා වටපිට බැලුවාය. විදුලි ආලෝකයද ඇත. වගක් නැතිවාක් මෙන් සස්මිතගේ කාමරය වෙත ඇවිද ගියාය.
සස්මිත දෙවන වරටද පැයකට වැඩි කාලයක් නාන කාමරය තුළ නාන බේසම තුළ සීතල වතුරේ ගිලී හිඳ තෙත පිටින්ම කාමරයට ආවේ තුවාය පමණක් ගත දවටාගෙනය. එක්වරම කිසිවෙකු දොරට ගහන හඬත්, ඒ හඬට පසු ඇසුණු සස්මිත ලෙසින් වන තමා අමතන හඬත් ගලපාගත් සස්මිත සීතල ගත තුලට අල්ලා මෙන් ගල් වූයේය.
” දොර අරින්න .. සස්මිත ..”
දෙවන තෙවන වරටද එලෙසින් ඇසෙද්දී සස්මිතට තමා සිටින්නේ කෙලෙසද කියාත් අමතකව ගියේය. සිහිවූයේ කිසිවෙකු හෝ ඇය එතැන සිටින බව දුටුවහොත් කුමක් සිදු වේදැයි කියාය. අනෙක් අතට මෙවෙලෙහි ඇය තම නවාතැන් කාමරය අසල සිටීම කිසිලෙසකින්වත් පැහැදිලි කිරීමට නොහැක. සස්මිත අඩි දෙකෙන් දොර වෙතට ගියේය. අඟුලු හැරියේය. ඊළඟ තත්පරයේ චායා කාමරය තුළට කඩාපැන්නේ සස්මිතට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩ නොතබමිනි. ඉන් පසුව ඇයම දොර අඟුලු දැම්මාය. ඕ සස්මිත දෙස බලා උන්නේ අයාගත් දෑසිනි. තෙත බේරෙන මදක් දිග හිසකේ, තෙමුණු නිරුවත් පපුව, සුදු පැහැ තුවාය දවටාගෙන උන් ආකාරය.. එය යම් සිහිනයක තිබූ දසුනකැයි සිතෙන තරමට ඕ ආසක්ත වෙමින් උන්නාය. එතරම් වෙලා සිතෙහි වූ කෝපය අංගාර පුළිඟු මෙන් සැගවී යමින් තිබුණි.
” චායා .. මේ .මේ…. මොකද මේ ? “
” ශ් ..ශ් ….”
චායා හඬ නොනඟන මෙන් යන්තමින් මුවඟින් පවසමින් සස්මිත වෙත ලං වූවාය. සමීපයටම වූවාය.
” තරිඳු කොච්චර හොඳ කොල්ලෙක්ද ?..ම්ම්?…මට කොච්චරක් ගැලපෙනවාද ?.. “
ඇය විමසුවේ මදක් පසෙකට හැරී , එසවී, සස්මිතගේ සවනටම ලංවීගෙනය. ඇගේ අතිශය සියුම් ස්පර්ශය සහ වෙනස්ම තානයේ ස්වරය සස්මිතගේ ගත පුරා හී ගඬු නැඟුවේය. ඔහු කෙල පිඬක් ගිල දැමුවේය. ඒත් සමඟම අඩියක් පිටුපසට වූයේය. අවැසි වූයේ පාලනයෙන් තොරව යන සිත තමාට අවනත කරවා ගැනීමය. එවිටම චායා අඩි දෙකක් ඉදිරියට ආවාය.
” ඇයි ?..ආහ් ..උත්තර නැද්ද ?. “
” චායා ..”
සස්මිතගේ හඬ සීතල ට නතුව යටි හඬක් වී තිබුණි. ඔහු උගුර පාදාගත්තේය.
” කන පැලෙන්න ගහන්න හිතාගෙන ආවේ අර විහඟිට එවලා තිබ්බ මැසේජ් එකට .. .. ඒත් ඉටි පිළිමේ වගේ ඉන්නකොට, ආවේ මොකටද කියලා අමතක වුනා..”
චායා එලෙස පවසා අවසන් කලේ, සස්මිතට ඉඩක් ඕ නොදී ඔහුගේ දෙතොළේ එල්ලීගෙනය. සස්මිත ඇයව පසෙකට කරන්නට දැරූ උත්සාහය එලෙසින් කෙරුණේ එක්වරක් පමණි. ඉන් පසුව සියල්ල වූයේ ඔහුට නතුවය. ලෙහී යන්නට ඇති තුවාය එක් අතකින් රඳවාගෙන, අනෙක් අතින් චායා තමා වෙත නතු කරවාගෙන උන් සස්මිත ඇයට පසෙකට වන්නට දුන්නේම නැත. එහෙත් විනාඩි කිහිපයකින් චායාම පසෙකට වූවාය. සස්මිතගේ ලයට දෑතම තබා ඔහුව යහන මතටම තල්ලු කර දැම්මේය. ඇය අසල වූ පුටුවක් මදක් ඉදිරියට ඇදගෙන ඉඳගත්තාය.
” ඇයි ඔයා තරිඳුට අයිති දේවල් ඉඹින්නේ ?.. මැනර්ස් නැද්ද ?..ආහ් .. චරක සර් දැනගත්තොත් එහෙම ?.. මොනවා වෙයිද ?…”
සස්මිතගේ ගත තුලීන් අංගාර නැඟෙමින් තිබුණේය. ඔහු මිට මෙළවුන සුරත යහනටම තද කරගත්තේය. ඇය තමා විහඟිට යැවූ කෙටි පණිවිඩය කියවා ඇත. මේ එල්ලවන හී පහරවල් ඒ පණිවිඩය තුළින් පැන නැගි ඒවාය.
” තරිඳු හොඳ කොල්ලෙක් .. එහෙම නොවෙන්න අපේ අයියා මං වෙනුවෙන් කියලා එහෙම කොල්ලෙක් මෙහෙට ගේන්නේ නෑනේ ?.. නේද ?…”
චායා එලෙසින් විමසුවේ දෑස් නළලට ගෙනය. සස්මිත ගන්නා හුස්ම වේගයෙන් පහල හෙලමින් උන්නේය. ඇය වෙනදා නොවූ වේශයක සිටීම තමාගේ හිත වෙනම අන්තයකට ඇද යන බව වැටහෙයි. ඇය සිටින්නේ ආවේගයට, රෝමාන්තික වේශයක් ඔබ්බවාගෙනය.
” ඉතින්.. දැන් අයියාට කියලා යනවද ?… නැත්නම් කොහොමටත් පුරුදු වැඩේනේ කියලා, හෙට උදේ වෙද්දී එහෙමම අතුරුදන් වෙනවාද?.. කොහොමද පහසු ?..”
සස්මිතගේ හිතෙහි පාලනය චායාගේ ඇණුම් පද නිසා කෝපයක් වෙතද හුවමරු වෙමින් තිබුණි.ඒ චායාට අවැසි ලෙසින්මය. ඔහු ගේ දැඩි තීරණ ගන්නා හිත බිඳිමේ කලාව ඕ නොදැන උන්නා නොවේය.
“ම්ම්ම් … දාන පාරමිතාවනේ පුරන්නේ නේද ?… අනේ ඉතින් මාව සැපට තියන්න නේ මේ ඔක්කොම කැපකිරීම් .. ඒ වුනාට, චුට්ටක් ඉවසන්න බෑ ඉඹින්න එනවා මෙතන බඳාගෙන … ..”
චායා එලෙසින්ද කීවාය. හිසකේ හිස මුදුනට වෙන්නට ගැට ගසා ගත්තාය. රාත්‍රී ඇඳුමේ කලිසම් සාක්කුවේ වූ ජංගම දුරකතනය ගෙන අසල වූ මේසයෙන් තැබුවේය. සස්මිත උන්නේ තුවාය පිටිනි. ඔහු එය සකසාගන්නට උත්සාහ කරමින් උන්නේය.
” හරි එහෙනම් …. හෙට තරිඳු එක්ක අවුටින් එකක් තියෙනවා … අපි කැන්ඩි යනවා… අයියා කිව්වා වෙහිකල් එක අරන් යන්න කියලා ඔයාට කියන්න කියලා .. මම මේ ආවේ ඒක කියන්න එක්ක .. ඔයා හරි.. තේරුමක් නැති බව දැන දැනම අපි මේක දිග්ගස්සන එකේ තේරුමක් නැහැ… හෙට ගමන අපි දෙන්නව ඇරලවලා, ඔයාට ඕනි නම් අර යනවා කීව විදියට යන්න ..ප්ලීස්, අපේ ප්ලෑන් ස්පොයිල් වෙන විදියට නම් පැනලා යන්න, අතුරුදන් වෙන්න තියාගන්න එපා…ප්ලීස්…”
චායා වටපිට බලමින්, දෑස් නටවමින්, උද්‍යෝගය මවා ගනිමින් කීවාය. ඒ රඟපෑම් ඇය වෙත නැඟුනේ කෙලෙසින්දැයි කියාවත් ඇයට සිහියක් වූයේ නැත.
සස්මිත නැගිට්ටේ දුන්නකින් නැඟුණු හීයක් ලෙසිනි. තුවාය ඉණ වටා තද වෙන්නට තත්පර කිහිපයක් ගත විය. ඉන් පසුව ඔහු උන්නේ චායා හිඳ උන් කැරකෙන පුටුවේ ඇඳි දෙකට දෑතින්ම බරවීගෙනය. ඊලඟ තත්පරයේ පුටුව තල්ලු වී ගියේය. පැති බිත්තියට තද වූයේය.
” මාව සෙල්ලමක් වගේ පේනවාද නෝනා ?…”
සස්මිත උන්නේ දත්මිටි කමිනි. හඬ පවා පිට වූයේ නැත. මදක් වියලී තිබුනද, හිසකේ අස්සෙන් තෙත චායාගේ මුහුණ තෙමුවේය.
චායාට සෙල්ලම දිග් ගස්සවන්නට අවැසි විය.
‘
” ලැජ්ජ හිතෙන්නේ නැද්ද ?.. තරිඳුගේ නෝනාට නෝනා කියන්න ?…අහ්හ්?”
” මාව මිනීමරුවෙක් කරගන්නද හදන්නේ චායා ?..”
” මාව මරලා මිනීමරුවෙක් වෙන්නද හිතන්නේ ?… කරලා බලන්නකෝ, තරිඳු අතාරිවිද කියලා ඔයාව.. අනෙක තරිඳු කවුද ? ඔයා කවුද ? ඔයා නිකම්ම නිකම් ඩ්‍රයිවර් කෙනෙක් … ඒක අමතක කරන්නෙපා…”
සස්මිත කොහොමටත් උන්නේම පියවි සිහියෙන් බැහැරවය. විජේසිරිගේ මරණය නිසා ඔහු උන්නේ ඉච්ඡා භංගත්වයකටද ඇද වැටීය.
” ඇයි සද්දේ නැද්ද ?..”
චායා එලෙසින්ද විමසුවාය.
සස්මිත ගේ මුහුණෙහි මාංශපේශි වෙනස් වෙන තාලය දකිද්දී, චායාගේ සිතුව්ලි තවත් හිතුවක්කාර වූවාය. .
ඕ සස්මිතගේ තුවායේ ගැටය ලිහා දැමුවාය


