අංගාර – 34

0
168

සස්මිතගේ කාමරයේ කුඩා කබඩය තුල වූ බෑගයේ පැති පොකට්ටුවේ වූ සියලු දෑ චායා එකින් එක හැඳින්නාය. ඕ ඒ සියල්ල එහෙමම බෑගයේ ඔබා තබා කාමරයෙන් පිටතට ආවාය. කිසිවෙකු හමු නොවී කාමරය තුලට වැදී දොර වසා ගත්තාය.

තමා ඔහුගේ විසි වෙනි  උපන්දිනයදා දුන් අත් ඔරලෝසුව.. එහි වෙලාව එක් තැනක නැවති තිබුණි…  එහෙත් වසර පහලොවකට ආසන්න කාලයක් එය ඔහු සතුව තිබී ඇත.

හිටිගමන් කුරුටු ගා අත මිට මෙලවූ කොළ කැබලි පුරවා තිබූ විනිවිද පෙනෙන පසුම්බිය ඔහු තමා සන්තකයේ තිබියදී බලෙන්ම ගත් දිනය සැනින් චායාට සිහි විය.

තමන් දෙදෙනා අවසාන වතාවට හමුවූ දිනයේ ඔහුගේ බෑගයට දැමූ විදෙස් චොකලට්ටුවේ පිට පෙට්ටිය එය බවද චායාට සැක නැත.

තම දිග කොණ්ඩය ලෙහී යන තැන්වල එය සකසා ගන්නට උපකාරී වන කටු  කිහිපයක්ම සස්මිත සතුව විය.

” උඹට නම් ඉතින් මොකෝ ..කොණ්ඩ කට්ටේ ඉඳන් මල්ලේ දාගෙන ඉන්න කොල්ලෙක් ඉන්නේ..”

විහඟිලා එකල පටන් එලෙසින් පැවසූ ආකාරයද සිහි විය.  චායා ඉකි බින්දාය. ඒ කොණ්ඩ කටු දෙකක වෙන්වුණ කැබලි දෙකක්ම එහි විය.

ප්‍රසිද්ධ අවන්හලක ආහාර ඔතා දෙන කොලයක ඉරි දියවී ගිය කැබැල්ලක ඔතා තිබුණේ අව පැහැ ගැන්වී තිබුණු ලී පැහැ හැන්දකි. එය කවදා කොහේකදී ඔහු රැගෙන තබා ගත්තාදැයි, චායාට බිඳකින්වත් සිහිපත් වූයේ නැත.

ඕ යහන මත පෙරලුනාය. මතක උඩ එන්නේ හැල්මේය.

සස්මිතගේ කාමරය තුල වූ බෑගයේ වූයේ මොනවාදැයි සිතන්නට පවා ඇයට ඉන් එහා සවියක් වූයේ නැත. තමා සිතා උන්නේ තමා වැඩි දරාගැනීම් කල බවය. එහෙත්, ඔහු පවා කිසිවක් අමතක කර නැති බව සැක නැත.

සස්මිත හිටිවනම අතුරුදන් වීම පසුපස අක්කාගේ අසනීපය ඇති බවට සැක නැතැයි චාය කොහොමටත් තීරණය කර තිබුණි. සස්මිත අතුරුදන් වුවාට පසු ඔහුගේ නිවැසියන්ද ගමේ නොමැති බව ඕ ඒ කාලයේදීම තහවුරු කරගෙන තිබුණි. අක්කාගේ අසනීපය සුව වූවාද ? අක්කාගේ අසනීපය වෙනුවෙන් යම් මුදලක් වෙනුවෙන් කිසිවෙකු සස්මිතගේ ජීවිතය බිල්ලට ගත්තාද ?. එලෙසින් වූවා නම් සිදුවන්නට ඇත්තේ කුමක්දැයි චායා කල්පනා කරන්නට ගන්නා විට ඇගේ නෙත් මත වූ තෙත වියැකී තිබුණි.

ඒ කාරණා ගෙවුණු සති කිහිපය තුළදීම කෙතරමින් නම් කල්පනා කලද, ඇයට සිතාගන්නට හැකි වූයේ එක් කාරණාවක් පමණි

” සමහරවිට, සස්මිතගෙන් ඕර්ගන් ඩොනර් එකක් කරවගන්න ඇති ..  අර යකාල එදා කීව ගෑණු ළමයාට තමයි ඒක සම්බන්ධ වෙන්න ඇත්තේ … අක්කා සනීප කරගන්න ඕනි වෙලා තිබ්බ සල්ලි ටික එතනින් සෙට්ල් වෙන්නැති .. ඒත් … මෙච්චර කාලයක් ඇයි සස්මිත ආවේ නැත්තේ … ඒ මොක කරගත්තා වුනත්, එයාට අට පණිවිඩයක් දෙන්න තිබුනානේ.. සමහරවිට එයා ඒ ඔපරේෂන් එකෙන් පස්සේ අසනීප වෙලාවත් උන්නද ?.. එහෙම උන්නා උනත්, අවුරුදු දොලහක්ම එහෙම උන්නා වෙන්න බැහැනේ .. තේරෙන්නේ නෑ මේක.. සස්මිතගෙන් එක දිගට, බරට මෙව්වා අහන්නත් බැහැ .. ඒකෙන්  වෙන්නෙ එයා ස්ට්‍රෙස් වෙන එක .. එයාට එපා වෙයි හැමදේම ඉන් පස්සේ.. මොක කරන්නත්, කතා කරන්න ඕනි … එයා කියනකල් ඔනි තරම් කල් ඉවසන්න මට පුලුවන් .. අහගෙන ඉන්න මට පුලුවන් …”

චායා මුලුතැන්ගෙය වෙත ගොස් එහි කටයුතු වලටද මදක් උදවු කලාය.

” චූටි බබා කුස්සියට ආවම කුස්සිය පිරිලා..”

අත් උදව්වුවට උන් කාන්තාව පවසද්දී චායා ඇය හා බොරුවට අමනාප වෙමින් එලෙස පැවසුවාය.

” සස්මිතව බලන්න ඕනි නම් ඉස්සරහට වෙලා හිටහං . ආයේ හූල්ලන්න තියාගන්නත් එපා… කාමර අස්සේ රිංගන්න  ඕන් කියලා හූල්ලන්න තියාගන්නත් එපා…..”

විහඟිගෙන් කෙටි පණිවිඩයක් විත් තිබුණි. චායා අඩියට දෙකට කාමරයෙන් ආවාය. මිදුලට ගියාය.

” කොහොම  හරි කරලා සස්මිතව එලියට බස්සවහං ඈ …”

විහඟිට එලෙසින් පණිවිඩයක් යැවූ චායා, සස්මිතගේ ජංගම දුරකතන අංකයටද කෙටි පණිවිඩයක් යැව්වාය.

” සස්මිත … වාහනේ නවත්තලා එලියට බහින්න ටිකක් හොඳේ ….”

පිළිතුරක් නාවත්, ඔහු පණිවිඩය දුටු බව දැක චායා සැනසුනාය.

විනාඩි දහයක් ඉක්ම යන්නට පෙර  නිවසේ ගේට්ටුව විවෘත වූයේය. චායාගේ හද ගැස්ම ඉතා වේගයෙන් විය. මින් පෙර සති දෙකක් තිස්සේම සස්මිත මෙලෙසින් ආවා ගියා වුවද, අද දින වෙනස් ය. ඒ වෙනස විහඟ පවා නොදැන සිටීම තවත් වෙනස් ය,

අයියා සහ විහඟි පිටුපස අසුනෙන් බහිනවාත් සමඟම අම්මා සහ තාත්තා ද නිවසින් පිටතට පැමිනෙනමින් බව දුටු  චායාට ඉන් යම් අස්වැසිල්ලක් දැනුණි.

අම්මා විහඟිව  වැලඳගත්තේ වෙනදා සෙනෙහෙ ඉක්මවවමින් බව චායා යන්තමින් දුටුවාය. එහෙත් ඕ ඒ දෙස වැඩිපුර බැලුවේ නැත.

තත්පර දෙකක අවෑමෙන් සස්මිත රියැදුරු අසුනෙන් බැස්සේය. පිටුපසට ඇවිද ගියේ අවධානය අන් කිසි දෙසකට නොදීය. චායා සිහිය ගිලිහෙන්නට නොදී සිටින්නට උත්සාහ කලාය.

වාහනයේ පිටුපස වූ සූට්කේසයට රැගෙන ඔහු චායා වෙත ඇවිද ආවේය. චායා මඟ අවහිර කර මෙන් බලා උන්නාය.

” සස්මිත ඕක මෙහෙන් තියහං …”

අයියාගේ හඬ පසෙකින් ඇසෙද්දී චායා ඒ දෙසද බලා යළි සස්මිත දෙස බැලුවාය. සස්මිත චායා අසලින්ම ඇවිද ගොස් සූට්කේසය නිවස තුළින් තැබුවාය. චායාට ඔහු පසුපස ඇවිද යන්නට අවැසි වුවත්   දෙපා වාරු නොමැතිව මෙන් බලා උන්නාය.   සස්මිත යළි චායා පසු කලාය.

” ලොකු පුතා .අර ලමයාටත්  .. ඇතුලෙන් කෑම ගන්න එන්න කියන්න …. …”

අම්මා එලෙසින් පවසද්දී සස්මිතගේ හද ගැස්ම සේම චායාගේ හදගැස්මද එක වේගයෙන් විය.  විහඟිද තිගැස්ම නොපෙන්වා චායා දෙස බැලුවාය.

චායා උන්නේද, විහඟි දෙස බලාගෙනය

” වොශ් එකක් දාගෙන වරෙන් සස්මිත … අද අපේ අම්මගේ ගානේ ඩිනර් ..”

” කමක් නෑ සර් … මම එළියට ගිහින් එන්නම් .. “

” පිස්සුද බං … උඹට මම කියන්න  හිටියේ … ආයේ එලියෙන් කන්න යන්න ඕනි නෑ …  අම්මේ  . කමනි ට කියන්න සස්මිතට කෑම රෙඩි කරලා දෙන්න කියලා හොඳේ …”

සස්මිත සියලු දෙනා වෙත හැරී සිනාසී  ස්තූතිවන්ත වූවේය. චායාට ඉබේම සැනසුම් සුසුමක් හෙලුණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here