BE SILENT – 66

0
618

පොලිස් ස්ථානයේ රැස්වීම් ශාලාවේ හදිසි කැඳවීමක්ය. හෙට දිනයේ පැවැත්වෙන ජනාධිපති තුමා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ සමුළුවකට ආරක්ෂාව සැපයීමේ විධි විධාන පිළිබඳව පොලිස් නිලධාරීන් විසින් සිදු කරන සියළු සැලසුම් යළි සාකච්ජා කිරීම එහි ප්‍රධාන අරමුණය.

රැස්වීම මෙහෙයවන්නේ මනුහස් විසින්ය. මෙතෙක් යොදවා ඇති ආරක්ෂක විධි විධාන පිළිබඳවත් , හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳවත් රැස්වීම් ශාලාවට රැස් වී සිටින පොලිස් නිලධාරීන් වෙන වෙනම ඔහු වෙත විස්තර ඉදිරිපත් කළ යුතුය.  උදෑසන ඔහු දුටු මොහොතේ සිට ෂියෝනාගේ හදවතේ විසල් වරදකාරී හැඟීමක් දළු ළා තිබුණේය . රැස්වීම් ශාලාවට ගෙන යා යුතු අත්‍යාවශ්‍ය ලිපි ගොනුවක් ලබා ගැනීම උදෙසා යළිත් මනුහස්ගේ නිල කාමරය වෙත ගිය ෂියෝනා අහම්බයෙන් මෙන් එක දිගට නාද වන ඔහුගේ ජංගම දුරකතනය දුටුවාය. 

” Sudu bole “

එසේ සඳහන් වී තිබූ දුරකතන තීරයේ දිස්වුණු ඇමතුම එක් වරම විසන්ධි වී ගියේය . නමුත් ඒ සැණින් යළිත් දුරකතනය නාද වන්නට පටන් ගත්තේය. මොහොතක් නැවතුණු ෂියෝනා දුරකතනය අතට ගෙන ඇමතුමට සම්බන්ධ වූවාය . 

” හෙලෝ..”

පළමු ඇමතීමෙන්ම ඒ ෂියෝනා බව හඳුනාගැනීමට නෙත්‍යාට හැකි වුවද ඇගේ සිතට දුකක් හෝ කෝපයක් දැනුණේ නැත. ඒ වෙනුවට සැනසුම් සුසුමක් හෙළුණේය. ෂියෝනා ඇමතුමට සම්බන්ධ වූවා යනුවෙන් අදහස් වන්නේ  මනුහස් මේ වන විටත් සිටින්නේ පොලිස් ස්ථානයේ බව පැහැදිලිය . ඉදින් එය සැක හැර දැන ගැනීමෙන් නෙත්‍යාගේ සිතෙහි තිබූ විසල් බරක් අතුරුදහන් වී ගියේය. 

” මිස්ටර් විජේවර්ධන ඉන්නවද ?” 

පෙර සිදු වූ සිදුවීම යළි යළිත් සිහියට නැඟුණු නිසාම නෙත්‍යා එසේ ඇසුවාය. 

” ම්ම්.. සර් කොන්ෆරන්ස් රූම් එකේ. “

ෂියෝනාගේ පිළිතුරත් සමඟ නෙත්‍යාගේ සිත තවත් සන්සුන් වී ගියේය.

” ඕකේ.. තෑන්ක්ස්..”

” අ.. මේ.. මිස් නෙත්‍යා..”

නෙත්‍යා සූදානම් වූයේ ෂියෝනාට ස්තූති කොට ඇමතුම විසන්ධි කිරීමටය . නමුත් ෂියෝනා හට තවත් යමක් පැවසීමට අවශ්‍ය වූවාය. 

” අ.. මිස් නෙත්‍යා.. , මං දැනගෙන හිටියේ නෑ මිස් නෙත්‍යා මනූගේ.. මේ.. මං කිව්වේ මනුහස් සර්  ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. මට තිබ්බේ වැරදි වැටහීමක් . ඒකට මට සමාවෙන්න. “

ෂියෝනා මහත් පසුතැවිල්ලකින් යුතුව නෙත්‍යාගෙන් සමාව ඉල්ලා සිටියාය. 

” ඒකට කමක් නෑ මිස් ෂියෝනා. වැරදි වෙන්නේ මිනිස්සු අතින්නේ. මං දන්නවා මිස් ෂියෝනායි  ,  මනුයි හොඳම යාලුවෝ කියලා. ඒ නිසා එදා ඉඳන් එයාට කතා කරපු විදිහට ඉස්සරහටත් කතා කරන්න. මං නිසා ඒ දේවල් වෙනස් කර ගන්න එපා. “

ෂියෝනාගේ හදවත විසල් බරකින් පිරුණාය. පෙර දිනක මල්දෙණිය නිවසේදී තමා ඈට පැවසූ දෑත් මේ මොහොතේ ඈ තමාට පවසන දෑත් පිළිබඳව ඇගේ සිත ලැජ්ජාවකින් පිරී ගියාය.  තමාත් , ඇයත් කෙතරම් වෙනස් දැයි ඇයට සිතුණාය. ඔහු වැනි පුද්ගලයෙකු මේ තරමටම ඈට පෙමින් බැඳී සිටීමට හේතුව කුමක්ද කියා අවසානයේ ෂියෝනාට වැටහුණාය. 

” මිස් ෂියෝනා .., මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද ?” 

” කියන්න මිස් නෙත්‍යා මොකද්ද කෙරෙන්න ඕනේ. ?” 

” මං වීඩියෝ කෝල් එකක් ගන්නම් , ඒක ආන්සර් කරලා ,  mute දාලා මනූට ඩිස්ටර්බ් නොවන විදිහට එයා ලඟින් ගිහින් තියනවද ?” 

ෂියෝනාගේ මුහුණ පුරා ළා හසරැල්ලක් ඇඳී ගියේය. 

” ශුවර්..”

ඇගේ පිළිතුරත් සමඟ නෙත්‍යා වීඩියෝ ඇමතුමක් ගත් අතර ලිපි ගොනුවද , දුරකතනයද අතැතිව ෂියෝනා රැස්වීම් ශාලාව වෙත අඩි තැබුවාය. 

” ඔස්මන්ඩ් ප්ලේස් එක ලඟට අපිට දහ දෙනෙක්වත් දාන්න වෙයි. මේන් රෝඩ් එකේ යන වාහන…”

” එක්ස්කියුස් මී සර්..! , “

එසේ පවසමින් රැස්වීම් ශාලාවට ඇතුළු වූ ෂියෝනා මනුහස් ඉදිරියෙන් ඇති මේසය මත අතැති ලිපි ගොනුව තබන අතර වීඩියෝ ඇමතුම සම්බන්ධ ජංගම දුරකතනයද ඔහු ඉදිරියේ ආධාරකයක් මත රඳවා කිසිවක් සිදු නොවුණා සේ අනෙක් නිලධාරීන් අතරින් හිඳ ගත්තාය. 

ෂියෝනා ගෙන ආ ලිපි ගොනුව පෙරළා බලා යමක් පැවසීමට හිස එසවූ මනුහස් තමා ඉදිරියේ ඇති ජංගම දුරකතනයේ තීරය මත ඇති වටකුරු උවන දැක වහා ෂියෝනා දෙස බැලුවේය. කිසිවක්ම නොදන්නා ආකාරයෙන් ඉවත බැලූ ෂියෝනා මනුහස්ගේ දෑස මඟ හැරියාය. තමා ඉදිරියේ සිටින නිලධාරීන් දෙස බැලීමට හිස ඔසවන පළමු අවස්ථාවේම ඔහුට පෙනෙන්නේ වීඩියෝ ඇමතුම හා සම්බන්ධ වී සිටින ඇයවය. 

” ඕකේ.. සංකල්ප කියන්නකෝ ඉතිරි ටික..” 

මනුහස් දුරකතන තීරයෙන් පෙනෙන උවනින් දෑස ඉවතට ගෙන ඉදිරියේ සිටි පොලිස් නිලධාරියා හට පැවසුවේය. 

” අපි රවුන්දබෞට් එකේ ඉඳන් ග්‍රවුන්ඩ් එකට යනකන් ඔෆිසර්ස්ලා විස්සක් දාලා තියෙන්නේ සර්..”

මනුහස් සෙමින් දෑස දුරකතනය දෙසට විතැන් කළේය. එතෙක් වේලා වටකුරු මුහුණ පමණක් පෙනෙන්නට සිටි ඈ දුරකතනය සීරුවට රඳවා අඩි කිහිපයක් පසු පසට ගියාය. මෙතෙක් වේලා මුහුණ පමණක් පෙනුණු ඈ දුටු වනම ඔහුගේ දෙපයින් පටන් ගත් හිරියක් සිරුර පුරා උඩු දුව්වේය. ඈ සිටියේ කෙටි තුවායක් ගත දවටාගෙනය. බොහෝ අපහසුවෙන් තුවාය මත සිරවී පිටතට ඒමට දඟලන හංස රටාත් ,  අඩකටත් වඩා නිරාවරණය වී ඇති රන්පැහැ කලවාත් දෙස ඔහුගේ දෑස වේගයෙන් එහා මෙහා දිව්වේය. ඈ සෙමින් හිස බැඳ තිබූ තුවාය ගලවා දැමුවාය. තෙත කොණ්ඩය , සරාගී බවින් උමතුව සිහින් වී තිබුණු වටකුරු දෑස , අඩකටත් වඩා නිරාවරණය වුණු රන් පැහැ නාරි දේහය දුටු ඔහුට ක්ෂ්ණිකව ඔහු සිටින්නේ කොතනදැයි පවා අමතකව ගියේය. බොහෝ නග්න ස්ත්‍රී දේහ දෑසින් දැක හා විඳ ඇති ඔහු දිවියේ ප්‍රථම වතාවට අඩ නිරුවත් නාරි දේහයක් දුටු අයෙක් මෙන් ගල් ගැසී ගියේය. තමාගේ දෑස ඉදිරිපිට බොහෝ සළුපිළි උනා දැමූ ස්ත්‍රීන් කිසිවෙකු ඉදිරියේවත් ස්නේහවන්තිය ඉදිරියේ තරම් තමා අසරණ වී නොමැති බව ස්ථීරය.

මැදියමද පසු වී ගිය එක් රාත්‍රියක අඩ අඳුරේ ඇගේ නාරි දේහය පුරා අංශුවක් අංශුවක් පාසා සැරිසැරූ දේහදාරියා මෙතරම් පැහැදිලිව ඇගේ වත දුටුවේ නැතිය. පූර්ණ නග්න ස්ත්‍රී දේහයකට වඩා අඩක් නග්න ස්ත්‍රී දේහයකින් පිරිමියෙකුගේ හදවත පතුළේම පිහිටි සැඟවුණු රෝමාන්තික හැඟීම් පිටතට ගත හැකි බව ඔහු ඒ වනතුරුත් නොදැන සිටියේය. ඉදින් මාන්නක්කාරයාට ඔහුටත් නොදැනීම අපහසුවෙන් කෙළ පිඬක් ගිලුණේය. 

” එතකොට සර් අපිට රොස්මිඩ් එකයි , මෙඩෝස් ඇවනිව් එකයි දෙකම අතුරු මාර්ග වලට ගන්න වෙයි නේද ?”

මනුහස් තිගැස්සී තමා ඉදිරියේ උන් පොලිස් නිලධාරීන් පිරිස දෙස බැලුවේය.  ප්‍රශ්නය එල්ල කළේ කිසිවෙකුද කියා ඔහුට තෝරා බේරා ගත නොහැකි වූයේය. හේ වේගයෙන් ඇසි පිය සලා යථා තත්වයට ඒමට උත්සාහ දැරුවේය. තමා මේ සිටින්නේ ඉතා වැදගත් රාජකාරී අවස්ථාවක බව ඔහු ඔහුටම ඒත්තු ගන්වා ගන්නට උත්සාහ කෙරුවේය .

” මො.. මොකද්ද කිව්වේ..?” 

” මං කිව්වේ සර් එහෙම උනොත් අපිට රොස්මිඩ් එකයි , මෙඩෝස් ඇවනිව් එකයි දෙකම….”

කෙසේ වළකා ගන්නට උත්සාහ ගත්තද දෙනෙත නතර වන්නේම දුරකතන තීරය වෙතය. මෙවර තෙත කොණ්ඩය යන්තමින් මුහුණට දමා ගත් සරාගිනිය රෝස තොල් උල් කරමින් ඔහු වෙත සරාගී හාදුවක් පා කළේය. ක්ෂ්ණිකව ඔහුගේ අත වැදුණු මේසය මත තිබූ කුඩා මල් බඳුන පෙරළී ගිය අතර ඔහු වහා එය නිසි පරිදි තබා ප්‍රකෘති සිහියට පැමිණ යළිත් තමන් ඉදිරියේ සිටින පොලිස් නිලධාරීන් දෙස බැලුවේය. අස්වාභාවික ලෙස ඉහල නිලධාරියාගේ කලබල වීමත් ඔහු ඉදිරියේ ෂියෝනා තබා ගිය දුරකතනයත් දෙස වරින් වර බැලූ සචින්ද්‍ර කුමක් හෝ ගැටළුවක් ඇති බව වටහා ගෙන ෂියෝනා දෙස බැලුවද ඈ කිසිවක් නොවුණු ලෙසට තමා අත ඇති ලිපි ගොනුව පිරික්සමින් සිටියාය.

” සර්.. මුකුත් ප්‍රශ්නයක්ද ?” 

වායු සමනය කළ රැස්වීම් ශාලාව තුළ නළල දෙපසින් දා බිඳු බේරෙන තම ප්‍රධානියා දෙස විමසිල්ලෙන් බැලූ ඉදිරිපස සිටි නිලධාරියෙක් ඔහුගෙන් ප්‍රශ්න කළේය. 

” අ.. නෑ.. මේ… ම්ම්ම්.. මට.. විනාඩි දෙකක් දෙන්න…!” 

මනුහස් වහා හිඳ සිටි පුටුවෙන් නැඟී සිටි අතර ඔහු අනුව අනෙක් නිලධාරීන්ද නැඟී සිටින්නට සැරසුණද ඔවුන්ට යළි අසුන් ගන්නා ලෙස අතින් සන් කළ ඔහු ජංගම දුරකතනයද අතට ගෙන වහා රැස්වීම් ශාලාවෙන් පිටවී කිසිවෙකුත් නොමැති කොරිඩෝවක් අසලදී යළි දුරකතනය අතට ගෙන ඒ මතට ආයාසයෙන් රකුසු බැල්මක් හෙළුවේය. 

” මොකද ? “

පැනය ඔහුගෙන්ය. කටහඬ පමණට වඩා සැරය  .

” පැමිණිල්ලක් දාන්න තියනවා රාලහාමි “

ඇගේ ස්වරය කුඩා එකියක සේය. දෙතොල මතට සිනහවක් දැනුණද ආයාසයෙන් එය වළකාගත් ඔහු නැවතත් මවා ගත් රකුසු මුහුණින් ඈ දෙස බැලුවේය.

” ඊයේ රෑ මාත් එක්ක හිටපු සුදු මහත්තයා මටත් නොකියම අද උදේ මාව දාලා ගිහිල්ලා. රාලහාමි මට එයාව හොයලා දෙන්නකෝ..”

ඈ තවත් හුරතල් වූවාය. 

” නෙත්‍යා ..! මං ලොකු වැඩක ඉන්නේ.. “

නැවත වතාවක් ආයාසයෙන් කෝපයක් මවා ගත් ඔහු දුරකතන තීරයෙන් පෙනෙන වටකුරු උවන දෙස බලා පැවසුවේය. ක්ෂ්ණිකව ඈ තම දෙපස දෙස බලමින් කිසිවෙකු හෝ සොයන බව ඔහු දුටුවේය .

” කෝ.. කාටද කිව්වේ ?  මෙහෙ නෙත්‍යා කෙනෙක් නෑනේ ? දාලා යන්නෙපා දාලා යන්නෙපා කියලා මට බැන බැන ඉඳලා මාව දාලා ගිය සුදු මහත්තයගේ සුදු නෝනා විතරයි ඉන්නේ. “

ඈ නැවත වතාවක් බෙරි කරගත් මුහුණින් හුරතල් වූවාය. නමුදු අහංකාරයාට තවත් ඈ රිදවන්නට උවමනා විය. 

” පස්සේ ගන්නං. හදිසි වැඩක හිටියේ. බායි ..!” 

ක්ෂ්ණිකව එසේ පැවසූ ඔහු දුරකතන ඇමතුම විසන්ධි කර දැමුවේය. මෙතෙක් සිර කර ගෙන සිටි සිනහව මුව පුරා විහිදුවමින් තනිවම සිනාසුණු ඔහු නැවතත් දුරකතනයට ආ කෙටි පණිවිඩයකට ඇස යැව්වේය. 

” Napuraaaa ” 

තරහ මුහුණු කිහිපයක් සමඟ ආ පණිවිඩය දෙස බලා සිටි ඔහු නැවතත් සිනහවක් නඟමින් රැස්වීම් ශාලාවට ගොඩ වූයේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here