අඩ සිහියෙන් පසු වන අදීරාව ඇමැන්ඩ්‍රාගේ කාමරයේ තනි කළ ඇමැන්ඩ්‍රාත් ,ජෙසිකාත් ඉන් පිටතට පැමිණ තරුණයින් පිරිස මත්පැන් පානය කරන තැනට ගොස් මයන් හට සියල්ල සාර්ථක බව ඉඟි කර පැවසුවේය. ජෙසිකා දෙසට හැරුණු මයන් ඉඟි කර ටෙහාන්ව පෙන් වූ අතර ඈ සෙමින් ටෙහාන් අසලට පැමිණ අවසිහියෙන් මෙන් ඉන්නා ඔහුව වත්තන් කරගෙන ඇගේ නිදන කාමරය වෙත අඩි තැබුවාය.
” අඩෝ.. මේ කොහෙද උඹලා දෙන්නා යන්නේ ?”
ජෙසිකාට වාරු වී යන ටෙහාන් දෙස බැලූ අනෙක් මිතුරන් කිහිපදෙනා විමතියෙන් ඔවුන් දෙස බලා පැවසූ අතර කිසිවක් නොපැවසූ ජෙසිකා මඳ සිනහවක් නඟා ටෙහාන්වද රැගෙන එතනින් පිට වූවාය.
” අඩෝ.. එව්වා හෙන අසාධාරණ වැඩ ඈහ් ?”
” සිරාවට යකෝ.. අපි පව්..”
සිහි මඳ වනතුරුම මිතුරන් පිරිසට මත්පැන් පානය කිරීමට සැලැස්වූ මයන් අවස්ථාව එළැඹෙන තුරු නිහඬවම බලා සිටියේය.
” අඩෝ..ඊල්ලඟ පාර මං බලෙන් හරි කෙල්ලෙක් උස්සන් එනවා.. මොකද්ද බං..?”
” ඊලඟ පාර වෙනකන් ඉන්න ඕන්නෑ. ඕන්නං දැන් උනත් ඕන කරන දේවල් තියනවා. “
අඩ සිහියෙන් සිටි මිතුරන් තිදෙනාම එක් වර මයන් දෙස බැලූහ. ඔවුන්ගේ මුහුණු වල ප්‍රශ්නාර්ථ බැල්මන් හොඳින් වටහා ගත් මයන් මුව කොනින් සිනහවක් නඟා හිඳ සිටි පුටුවෙන් නැඟී සිටියේය.
” වරෙල්ලා..”
” දඩයමට ඇදෙන සුනඛ රැළක් සේ තරුණයින් තිදෙනාම මයන් පසුපස වැටුණහ. කොරිඩෝව දිගේ ඇවිද ආ මයන් ඇමැන්ඩ්‍රාගේ නිදන කාමරය අසල නැවතුණේය.
කඳු වළල්ල දෙසින් නැවතත් අකුණු පෙළක් එක දිගට පිපිරුවේය . හිත් පිත් නැති සැඩ සුළඟ වර්ෂාව සමඟ වියරු වී මහා ගස් පවා බිමට අතහැර දැමුවේය. ආලෝකයක් නුදුටු හෝටල් පරිශ්‍රයේ පාළු මූසල වැහි අන්ධකාරය මැද යුවතියක් දිවියේ කඨෝරම , පිළිකුල් සහගතම අවස්ථාවට මුහුණ දෙමින් සිටියාය.
තරුණයින් තිදෙනෙකු අතින් කරදරයට පත් වී අඩ සිහියෙන් වැතිරී සිටිනා යුවතිය වෙත අවසානයට පැමිණියේ මයන් මල්දෙණියය . කෙසේවත් සාමාන්‍ය මානසික මට්‍ටමක නොසිටි ඔහු යුවතිය හමුවේ බොහෝ කෲර වූ අතර හුස්ම ගැනීම පවා මඳ වූ යුවතිය අවසානයේ බොහෝ දුර්වලව යහන මත වැටී සිටියාය.
දහවල , සැඳෑව , රාත්‍රිය ලෙස ගත වන කාලය තෝරා වෙන් කර ගැනීමට හෝටල් සංකීර්ණය තුළ මතින් බරව අඩ සිහියෙන් සිටිනා තරුණ පිරිසට තබා අවට පරිසරයට හෝ නොහැකිව තිබුණේය. හෝරා කිහිපයක් ගත වී යන්නට ඇත. සිහි විකල්ලෙන් උන් පිරිස වැටුණු වැටුණු තැන තද නින්දේය. සිරුර පුරා දිව යන දරා ගත නොහැකි වේදනාව හමුවේ හෝරා කිහිපයකට පසු හැකි පමණ වෙර යොදා යහනෙන් නැඟී සිටි යුවතිය අසීරුවෙන් අඩි තබමින් හෝටල් සංකීර්ණයෙන් පිටතට ආවාය. වර්ෂාවේ හා සුළඟේ අඩුවක් නොමැත . පරිසරය පුරා පැතිරෙන්නේ ගන අන්ධකාරයක්ය. සැඩ සුළඟවත් , මහ වර්ෂාවවත් , එක පිට පිපිරෙන අකුණු සරවත් යුවතියට නොදැනුණාය. සිරුරෙන් මතුවෙන අධික වේදනාව ඈට නොදැනුණාය. එකදු සළුපිළක් හෝ නොමැති පූර්ණ නග්න දේහයට ඊ තුඩු මෙන් පතිත වන වැහි බිඳු පිළිබඳව ඈට නොදැනුණාය. ඈ රොබෝවරියක් සේ නයින් මවුන්ටන්ස් වෙතින් පිටතට බැස්සාය.
හදවතේ එක් පසෙකින් මතුවන පියාගේ රුවත් අනෙක් පසින් මතුවන බැංකු මාත්තයාගේ රුවත් එකි නෙකට පරයමින් යුවතියගේ දෑසට කඳුළු එක් කරමින් සිටියේය. කෙසේ හෝ ඇවිද යමි යැයි සිතා සිරුරෙන් නැඟෙන වේදනා මධ්‍යයේ වුවද සෙමින් සෙමින් පය ඔසවා ඇවිදින්නට තැත් කළද එළිමහනේ වර්ෂාවත් , සීත සුළඟත් නිසා ඇයට එය කළ නොහැකි වූවාය . ඉදින් කිසිදු ශක්තියක් නොවූ ඈ පය පැකිළී හෝටල් පරිශ්‍රයේ එළිමහනේ ඇද වැටුණාය.
********************************************
මහා වර්ෂාව හේතුවෙන් කඳුකර මාර්ගයේ ගමනාගමනය අපහසුය. ඉඳිඔයේ සිට කොළඹ ගියාට කාලයට වඩා කාලයක් නැවත පැමිණීමේදී ගත වී තිබුණේය. වඩිවේල් සිටියේ බොහෝ කලබලවය. හෝටල් පරිශ්‍රය තුළ තත්වය කෙසේ දැයි නොදන්නේය. අදීරා ආහාර පාන නම් කලට වේලාවට සූදානම් කර දෙනු නියතය. නමුදු අමුත්තන් හට ඊට වඩා කිසිවක් උවමනා වුවහොත් තනි ඈ කුමක් කර ගනීවිදෝ යන බියක්ද වඩිවේල්ගේ සිතේ හට ගෙන තිබුණේය . කෙසේ හෝ ඉතා ඉක්මණින් හෝටල සංකීර්ණය විවෘත කිරීමෙන් පසු මේ වගකීම් බොහෝ දුරට අඩු වනු ඇත. ඉන් පසුව බැංකු මාත්තයා හා යළි කතා කළ යුතුය. ඔහුගේ මව් දෙමව්පියන් කැඳවා ගෙන එන්න යැයි පැවසිය යුතුය . ඔහු කෙතරම් ස්ථීරව පැවසුවත් මව් දෙමව්පියන්ගේ වචනය ඔවුන් තුළින්ම ලබා ගන්නා තෙක් වඩිවේල්ගේ හිත කලබලය.
බැංකු මාත්තයාගේ මව්දෙමව්පියන් ගෙවල් දොරවල් බලන්නට එන දිනක උස රාලාමි මාත්තයාටත් එන්න යැයි කිව යුතුය. ඉඳිඔයේ රාජකාරි නියුතු පොලිස් නිලධාරියෙකු දිනපතා ආහාර ලබා ගන්නේ අදීරාගේත් , මිත්තණියගේත් කුඩා වෙළඳ සැළෙනි. ඔහුද බැංකු මාත්තයා තරමටම වඩිවේල් හට හිතවත්ය. දිගු නම උච්චාරණයේ අපහසුව නිසාම උස රාලාමි මාත්තයා යනුවෙන් ඔහුව ආමන්ත්‍රණය කරන වඩිවේල් බැංකු මාත්තයාගේ යෝජනාවද මුලින්ම පැවසුවේ ඔහුටය. රාලාමි මාත්තයාට අනුව බැංකු මාත්තයා ඉතා හොඳ යහපත් පුද්ගලයෙකි . නමුදු ඔහුත් වඩිවේල් හට බැංකු මාත්තයාගේ මව්දෙමව්පියන් හා කතා බස් කොට මෙම කාරණේ පිළිවෙළක් කරගන්නා ලෙස දෙතුන් වරක්ම දැනුම් දී තිබුණේය.
ඉදින් වඩිවේල්ගේ සිතේ බලාපොරොත්තු ගොන්නකි. ඒ සියළු බලා පොරොත්තුවක්ම අදීරා වෙනුවෙන් මැවූ ඒවාය. තැනූ ඒවාය. කුඩා සිඟිත්තියක කාලයේදී මව අහිමි වීමෙන් පසු දියණිය තම මුළු ජීවිතයම වූ ආකාරයත් එකී සිඟිත්තිය මේ වන විට ඉතා හැඩකාර යෞවනියක වී සිටීමත් වඩිවේල්ගේ හදවත ආඩම්බරයකින් පිරෙව්වේය. බැංකු මාත්තයා තම ආගමේ හෝ ජාතියේ අයෙකු නොවූවත් ඔහු වැන්නකු දියණියට ලැබීමම ඇගේ සහ සිය පවුලේම පිනක් ලෙස වඩිවේල් සිතුවේය. ඉතා ඉක්මණින් දවසක මුරුගන් කෝවිලට ගොස් මේ සියල්ල යහපත් ලෙස ඉටුකර දෙන්නැයි පවසා මුරුගන් හට බාරයක් විය යුතුය.
රාත්‍රී දහය කණිසමට ආසන්න වී තිබුණද උදෑසන පටන් ගත් මහා වර්ෂාව අවසන් වී නොමැත. හෝටලයේ තත්වය කෙබඳුදැයි නොදත් නිසා සහ තමාට බාර දුන් කර්තව්‍ය නිසි පරිදි ඉටු කළා යැයි පැවසිය යුතු නිසාම වඩිවේල් නිවසට නොගොස් හෝටලය වෙතටම ගියේය.
” මුරුගා.. වඩිවේල් අයියා.. ! මේ වැස්සෙම ආවද අප්පාහ් ?”
” ඕ.. රංගරාජ් . මාත්තයගෙ වැඩකටනේ ගියේ. ගිය ගමන හොඳින් ගීන් ආවා කියන්නත් එපැයි. අපේ කෙල්ල ගෙදර ගියාද ?”
” මං එද්දි හවස් උනා වඩිවේල් අයියා. මං එද්දි කෙල්ල ගිහින් . වැහි අන්ධකාරෙට දවලුත් තිබ්බෙ මහ රෑ වගේ. කෙල්ල දවල්ට උයලා පිහලා ඔක්කොම කරලා තිබ්බා. මං ඇවිල්ලා රෑට කෑම හැදුවා. “
” ඒ නං කෙල්ල වැඩ ටික ඉවර කරලා ගෙදර යන්නැති. මං ගිහින් මාත්තයට කතා කරලා එන්නං “
එසේ පැවසූ වඩිවේල් හෝටලය තුළට ගිය අතර වඩිවේල් එනු දුටු මයන්ගේ හදවත මඳක් සැළුණද ඔහු ඒ කිසිවක් නොපෙන්වා බලා සිටියේය .
” වඩිවේල් දැන්ද ආවේ ?”
” ඔව් මාත්තයා.. , මහා වරුසාව. හරි අමාරුවෙන් ආවේ.. අර නෝනෙව ගෙදරටම ගිහින් ඇරලුවා මාත්තයා. “
” ආ. ඒක හොඳයි. ඉන්නකෝ..”
එසේ පැවසූ මයන් මුදල් පසුම්බිය හැර මුදල් නෝට්ටු කිහිපයක් ගෙන වඩිවේල්ගේ සාක්කුවට දැමුවේය.
” ඕන්නෑ.. මාත්තයා.. උදේ යද්දිත් මට සල්ලි දුන්නනේ. “
” තියාගන්නවා තියාගන්නවා වඩිවේල්. සල්ලි කියන දේ කොච්චර තිබ්බත් මදිනේ. “
” පින් සිද්ධ වෙනවා මාත්තයා.. “
එසේ පැවසූ වඩිවේල් යළි යන්නට හැරුණේය.
” ආ.. වඩිවේල්.. !”
” මාත්තයා..?”
” වඩිවේල් ගෙදර ගිහිල්ලාද ආවේ ? නැත්තන් මේ එන ගමන්මද ? “
” මේ එන ගමන් මාත්තයා. “
” ආ.. දැන් එහෙනං ගෙදර යන්නෙපා. වැස්සෙත් අඩුවක් නෑනේ. “
” ඔව්. මාත්තයා මං දැන් මේ පිම්ම මේම්මම ඉඳලා උදේට ගෙදර යනවා. අපේ කෙල්ල ගෙදර ගියාද දන්නෑ මාත්තයා ?”
” ආ.. අදීරා හවස තුනට හතරට විතර ගෙදර ගියා වඩිවේල්. “
වඩිවේල්ගේ පැනයට මයන්ටත් ප්‍රථමව පිළිතුරු බැන්ඳේ ඇමැන්ඩ්‍රාය .
” ආ.. අද කෑම හැදුවේ වඩිවේල්ගේ දුවද ?”
මයන් කිසිත් නොදන්නා ආකාරයට වඩිවේල් දෙසත් , ඇමැන්ඩ්‍රා දෙසත් බලා ඇසුවේය .
” ආ.. ඔව් නේ.. කොහොමද ඒ කෑම එක නං මාර රහයි නේ ?”
ඇමැන්ඩ්‍රාගේ හරස් පදය තේරුණු මයන් දෑස සිහින් කොට ඈ දෙස බැලූ අතර වඩිවේල් මඳ සිනහවක් නඟා ඔවුන්ට සමු දී යන්නට ගියේය.


