කාර්යාලයක වැඩ කරන ඔබ මේ දේවල් ගැන දන්නවද?

අද තරඟකාරී කාර්යාලීය පරිසරයන් තුළ  ඔබේ කුසලතා සහ සුදුසුකම් මත ඔබට යා හැකි දුර තීරණය වුවත් ඒ සඳහා ඔබේ හැසිරීම සහ වෘත්තීයභාවයද තරමක් දුරට බලපානවා. කාර්යාල ආචාර ධර්ම යනු ආචාරශීලී වීම පමණක්ම නොවේ.එය අන් අය කෙරෙහි ඔබේ ගෞරවය, ඔබේ වැඩ ආචාර ධර්ම සහ ඔබේ සමස්ත ආකල්ප ආකාර ද පිළිබිඹු කරනවා. ඔබේ කුඩා වැරදි පවා අය තුළ ඔබ පිළිබඳව  නිෂේධාත්මක හැඟීමක් ඇති කළ හැකි අතර එය කාර්යාලීය පරිසරය තුළ ඔබේ වර්ධනයට බලපෑම් එල්ල කරනවා . ඔබ ඔබේ රැකියාව ගැන සැබවින්ම සැලකිලිමත් වනවා නම් ඔබ වළක්වා ගත යුතු කාර්යාල ආචාර ධර්ම වැරදි කිහිපයක් පිළිබඳවයි අද අපි ඔබට කියන්නේ.

නිරන්තරයෙන් ප්‍රමාද වීම

නියමිත වේලාවට වැඩ කිරීම යනු වෘත්තීයභාවය පෙන්වීමට ඇති සරලම සහ බලවත්ම ක්‍රමවලින් එකකි. රැකියාවට හෝ රැස්වීම්වලට ප්‍රමාද වී පැමිණීම ඔන අන් අයගේ කාලයට ගරු නොකිරීමක් ලෙස පෙන්නුම් කරනවා. ඒ වගේම එමඟින් ඔබ ඔබේ වගකීම් ගැන බැරෑරුම් ලෙස නොසිතන බවට අය තුළ හැඟීමක් ද ඇති කළ හැකියි. ඔබ කෙතරම් කාර්යක්ෂම සහ දක්ෂ වුවද, නැවත නැවත ප්‍රමාද වීම කාර්යාලීය පරිසරය තුළ ඔබේ විශ්වසනීයත්වයට හානි කළ හැකි අතර නියමිත වේලාවට පැමිණීම හෝ නියමිත වේලාවට මිනිත්තු කිහිපයකට කලින් පැමිණ සිටීම පුරුද්දක් කර ගන්න.

දුර්වල සන්නිවේදන කුසලතා

සන්නිවේදනය යනු ඕනෑම සේවා ස්ථානයක පැවතිය යුතු බලවත්ම ආයුධ වලින් එකක් ලෙස සලකන්නට පුළුවන්. රළු ලෙස කතා කිරීම, අන් අයට බාධා කිරීම හෝ සවන් දීමට අපොහොසත් වීම වරදවා වටහාගැනීම් සහ අන් අය තුළ ඔබ පිළිබඳව ආතතියක් ඇති කළ හැකියි. එම නිසා සෑම විටම ඔබේ කාර්යාලීය සගයන් සමඟ පෞද්ගලිකව, විද්‍යුත් තැපෑල මගින් , පණිවිඩ හරහා හෝ පැහැදිලිව, ගෞරවනීයව සහ වෘත්තීයමය වශයෙන් සන්නිවේදනය කිරීමට වගබලා ගන්න.

ඕපාදූප කීම සහ සෘණාත්මක බව පතුරුවා හැරීම

කාර්යාලීය පරිසරයක් තුළ අන් අයගේ ඕපාදූප හානිකර නොවන බවක් පෙනෙන්නට තිබුණත්, ඒවා ඉක්මනින් විශ්වාසය හා සබඳතාවලට හානි කරනවා.කෙනෙකු නොමැති තැන ඔහු හෝ ඇයගේ පෞද්ගලිකත්වයට හානි වන පරිදි කතා කිරීම හෝ කටකතා පතුරුවා හැරීම විෂ සහිත කාර්යාලීය පරිසරයක් නිර්මාණය කරනවා. ඔබ එවැනි දේවල් වලට සහය දක්වනවා නම් එය ඔබේ චරිතයද දුර්වල ලෙස පිළිබිඹු කරනවා. අන් අය ඔබට ගරු කිරීමට අවශ්‍ය නම්, එවැනි තත්ත්වයන්ගෙන් ඈත් වී ඔබේ වැඩ සහ ධනාත්මක කාර්යාලීය පරිසරයක් කෙරෙහි අවධානය යොමු කරන්න.

පුද්ගලික සනීපාරක්ෂාව නොසලකා හැරීම

කාර්යාලයක් සහ වැඩ පරිසරයක් තුළ ඔබේ පෙනුම සහ සනීපාරක්ෂාව ඔබ සිතනවාට වඩා වැදගත් වනවා. තද ගන්ධයන්, අපිරිසිදු ඇඳුම් හෝ දුර්වල ලෙස හැඩගැන්වීම ඔබේ කාර්යාලීය සගයන් අපහසුතාවයට පත් කළ හැකි අතර අනෙක් අය ඔබව දකින ආකාරයටද එය බලපෑම් එල්ල කරනවා. කාර්යාලයක් තුළ ඔබ ඕනෑවට වඩා විලාසිතා අනුගමනය නොකළ යුතු නමුත් පිරිසිදුව සහ පිළිවෙලට සිටීම මගින් ඔබට සහ ඔබ වටා සිටින අය කෙරෙහි ඔබ තුළ ඇති ගෞරවය පෙන්වනවා.

දුරකථන සහ සමාජ මාධ්‍ය අධික ලෙස භාවිතා කිරීම

කාර්යාලීය රැස්වීම් හෝ වැඩ කරන වේලාවන් තුළ නිරන්තරයෙන් දුරකථනය පරීක්ෂා කිරීමෙන් ඔබේ අවධානය වෙනතකට යොමු කර ඔබේ වෘත්තීය භාවය දුර්වල බව පෙන්නුම් කිරීමට හැකියාව තියෙනවා. එමගින් ඔබේ කාර්යාල සගයන් සහ ඉහළ නිලධාරීන් ඔබ පිළිබඳව කලකිරීමට පත් වීමට ඉඩ ඇති අතර කාර්යාලීය වේලාව තුළ පුද්ගලික කටයුතු සඳහා දුරකථන භාවිතය සීමා කිරීමට සහ වැඩ කරන වේලාවන් තුළ අවධානයෙන් සිටීමට උත්සාහ කරන්න.

සීමාවන්ට ගරු නොකිරීම

සෑම සේවා ස්ථානයකම පුද්ගලික සහ වෘත්තීය සීමාවන් පවතිනවා. ඉල්ලීමකින් තොරව අන් අයට අයත් භාණ්ඩ ගැනීම, වැඩ කරන අතරතුර අන් අයට බාධා කිරීම හෝ පුද්ගලික තොරතුරු අධික ලෙස බෙදා ගැනීම ඔබේ කාර්යාලීය සගයන්ව අපහසුතාවයට පත්විය හැකියි. අන් අයගේ අවකාශය, කාලය සහ පෞද්ගලිකත්වයට ගරු කිරීම සෞඛ්‍ය සම්පන්න වැඩ සබඳතා ගොඩනඟා ගැනීමට උපකාරී වන එබැවින් සෑම විටම අන් අයගේ සීමාවන් වලට ගරු කිරීමට උත්සාහ කරන්න

වගකීමෙන් වැළකී සිටීම

වැරදි සිදු වීම සාමාන්‍ය පුද්ගලයෙකුගේ ස්වභාවය වන අතර වගකීම් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හෝ අන් අයට දොස් පැවරීම කාර්යාලීය පරිසරයක් තුළ ඔබේ කීර්ති නාමයට බරපතල ලෙස හානි කළ හැකිය. ඔබේ අතින් සිදුවන අතපසුවීම් වලට සහ වැරදි වලට ​​ඔබ වගකීම සහ ඒවා නිවැරදි කිරීමට කැමැත්තක් පෙන්වීම ඔබේ පරිණතභාවය සහ අඛණ්ඩතාව පෙන්නුම් කරන අතර  සේවායෝජකයින් සෑම විටම අගය කරන්නේ පරිපූර්ණත්වයට වඩා වග වීම බව ඔබ මතක තබා ගත යුතුයි.

සැමට අගෞරව කිරීම 

සමහර පුද්ගලයන් උසස් නිලධාරීන් වටා පමණක් වෘත්තිමය වශයෙන් හැසිරෙන අතර   සගයන්ට සහ සහායක කාර්ය මණ්ඩලයට දුර්වල ලෙස සැලකීම සිදුකරනවා . නමුත් සැබෑ වෘත්තීයභාවය යනු අන් අයගේ වෘත්තීය භාවය සහ තනතුරු කෙසේ වුවත් සියලු දෙනාටම සමාන ගෞරවයෙන් සැලකීමයි.

රැස්වීම්වලට බාධා කිරීම හෝ නිසි ලෙස සූදානම් නොවීම

රැස්වීම් යනු කාලය, අවධානය සහ වටිනා අදහස් බෙදා ගන්නා වෘත්තිමය අවකාශයකි. ඒ සඳහා සූදානම් නොවී පැමිණීම, අන් අයට බාධා කිරීම හෝ අවධානය යොමු නොකිරීම අන් අයගේ කාලය නාස්ති කිරීම සහ අන් අයගේ වෘත්තීයභාවයට අගෞරව කිරීමක් ලෙස සැලකිය හැකි නිසා සැමවිටම කාර්යාලීය රැස්වීම් සඳහා වෘත්තිමය වශයෙන් සූදානම්ව පැමිණීම, ක්‍රියාශීලීව සවන් සවන් දීම සහ කල්පනාකාරීව දායක වීම සිදුකළ යුතුයි.

නිරන්තරයෙන් පැමිණිලි කිරීම

කාර්යාලීය පරිසරයක් තුළදී සැලකිලිමත් විය යුතු කරුණු මතු කිරීම කළ යුතු වුවත් යම් කාරණා සඳහා විසඳුම් ලබා නොදී නිරන්තරයෙන් පැමිණිලි කිරීම ඍණාත්මක වාතාවරණයක් නිර්මාණය කළ හැකිය. එය ඔබට මෙන්ම ඔබ වටා සිටින ඔබේ සගයන් හටද වැඩ කිරීමට අපහසු බවක් ද ඇති කරනවා.එම නිසා ගැටලුව කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වෙනුවට පරිණත මානසිකත්වයකින් යුතුව ගැටළු වෙත ප්‍රවේශ වීමට උත්සාහ කරන්න.

කාර්යාල පරිසරයක් තුළදී දැඩි නීති වලට අවනත වීම නොකළ යුතු වුවත් යම් ආචාරශීලි බවක් ඔබ විසින් පවත්වාගෙන යාම කළ යුතු වෙනවා. එය ඔබ තුළ ඇති දැනුවත්භාවය, ගෞරවය සහ වෘත්තීයභාවය පිළිබිඹු කරන අතර ඔබ රැකියාවේදී හැසිරෙන ආකාරය ඔබේ කීර්තිය, සබඳතා සහ වර්ධනය සඳහා අවස්ථා සලසා දෙනවා . ඉහත සඳහන් කළ පොදු වැරදි වළක්වා ගැනීමෙන්, ඔබ ඔබේ රැකියාව ආරක්ෂා කර ගන්නවා පමණක් නොව, ඔබට සහ අන් අයට ධනාත්මක සහ ඵලදායී කාර්යාලීය පරිසරයක් ද නිර්මාණය කරනවා.

Related Articles

Don't Miss


Latest Articles