අංගාර – 75

0
258

 චායා චරකගේ දැඩි ස්පර්ශයට සහ වාග් ප්‍රහාරයට බිය නොවී ඔහු  හා ගැටුණාය.  චරකට නතු නොවී ඔහුටද පහර දුන්නේය. විහඟිට අසලට හෝ නෑවිදින් සිටින මෙන් චරක කෑ ගසා කීවේය.

” අම්මාට මේක ඇහිලා, අම්මා ඇවිල්ලා ඇහුවොත් එහෙම මොකක්ද කරන්නේ  චායා.. දෙයියනෙ කියලා හෙමින් මේක විසඳගන්න අනේ.. දෙන්නම ..”

විහඟි යහනේ හිඳගෙන දෙදෙනා දෙසට හැරී එලෙසින් කීවාය.  චරක චායාව පසෙකට තල්ලු කල හැරියේ ඇගේ බාහුවට ද රිදෙන පහරක් ගසමිනි.  චායාද චරකට රිදෙන්නට පපුවටම පහරක් ගැසුවාය.

 චරක උන්නේ කෝපය දරාගන්නට නොහැකිවය. චායා සීමාව ඉක්මවා යන්නේ සියල්ල නොසලකා හරිමින් බව ඔහුටද වැටහේ. ඇය කිසිවක් නිසා පාලනය නොවන බව පෙන්වන්නීය. 

විහඟි සිටින නිසා, චායා හා උස් හඬින් කියවා ගැනීම නුසුදුසු බවද ඔහුට වැටහෙයි. එහෙත්, චායා එවැන්නක් සඳහා සූදානම් නැත. 

” අයියේ… මට ඇත්ත කියනවා.. දෙයියන්නේ නාමෙට මට ඇත්ත කියනවා අයියේ.. ඔයා මොකක්ද ඒ අහිංසකයාට කලේ … මොකක්ද කලේ …..”

චායා යළි චරක වෙත විත් ඔහුගේ කමිස කොලරයේම එල්ලුනාය. ඕ උන්නේ හඬමිනි. චරකට ඇය පසෙකට කරගන්නට නොහැකිව ගල් ගැසී උන්නේය. විහඟි උන්නෙ දෙදෙනා අසලට නොඑමිනි.

” අයියේ .. අනේ මං සස්මිතට ආදරෙයි අයියේ.. ඒ මගේ පණ අයියේ .. එයා අසරණ වෙලා උන්න කාලේ, එයාගේ නොදැනුවත්කමට , එයාගේ පවුලට එයා ආදරේ කල නිසා වෙච්ච වැරදි වලට එයා දඬුවම් වින්දේ අයියේ … ඒක මම දන්නවා.. ඒක මට විශ්වාසයි ..එයා මට හැමදේම කිව්වා…. ඇයි එයා මාව දාලා ගියේ කියලා එයා කිව්වා…. මට එයාව දෙන්න අයියේ…”

චරක චායාගේ දෑතින් අල්ලා ඕ පසෙකට කලේය. එහෙත් දෑත් අත් හැරියේ නැත. 

” තමුසේ කියන්නේ, අපි හැමෝගෙම ඇස් වලට වැලි ගහලා කැම්පස් කාලේ ඉඳන්ම  ඌ එක්ක යාලු වෙලා උන්නා කියලාද ?..අම්මයි, තාත්තයි තමුසේව එච්චරට විශ්වාස කර කාලෙත් තමුසේ කලේ ඒ දෙන්නාව රැවැට්ටුව එක කියලාද ?”

චරක සංවේදී නිලයන් ඇල්ලීම ඇරඹුවේය. චායා හිස පසෙකට ඇල කර, යමක් පහදන්නට වචන ගැලපුවාය. ඕ උන්නේ අඬමිනි. 

” ආහ් .. ඒකද කියන්නේ?..”

” අයියේ .. සස්මිත පොඩි පවුලක, ලොකු හිතක් තිබ්බ කොල්ලෙක් අයියේ … එයා මට ආදරේ කලා…”

චරක චායාගේ දෑත රිදෙන්නට අතැර දැමුවේය. චායා චරකව අල්ලා ගන්නට උත්සාහ කරද්දී. ඔහු එවැන්නකට ඉඩ නොදී පසෙකට වූයේය

“: යනවා.. ගිහින් අම්මට ඔය ට්ක කියනවා… “

” අයියේ .. මට එහෙම කරන්නෙපා අයියේ..”

” මං මොකවත් කරන්නේ නැ.. තමුසේ කැමති දෙයක් කරගන්නවා චායා.. ගිහින් අම්මට කියනවා, කැම්පස් යනවා කියලා ගිහින් තමුසේ මඟුල් නැටුවා කියලා.. ඌ එකපාරම තමුසේව දාලා ගියාම, තමුසේ තමුසෙගෙන්ම පලිගන්න අවුරුදු දොළහක් තිස්සේ කලේ මොකක්ද කියලත් කියනවා.. ඒ විතරක් නෙවෙයි, අවුරුදු ගානකින් ඌ ආවහම තමුසේ ආයෙම කිසි ගානක් නැතුව ඌ එක්ක පැටලිලා ඉන්නේ කියලත් කියනවා.. චරකගේ ඩ්‍රයිවර් එක්ක උගේ නංගි පැටලිලා කියන කතන්දරේ අයියාට කොච්චරක් කිව්වත්, තමුසේ ලෝකෙටම ඇහෙන්න තමුසේගේ ආදරේ ගැන කියනවා කියලා කියනවා…”

” අනේ අයියේ …”

විහඟිගේ හඬ එතරමින් උස්ව නැඟුණේ නැති වුවත්, චරක ඇය දෙස හැරී බැලුවාය. චායාව ගණනකට හෝ නොගෙන ගොස් විහඟි අසලින් හිඳගත්තාය.

” මගේ මැණික නාඬා ඉන්නකෝ ..ඔහොම අඬන්නෙපා …”

චායා චරක අසලට විත්, ඔහුගේ දෙපා අල්ලාගෙන බිම හිඳගත්තාය.

” මටත් සස්මිත කියන්නේ මැණික කියලා අයියේ..ඔයා විහඟිට ආදරේ කරනවාට වඩා එයා මට ආදරේ කරනවා… එතකොට ඔයා හිතන්නකෝ අයියේ. එයා මට කොච්චරක් ආදරේ ඇතිද කියලා.. අනේ මට එක පාරක් බලන්න දෙන්න අයියේ . ඔයා මට එයාව පෙන්නනකෝ ….”

” මොන කරුමයක්ද බං මේ .. මං දන්න සස්මිතයෙක් නෑ බං .. ඌ නිවාඩු දාලා ගියේ..”

” එහෙනම් ඇයි එයාගේ ෆෝන් වැඩ නැත්තේ ?.. ඇයි එයා මට කතා නොකරන්නේ ?..”

‘ මං කොහොමද යකෝ ඒක දන්නේ ?..  මොන මඟුලක්ද ඔලුව කන්න හදන්නේ?.. මං විහඟිට ආදරේ නෑ .. හරි .. ඒක නංගි, තමුසේ හිතන ඕනි කාරණාවක් නෙවෙයිනේ … නේ?..”

” අනේ අයියේ …අ යියේ …”

” ගිහිල්ලා වැඩක් බලාගන්නවා ඔයි .මොන විකාරයක්ද මේ.. කරන්න තියෙන ඔක්කොම මඟුල් කරලා කරලා, ඌ පැත්ත ගැහුවම මගේ ඔලුව කන්න හදන එක මොන විකාරයක්ද ?..

චායා එක්වරම නැගිට්ටාය. චරක සහ විහඟි දෙදෙනාම දෙස බැලුවාය. 

” හරි … ඔය දෙන්නා එහෙනම් එක පැත්තේ නේ.. මගේ කොල්ලාව මට දෙන්නේ නෑනේ?..   මම හොයාගන්නම් …මම හොයාගන්නම්.. හැබැයි, ආයේ කවදාවත්, මාව හොයාගෙන එන්නෙපා…එන්නෙපා…. චායා මැරිලා ඔය දෙන්නාටම …”

චායා දඹරැඟිල්ල පා දෙදෙනාටම පවසා අනෙක් පස හැරුණාය. දොර විවෘත කරගෙන මහ හඬින් දොර වසා දැම්මාය. 

” අනේ අයියේ …”

චරක විහඟිව තම ලයට ගත්තේය. ඇගේ හිස පිරිමැද්දේය.  හිස් මුදුන ඉම්බේය. 

” බයවෙන්නෙපා… නාඬා ඉන්න..”

” චායා මොකක් හරි කරගනීවි අයියේ .. එයා ඉන්නේ හිත රිදෝගෙන .. තනියක් හදාගෙන ….”

” එහෙම මුකුත් වෙන්නේ නෑ විහඟි ..”

” ඒ වුනාට ..”

” එහෙම මුකුත් වෙන්නේ නෑ කියලා මම කියනවානේ විහඟි .. එතකොට ආයේ ඔයා ඒ ගැන හිතන්නවත්, අහන්නවත් ඕනි නැහැ.. ඔයා දැන් පරෙස්සමෙන්ම ඉන්නෝනා විහඟි … “

විහඟි නිහඬ වූවාය. චරකට තම හඬ උස් වූ බව වැටහුණේය.

” ලෑස්ති වෙන්න ..අපි එලියට ගිහින් මොනවා හරි කාලා එමුද ?..”

ඔහු පහත් හඬින් විමසුවේය.  විහඟි හිස සලා එය අනවශ්‍ය බව අඟවනු ඔහුට දැනුණි. 

” අයියේ … සස්මිතව මරන්න නම් එපා අයියේ …”

චරක එයට කිසිත් නොපවසා උන්නේය.

” චායා වෙන අතක් බලාගන්නේ නෑ අයියේ .. එයා අවුරුදු දොලහක් සස්මිත එනකල් බලන් උන්නේ… අවුරුදු දොළහක් අයියේ .. එයාට පිස්සු හැදේවි …”

චරක විහඟිගේ හිස් මුදුන ඉම්බේය. ඉන් පසුව, හිස මත නිකටින් බර නොසිටින සේ හිස තමා ගත්තේය.

” මං කොහොමද මැණිකේ.. එහෙම මිනිහෙක්ට මගේ නංගිව දෙන්නේ ?..”

චරකගේ හඬ බිඳී ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here