තරඟකාරී සහ කාර්යබහුල ලෝකයේ බොහෝ දෙනෙකුට තමන් පිළිබඳව සිතන්නට කාල වේලාවක් නැති තරම්. රැකියාව, පවුලේ වගකීම්, පුද්ගලික ඉලක්ක සහ සමාජ කැපවීම් සමග අපගේ දවසේ වැඩි කාලයක් ගත කරන නිසා අප ගැන සැලකිලිමත් වීම බොහෝ විට අඩු ප්‍රමුඛතාවයක් බවට පත් වෙනවා. ස්වයං රැකවරණය සඳහා අමතර කාලයක් හෝ මුදල් වැය නොවන නමුත් දෛනික අවශ්‍යතාවයක් වන එයට කාල වේලාව සොයා ගැනීමට බොහෝ දෙනෙකුට හැකී වන්නෙ නැහැ.
ස්වයං රැකවරණය යනු ඔබේ ජීවිතය මන්දගාමී කිරීමක් නොවම අතර එය ඔබේ මානසික, චිත්තවේගීය සහ ශාරීරික යහපැවැත්ම ආරක්ෂා කරන සරල ක්‍රියාමාර්ගයයි.එය වඩාත්ම අවශ්‍ය වන්නේ කාර්යබහුල පුද්ගලයන්ට බැවින් ඒ සඳහා ඔබට සරලව කළ හැකි පියවරයන් කිහිපයක් ගැන කියන්න අපි හිතුවා.
ඔබේ උදෑසන සෙමින් ආරම්භ කරන්න
සාමකාමී උදෑසනක් ඔබේ සම්පූර්ණ දිනය සඳහා ඉතා විශාල ශක්තියක් ඔබට සපයනවා.නමුත් ඒ සඳහා ඔබට දිගු චර්යාවක් අත්‍යවශ්‍ය වන්නේ නැහැ. මිනිත්තු පහක සන්සුන් ක්‍රියාකාරකමක් , ජලය පානය කිරීම, ගැඹුරින් හුස්ම ගැනීම, ධනාත්මක ලිපියක් කියවීම හෝ නිශ්ශබ්දව වාඩි වී සිටීම එවැනි සරල පියවරවල් ඔබේ මනසේ ඇති ආතතිය අඩු කිරීමට උපකාරී වනවා.
ඔබ ඔබේ දවස කඩිමුඩියේ සහ කාංසාවෙන් ආරම්භ කරන විට, ඔබේ මනස දවස පුරාම ඉතා කලබලකාරීම පවතිනවා. නමුත් ඔබ ඔබේ දවස සන්සුන්ව ආරම්භ කරන විට, අභියෝගවලට මුහුණ දීම වඩාත් සංවිධානාත්මක සහ විශ්වාසයෙන් යුතුව කළ හැකි බව ඔබට දැනෙන්නට පටන් ගන්නවා.
දවස පුරා කෙටි විවේකයන් ගන්න
සෑම මිනිත්තු 60-90 කට වරක් කෙටි විවේකය ගැනීම බලවත් හා ඵලදායී වනවා.ඒ සඳහා
ඔබ වාඩිවී සිටින පුටුවෙන් විනාඩි කිහිපයකට නැගී සිටීම,
ඔබේ උරහිස් දිගු කිරීම
නැවුම් වාතය ලබා ගැනීම
තත්පර 10 ක් ඔබේ ඇස් වසා ගැනීම
ඔබට කළ හැකියි. මෙම කුඩා විරාමයන් ඔබේ අවධානය වැඩි කිරීම, ආතතිය අඩු කිරීම සහ ඔබේ ශක්තිය නැවුම් කිරීම සිදු කරනවා.
ඔබේ ශක්තිය ආරක්ෂා කර ගන්න
බොහෝ අය කාර්යබහුල නමුත් ඵලදායී වන්නේ නැහැ. ඔවුන් චිත්තවේගීය වශයෙන් වෙහෙසට පත්ව සිටින නිසා ඔවුන්ගේ අතිශය කලබලකාරී සහ කාර්ය බහුල වනවා.නමුත් වඩාත් වැදගත් වන්නේ ඔබේ ශක්තිය සහ මනස ආරක්ෂා කර ගැනීමයි.ඒ සඳහා,
ආතති සහගත සංවාද
ඍණාත්මක පුද්ගලයින්
අනවශ්‍ය තර්ක
වලින් මිදී සිටීම වැදගත් වන අතර,
සහයෝගීතාවය දක්වන මිතුරන් සහ කාර්යාල සගයන්
සාමකාමී පුරුදු
කාර්යයන් සංවිධානාත්මකව සහ අර්ථවත්ව ඉටු කිරීම
ඔබට කළ හැකියි.
චිත්තවේගීය සීමාවන් නිර්මාණය කරන්න
සමහර විට ඔබට කෙනෙකුට දිය හැකි හොඳම පිළිතුර “නැහැ” යැයි පැවසීමයි. කාර්යබහුල පුද්ගලයින් ඕනෑවට වඩා කැපවී සිටින අතර ඔවුන් සෑම සෑම කාර්යයක්ම ඔවුන්ගේ කොට පිළිගැනීම,සෑම පණිවිඩයකටම පිළිතුරු දීම සහ ඔවුන්ගේ නොවන වගකීම් ඉටු කිරීම සිදුකරනවා.
“මට මෙය කළ නොහැකියි”
“මට මෙය භාර ගත නොහැකියි “
“මට විවේකයක් අවශ්‍යයි,”
“අද නොවේ,”
වැනි දේවල් පැවසීමෙන් කිසිසේත්ම ඔබට හානියක් සිදුවන්නේ නැහැ.ඔබට අනවශ්‍ය වගකීම් සහ කාර්යයන් පටවන පුද්ගලයන් පවා ඔබේ සීමාවන් දැන ගැනීම සහ ඒවාට ගරු කිරීම සිදුකිරීම ආරම්භ කරනවා.
සෑම දිනකම ඔබ වෙනුවෙන් එක දෙයක් කරන්න
ස්වයං රැකවරණය සරල හා කුඩා විය හැකියි.නමුත් ,
දිනකට පොතක පිටු කිහිපයක් කියවීම
ඔබේ ප්‍රියතම ගීතයට සවන් දීම
තේ කෝප්පයක් භුක්ති විඳීම
කෙටි ඇවිදීමකට යාම
වැනි කුඩා ක්‍රියාකාරකමක් මගින් ඔබේ මනස ඉතා පහසුවෙන් සැහැල්ලුවට පත් කර ගත හැකියි.අනෙක් අතට එවැනි ක්‍රියාකාරකම් මගින් ඔබේ ගිලිහී ගිය ශක්තිය නැවත ඔබ වෙතට ආරෝපණය කර ගැනීමටද ඔබට හැකියාව ලැබෙනවා.
දුරකථන නොමැති කලාපයක් සකස් කරගන්න
තාක්ෂණය මගින් අප එකිනෙකාව සම්බන්ධ කරන නමුත් තවත් පසෙකින් අපව බිඳ දැමීම ද සිදු කරනවා.ඒ නිසා දවසේ කුඩා වේලාවක් ඇතුළත හෝ ඔබේ දුරකථනයෙන් මිදී කාලය ගත කිරීමට උත්සාහ කරන්න.
කෑම ගන්නා අතරතුර
නින්දට පෙර
උදෑසන කාලය තුළ
මෙය මානසික පැහැදිලිකම වැඩි කරන අතර ඔබේ මනසේ පවතින ආතතිය අඩු කරනවා. සමහර විට වඩාත්ම සුවදායක දෙය වන්නේ නිශ්ශබ්දතාවයයි.
පරිපූර්ණත්වය නොව ප්‍රගතිය පුහුණු වන්න
බොහෝ අය සෑම දෙයක්ම පරිපූර්ණ ලෙස කිරීමට උත්සාහ කරමින් අනවශ්‍ය පීඩනයක් දරනවා.නමුත් ස්වයං රැකවරණයේ ඉලක්කය පරිපූර්ණත්වය නොව සමබරතාවයයි.
සංකීර්ණ ආහාර පිසීම වෙනුවට සරල ආහාර
සම්පූර්ණ ගෙදර වැඩ වෙනුවට මිනිත්තු 10 ක පිරිසිදු කිරීමක්
ව්‍යායාමයක් නොමැතිකම වෙනුවට කෙටි ව්‍යායාමයක්
ඔබ ඔබේ ජීවිතය තුළ සෑම විටම පරිපූර්ණත්වය පවත්වාගෙන යා යුතු නැහැ. වැදගත් වන්නේ සමබරතාවයෙන් යුතුව ජීවිතය ගත කිරීමයි.
කලින් සැලසුම් කර සංවිධානාත්මකව සිටින්න
මිනිත්තු කිහිපයක් සැලසුම් කිරීම පැය ගණනක් ආතතිය ඉතිරි කරනවා. නිදා ගැනීමට පෙර, එළඹෙන දවස සඳහා ඔබ කළ යුතු කාර්යයන් ලියා තබන්න. සැලසුම් කිරීම ව්‍යාකූලත්වය අඩු කරන අතර කාර්යක්ෂමතාව වැඩි කරනවා.එළඹෙන දිනයේදී ඔබට සැලසුම් කිරීමට ගතවන කාලය ඉතිරි වී අතිශය කාර්යක්ෂම දිනයක් සහ ඵලදායී දිනයක් ගත කිරීමට හැකි වෙනවා.
සාමකාමී රාත්‍රී චර්යාවක් ගොඩනඟා ගන්න
හොඳ නින්ද යනු ස්වයං රැකවරණයේ ප්‍රබල සාධකයකි. නින්දට යාමට පෙර,
තිර කාලය අඩු කිරීම
ආලෝකය නිවා දැමීම
සෙමින් හුස්ම ගැනීම
ඔබේ මනස ලිහිල් කිරීම
සිදු කරන්න.
රාත්‍රී චර්යාවන් ඔබේ මනස නැවත සකස් කර ගැනීමට සහ ඔබේ ශරීරයට ගැඹුරින් විවේක ගැනීමට ඉඩ සලසනවා.
ඔබට අවශ්‍ය විට උදව් ඉල්ලන්න
ශක්තිමත් පුද්ගලයින් තනිවම අරගල කරන අය නොවන අතර සමහරදුෂ්කරතා සහ නොහැකියාවන් බෙදා ගැනීම නිර්භීතම තේරීමයි. කාර්යයන් පැවරීම හෝ සහාය ඉල්ලා සිටීම දුර්වලකමක් නොවේ. එයින් අදහස් වන්නේ ඔබ ඔබේ සීමාවන් තේරුම් ගෙන ඔබේ සාමය අගය කරන බවයි.
ජීවිතය පහසු වූ විට ස්වයං රැකවරණය ආරම්භ වන්නේ නැහැ. එය ආරම්භ වන්නේ ඔබ ඔබේ සෞඛ්‍යය, ඔබේ ශක්තිය සහ ඔබේ සතුට අගය කිරීමට තීරණය කළ විටය. ඔබ ගැන සැලකිලිමත් වීමට ඔබට අමතර කාලයක් අවශ්‍ය නොවන අතර ඔබට අවශ්‍ය වන්නේ නිවැරදි පුරුදු පමණි.










