උත්සව මේසයට ඩෙවල් වර්ග තුනක්.
දැල්ලෝ ඩෙවල්
අවශ්‍ය දේවල්:
- දැල්ලෝ 500g
- බී ළූණු
- මාළුමිරිස්
- අමුමිරිස්
- තක්කාලි
- සුදු ළූණු
- කරපිංචා
- ගම්මිරිස් කුඩු
- කෑලි මිරිස්
- සීනි තේ හැදි 2ක්
- ලුණු
- සෝස් වර්ගයකින් මේස හැදි 4ක්
- තෙල් ටිකක්
සාදාගන්නා ආකාරය:
- දැල්ලන් සෝදා ගන්න.
- එයට ලුණු, ගම්මිරිස් ටිකක් දමා තම්බන්න.
- බීළූණු, මාළුමිරිස්, අමුමිරිස් ද කුඩාවට කපන්න.
- සුදු ළූණු චොප් කරගන්න.
- භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා එය රත් වූ පසු සුදු ළූණු එක් කර දැල්ලෝ දමා ටික වේලාවක් බැදෙන්නට හරින්න.
- කරපිංචා, අමුමිරිස්, මාළුමිරිස් එකතු කර හොඳින් කලවම් කරන්න.
- මඳ වෙලාවකට පසු ගම්මිරිස්, කෑලි මිරිස් එක් කර කලවම් කරන්න.
- ඉන්පසු සීනි අවශ්‍ය පමණ, ලුණු සහ සෝස් එක් කර කලවම් කරන්න.
- කුඩාවට කැපූ බීළූණු සහ තක්කාලි එකතු කරන්න.
කජු ඩෙවල්
අවශ්‍ය දේවල්:
- සෝස් සහ සෝයා සෝස්
- සීනි
- කෑලි මිරිස්
- ගම්මිරිස් කුඩු
- ලුණු
- අවශ්‍ය පමණ තෙල්
- කජු මද
- බී ළූණු
- මාලු මිරිස් සහ බෙල් පෙපර්
- තක්කාලි
- ළූණු කොළ
- චොප් කරගත් ඉඟුරු සහ සුදුළූණු
සාදා ගන්නා ආකාරය:
- භාජනය ලිප තබා එයට තෙල් දමා ගෙන රත් කර ගන්න.
- තෙල් හොඳින් රත් වූ විට කජු එක් කර බැද ගන්න.
- තෙල් බේරිමට පසෙකින් තබා ගන්න.
- වෙනත් භාජනයක් ලිප තබා තෙල් දමාගෙන ඉඟුරු සහ සුදු ළූණු බැද ගන්න.
- බී ළූණු, බෙල් එපර්, ළූණු කොළ ද එක් කර තෙම්පරාදු කරන්න.
- සෝස් සහ සීනි, ගම්මිරිස් කුඩු එක් කර සීනි දියවන තුරු කලවම් කරන්න.
- කජු එකතු කරන්න.
- ලුණු ද එකතු කරන්න.
- වියළි මිරිස් එකතු කර ලිපෙන් බාගන්න.
මාළු ඩෙවල්
- තලපත් මාළු 500g
- ලොකු ළූණු
- තක්කාලි
- මාළු මිරිස්
- අමුමිරිස්
- කෑලි මිරිස්
- ගම්මිරිස් කුඩු
- දෙහි ගෙඩියක්
- චොප් කරගත් ඉඟුරු සහ සුදු ළූණු
- ලුණු
- කරපිංචා
- තක්කාලි සෝස්
- සීනි
- තෙල්
- වතුර
සාදාගන්නා ආකාරය:
- සෝදා පිරිසිදු කරගත් මාළු කැබලි වලට කපා ගන්න.
- එයට දෙහියුෂ, ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර මඳ වෙලාවක් තබා ගන්න.
- භාජනයකට තෙල් දමා රත් කර මාළු බැද ගන්න.
- තවත් භාජනයක් ලිප තබා තෙල් එක් කර සුදු ළූණු සහ ඉඟුරු බැද ගන්න.
- කර පිංචා , බී ළූණු මාළු මිරිස් ද එකතු කරන්න.
- කැලි මිරිස්, සෝස් සහ මාළු එයට එකතු කරන්න.
- සීනි ද එකතු කරන්න.
- ලිපෙන් ඉවත් කරන්න පෙර තක්කාලි එකතු කරන්න.