අලුත් අවුරුදු තේ මේසයට කිරිබත් වර්ග තුනක්

හැමදාම හදන කිරිබත් සහ ඉඹුල් කිරිබත් වෙනුවට අලුත් අවුරුදු තේ මේසයට වෙනස් රස ඇති අපූරු කිරිබත් වර්ග තුනක් හදන්න කියා දෙන්න අපි හිතුවා.

කිරිබත් රෝල්, කිරිබත් කේක් සහ වෙනස් රසයේ ඉඹුල් කිරිබතට ඔබ කිරිබත හදා ගන්න ඕනෑ එකම ආකාරයකට. මුලින්ම ඒ රෙසිපි එක දැන ගනිමු.

අවශ්‍ය දේවල්.

  • සුදු කැකුළු හාල් කප් 2
  • වතුර කෝප්ප 4
  • මිටි කිරි කෝප්ප 4
  • ලුණු අවශ්‍ය පමණට

හදා ගන්නේ මෙහෙමයි.

  • සහල් වතුර දමා තැම්බෙන්න තබන්න.
  • ඊටපසු මිටිකිරි එකතු කරන්න.
  • ලිපේ ගින්දර අඩු කර ගන්න
  • හොඳින් හැඳි ගාන අතර ලුණු එකතු කරන්න.
  • මඳ ගින්නේ හොඳින් හැදි ගාන්න.
  • හැන්දට බත් ඇලෙන ප්‍රමාණයට බත බෙරි වූ පසු ලිප නිවා ගන්න.

කිරිබත් රෝල් හදන්නේ මෙහෙමයි.

  • කිරිබත නිවෙන්නට පෙර තැටියක ලන්ච් ශීට් එකක් අතුරා හෝ කෙසෙල් කොළයකට දමා සෘජුකෝණාස්‍ර හැඩයක් සහිතව අඟලක උසක් එන ලෙස තුනී කරන්න.
  • එය මැදට සීනි සම්බල්, කට්ට සම්බල්, ඇඹුල් තියල් කුඩාවට කඩා පේස්‍ට් එකක් ලෙස දමා ගන්න.
  • දෙපසින් අඟලක් පමණ ඉඩ තියා මිශ්‍රණය තවරා ගන්න.
  • කෙසෙල් කොළය හෝ ලන්ච් ෂීට් එක එහෙමම ඔතා ගන්න.
  • එය හොඳින් සවි වූ පසු පෙති ලෙස කපා ගන්න.

ඉඹුල් කිරිබත් වෙනස් රසයකට හදාගන්නේ මෙහෙමයි.

  • ඉඹුල් කිරිබත පුවක් කොළයකට දමා සැකසීම සාමාන්‍ය ක්‍රමයයි. එහෙම නැතිනම් කෙසෙල් කොළයක් හෝ ලන්ච් ශීට් එකක් ගන්නත් පුලුවන්.
  • එයට කිරිබත් ටිකක් දමා මැදට සීනි සම්බල් හෝ කට්ට සම්බල් මේස හැදි දෙකක් පමණ දමා ගන්න.
  • ඉන්පසු ටොෆියක් ඔතන ආකාරයට රෝල් කර ගන්න.
  • ලන්ච් ෂීට් එක ඉවත් කර ගන්න.

කිරිබත් කේක් මේ විදියට හදමු.

  • කේක් තැටියක් හෝ බෝල් එකක් අරගෙන ලන්ච් ෂීට් එකකින් කවර් කරගන්න.
  • එයට කිරිබත් පුරවා තද කරන්න.
  • වෙනත් ට්‍රේ එකක් ගෙන කිරිබත් ට්‍රේ එක හෝ බෝල් එක කෝම්පිට්ටුවක් සේ තට්ටු දමා වෙන් කර ගන්න.
  • තට්ටු කිහිපයකට සකසා ගන්නත් පුලුවන් .
  • ළූනු, තක්කාලි මල් කපා කරපිංචා ඉත්තක් තබා සරසා ගන්න.
  • අයිසින් කරන ආකාරයට ලුණුමිරිස් හෝ සීනි සම්බල් වලින් බෝඩර් එකක් ඇඳගන්නත් පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles