කාන්තා ඔබේ සුන්දරත්වය වැඩිකරන අලුත්ම ශල්වාර් විලාසිතා.

ශල්වාර් කියන්නේ ඉන්දියානු ආභාෂයක් තියෙන විලාසිතාවක් උනාට අද ලෝකයේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන විලාසිතාවක් වෙලා. ආගම් ජාති භේදයකින් තොරව බොහෝ දෙනෙක් උත්සව අවස්ථාවලට වගේම විශේෂ අවස්ථා වලටත් ශල්වාර් අඳින්න ප්‍රිය කරනවා. ලඟ ලඟ එන උත්සව සමයේ දී ශල්වාර් එකක් මිලදී ගන්න හිතාගෙන ඉන්න ඔබ අලුත්ම ශල්වාර් විලාසිතා ගැන දැනගෙන හිටියොත් ගොඩක් ලේසි වෙයි නේද ?

Anarkali Dress

ශල්වාර් අඳින අය අතර අතර වඩාත් ජනප්‍රිය අනර්කලී ශල්වාර් හැමදාමත් විලාසිතා රැල්ලේ ඉස්සරහම තිබුනා. විශේෂයෙන්ම ඉන්දියානු නිළියන් අතර ඉතා ජනප්‍රිය මේ වර්ගය ඔවුන් අනුගමනය කරන අය අතරත් ඉතාම ජනප්‍රියයි. ඕනෑම හැඩයක සිරුරක් වඩාත් හැඩ ගන්වා පෙන්නන්න මේ ශල්වාර් වර්ගයට පුලුවන්. ගවුමක හැඩය ඇති මේ ශල්වාර් වර්ගයත් එක්ක වඩාත් කැපීපෙනෙන වර්ණයකින් යුක්ත ශෝල් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා.

Palazzo Shalwar

දවසම උනත් ඇඳගෙන ඉන්න පහසු මේ වර්ගය ඔබට වඩාත් දැකුම්කළු පෙනුමක් දෙනවා. අද වන විට මසා නිම කළ මේ වර්ගයේ ශල්වාර් ඔන්ලයින් හරහා පහසුවෙන් ඔබට මිලදී ගන්න පුළුවන්. විවිධ රෙදි වර්ග , ප්‍රින්ට්ස් සහ වර්ණ වලින් එන මේවා සමඟ සම්ප්‍රදායික ඉන්දීය ආභරණ කට්ටලයක් එක් වූ විට හොඳ පෙනුමක් ගෙන දෙනවා .

Paplum Kameez

සරලව කිව්වොත් ඉන අසලින් රැලි කරපු කොට ෆ්ලෙයාර්ඩ් ටොප් එකක් තමයි paplum Kameez කියන්නෙ. හැඩැති සිරුරක් තියෙන ඔබට මේ වර්ගයේ ෂල්වාර් , කලිසම් වර්ග කිහිපයකටම අඳින්න පුළුවන්. දෝති, පලාසෝ, straight pant, shararas වැනි කලිසම් වර්ග සමඟ පහසුවෙන් ගළපන්න පුළුවන්. බ්ලොක් ප්‍රින්ට් කරපු සිල්ක්, බනාරසී, කාන්ජිවාරම් වැනි රෙද්දෙන් කරන ලද paplum kameez එකකින් ඔබට පිරිසක් මැද උනත් විශේෂයෙන් කැපිලා පේන්න පුළුවන්.

Indu Western Shalwar

අලුත්ම විලාසිතා හඹායන smart ඔබට වඩාත්ම ගැළපෙන වර්ගයක් තමයි මේ. ඉන්දීය සහ බටහිර සම්මිශ්‍රණයක් සහිත මේ ෂල්වාර් වර්ගය ඔබට ඉතාම ආකර්ෂණීය පෙනුමක් ලබා දෙන්න සමත් වෙනවා .

අද වන විට
draped shalwar suit ( ඔතන ලද පෙනුමක් සහිත ශල්වාර්)

Asymmetrical shalwar suit (අසමමිතික පෙනුමක් සහිත ශල්වාර්)

pleated indo western shalwar ( රැලි සහිත ඉන්දු වෙස්ටර් ශල්වාර්)

වලට ඉහළ ඉල්ලුමක් තියෙනවා. සරලව කිව්වොත් බටහිර පෙනුමක් සහිත ඇඳුමකට අතින් මසන ලද එම්බ්‍රොයිඩර් හෝ පබලු වැඩ මගින් ඉන්දියානු ආභාෂයක් ලබා දීම තමයි මෙහිදී වෙලා තියෙන්නෙ. බොලිවුඩ් නිළියන් අතර ඉතා ජනප්‍රිය මේ වර්ගයේ ෂල්වාර් ඕනෑම උත්සව අවස්තාවකට ගැලපෙනවා.

Jacket Style Shalwar

මේ ස්ටයිල් එකෙන් ඔබට එකම ශල්වාර් එකට වෙනස් පෙනුමක් දෙන්න පුලුවන්. ශෝල් එක පලඳින්න අකමැති ඔබට හෝ වෙනස් පෙනුමකට කැමති ඔබට ශල්වාර් එකට උඩින් ජැකට් එකක් ඇඳලා ඔබ කැමතිම පෙනුම ගන්න පුලුවන්. වඩාත් දිග ජැකට් සහ කොට ජැකට් යන වර්ග දෙකම මේකට ගැලපෙනනවා. දිග ජැකට් එකක් ගත්තොත් අනර්කලී ශල්වාර්, පලාසෝ සූට් සහ ඉන්දු වෙස්ටර්න් ශල්වාර් යන වර්ග තුනටම ගලපන්න පුලුවන්. තනි වර්ණ ජැකට් වගේම එම්බ්‍රොයිඩර් ජැකට් වර්ගත් වෙළඳ පොලේ තියනවා. එකම වර්ණයේ ශල්වාර් එකකට වෙනම හැඩයක් හා ලස්සනක් දෙන්න ජැකට් එකකට පුලුවන්.

Sharara Suits

අලුතින්ම කරලියට එකතු උනත් ශල්වාර් අතර රජ කරන විලාසිතාවක් ගැන තමයි මේ කියන්නේ. මේ වර්ගයේ විශේෂත්වය තමයි flaired pant එක. මල් මුද්‍රිත රෙද්දෙන් හෝ තනි වර්ණයෙන් මේවා මිලදී ගන්න පුලුවන්. නෙට්, ඕර්ගැන්සා, සිල්ක් වගේ රෙදි වලින් මහපු මේ වර්ගයේ ශල්වාර් සම්ප්‍රදායික පකස්තානු පෙනුමක් තිබුනත් ඕනෑම උත්සව අවස්තාවකට ගැලපෙනවා

කරාබු ගලපන්නේ කොහොමද?

ශල්වාර් අඳින ඔබ සතුව ඉන්දීය ආභරණ කට්ටලයක් තියෙන්නම ඕනි. හොඳින් වැඩ දැමූ විශාල ආභරණ බය නැතුව ශල්වාර් වලට දාන්න පුලුවන්. මාල, වළලු, කරාඹු, පා සලඹ, nose stud වගේම හිසට දාන ආභරණත් ඉන්දියානු කට්ටල වල තියනවා. මේ කතා කරන්නේ සම්ප්‍රදායික ඉන්දීය පෙනුම දෙන කරාඹු වර්ග ගැනයි.

Traditional Jhumkas

ශල්වාර් අඳිද්දි හැඩකාර jhumkas වලින් හොඳ පෙනුමක් දෙනවා. රන් ,රිදී, වර්ණවත් ගල් ඇල්ලු, පබලු ඇල්ලු jhumka ඔබේ ඇඳුමේ වර්ණයටම ගලපාගන්න පුලුවන්.

Elegant Chandbalis

ඔබේ අනර්කලී ශල්වාර් එකට වඩාත් ගැළපෙන තරම් වර්ගය තමයි මේක. අඩ හඳ වගේ පෙනුමක් තියෙන මේ වර්ගයේ පහලට එල්ලෙන පුංචි පබලු වලින් සම්ප්‍රදායික පෙනුම වැඩි දියුණු කරලා පෙන්වනවා. පබළු හෝ වර්ණවත් ගල් ඇල්ලූ chandbalis කරාබු දෙකක් සරලව වැඩ දැමූ ශල්වාර් එක්ක ගලපන්න පුළුවන්.ඔබ නිතර ඔන්ලයින් මිලදී ගන්න කෙනෙක් නම් ඔබට කැමති වර්ණ ඔන්ලයින් හරහා ගන්න පුළුවන් .

Dazzling Teardrops

පුන්චි කඳුලු බින්දුවක් වගේ හැඩයක් තියන මේ කරාඹු වර්ගය ඕනෑම ශල්වාර් එකකට ගැලපෙනවා විශේෂයෙන්ම ඉන්දු වෙස්ටර්න් ෂල්වා‍ර් වලට නම් වඩාත් ගැලපෙන වර්ගය තමයි මේ. රන්, රිදී ගෝ ගල් ඇල්ලූ මේ කරාඹු වර්ගය ඕනෑම උත්සව අවස්ථාවකට ගැලපෙනවා.

පුංචි රහසක්

ඔබ ලස්සන ශල්වාර් එකක් තෝරා ගත්තා වගේම ඒකට ගැලපෙන සම්ප්‍රදායික ඉන්දීය ආභරණ වගේම ලස්සන අත් බෑග් එකකුත් තෝරා ගන්නත් අමතක කරන්නේ නෑ නේද ? හැමදාම අරන් යන අත් බෑග් වර්ගය වෙනස් කරන්න කැමති ස්මාට් ඔබට තමයි මේ විස්තරය. වෙළෙඳ පොළේ තියෙනවා handmade clutches. ඉතා සියුම් නිමාවක් සහිත මේ බෑග් හදන්නේ ඒ සඳහාම පලපුරුදු ශිල්පීන් ඒ බෑග් එකට අල්ලලා තියන හැම පුන්චි ගලක්ම ඔවුන්ගේ අතින් හැඩවැඩ දාලයි ඔබට එවන්නේ. ඉතාමත් අලංකාර මේ මේ බෑග් වර්ගය බරෙන් වගේම මිලෙනුත් පොඩ්ඩක් වැඩියි. ඒත් කල්පැවැත්ම සහ සුලබ තේරීමක් නොවන නිසා ස්මාර්ට් ඔබට නම් වඩාත් ගැලපෙනවා. වරක් මේ hand made clutches බලන්න ගියොත් ඔබත් මේ වර්ගයට කැමති වේවි.

Related Articles

Don't Miss


Latest Articles