නූඩ්ල්ස් එකිනෙකට වෙනස් රසයෙන් සාදා ගන්නේ මෙහෙමයි.

කෑම වර්ගයක් එකිනෙකට වෙනස් රසයෙන් සාදා ගන්නට හැකි නම් රසයේ වෙනසක් වගේම හැමදාම සුපුරුදු ඒකාකාරී රසයෙනුත් මිදීමේ හැකියාව අප සතු වෙනවා.ඉතින් රසටම රසට නූඩ්ල්ස් හදාගත හැකි ක්‍රම දෙකක් ගැනයි මේ.

සේවරි නූඩ්ල්ස්

අවශ්‍ය දේවල්

  • බටර් ග්‍රෑම් 75ක්
  • පිටි ග්‍රෑම් 175ක්
  • අයිස් වතුර
  • නූඩ්ල්ස් පැකට් එකක්
  • astra පොඩි packet එකක්
  • මාළු හෝ ඉස්සන් හෝ චිකන් ග්‍රෑම් 250
  • බෝංචි ග්‍රෑම් 100
  • කැරට් ග්‍රෑම් 100 ක්
  • රම්පෙ කරපිංචා
  • තක්කාලි ගෙඩියක්
  • ලුණු ,ගම්මිරිස් ,මිරිස් කුඩු තේ හැන්ද බැගින්
  • තක්කාලි සෝස් මේස හැඳි දෙකක්
  • සෝයා සෝස් මේස හැඳි දෙකක්
  • ග්‍රේට් කරගත් චීස් ටිකක්
  • අඹරාගත් ඉඟුරු සුදුලූනු තේ හැන්දක්
  • බී ළූණු ගෙඩියක්

හදන්නේ මෙහෙමයි

  • නූඩ්ල්ස් තම්බා ගන්න.
  • එය වතුර පෙරා ලුණු තේ හැඳි භාගයක් පමණ දමා බටර් මේස හැන්දක් ද දමා හොඳින් මිශ්‍ර කරගන්න.
  • මාගරින්,පාන් පිටි ,ලුණු තේ හැඳි කාලක් පමණ දමා බිත්තර කහ මදේ ද එක්කර අයිස් වතුර ස්වල්පය බැගින් දමමින් මිශ්‍ර කරන්න.
  • මෙය හොඳින් අනා ගත් පසු පිටි මිශ්‍රණය විනාඩි දහයක් පහළොවක් පමණ වේලාවක් පසෙකින් තබන්න.
  • බටර් මේස හැඳි දෙක තුනක් එකට තබා,පොඩි කරගත් මාළු හෝ මස්,එළවළු ලුණු ඇතුළු සියල්ල එකට දමා තෙම්පරාදු කරගන්න.
  • මෙය කලින් බටර් ගා සකසා ගත් තැටියකට පිටි අනා සකසාගත් මිශ්‍රණය අතුරා එයට උඩින් නූඩ්ල්ස් අතුරා ගන්න.ග්‍රේට් කරගත් චීස් ඉසගන්න.සෝස් ද වත්කරන්න.
  • සෙල්සියස් අංශක 180ක විනාඩි 20ක් පුලුස්සා ගන්න.

වෙනස් රසයකින් එග් නූඩ්ල්ස්

අවශ්‍ය දේවල්

  • නූඩ්ල්ස් ග්‍රෑම් 500 ක්
  • ගී ග්‍රෑම් 50ක්
  • බිත්තර 3
  • ලොකු ළූණු ග්‍රෑම් 50
  • කරඳ මුංගු සහ කරාබු නැටි කිහිපයක්
  • කුරුඳු පොත්තක්
  • අවශ්‍ය පමණට ලුණු
  • වියළි මිරිස් කරල් කිහිපයක්
  • අඹරාගත් සුදු ලූනු සහ ඉඟුරු තේ හැන්ද බැගින්
  • රම්පෙ කරපිංචා සහ සේර
  • කජු ග්‍රෑම් 50ක්
  • වියලි මිදි ග්‍රෑම් 50ක්
  • ස්ටොක් වතුර කෝප්ප අටක්

සාදාගන්නේ මෙහෙමයි

  • ස්ටොක් වතුර දමා නූඩ්ල්ස් හොඳින් තම්බා ගන්න.අනවශ්‍ය වතුර පෙරා ඉවත් කරන්න
  • ළූණු සිහින්ව ලියා ගී එකතු කර රන්වන් පැහැ වන තෙක් බැද ගන්න.පසුව එයට රම්පේ ,කරපිංචා ,සේර ,කුරුඳු වියළි මිදි කජු එකතු කර බදින්න.දැන් මේවා සමග නූඩ්ල්ස් මිශ්‍ර කරන්න.බිත්තර වෙනම බදුනකට දමා එයට තෙල් දමා බැද නූඩ්ල්ස් එකට එකතු කරන්න.දැන් උණු උණුවෙන් මේසෙට යවන්න.තක්කාලි පෙති කිහිපයක් කපාගෙන එය සරසා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles